Sinhala

UBION සහ KOICA එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වයි

මෙම සුවිශේෂී වැඩමුළුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. සමන්ති සේනානායක මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අධ්‍යක්‍ෂ දිමුතු චන්ද්‍රසිරි මහත්මිය ඇතුළු පිරිසක් සහ KOICA, TVEC, DTET, NYSC, NAITA, VTA, UCR, OCUSL, DOMP, ILO, NIE සහ UBION වෙතින් අනෙකුත් ගෞරවනීය නියෝජිතයින් රාශියක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එල්. ලලිතධීර මහතා උත්සවය විවෘත කරමින්, පිළිගැනීමේ කතාවක් පැවැත්වූ අතර ඔහු සිය දේශනය අතරතුර දී මෙම වැඩසටහන මඟින් සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන අරමුණු සහ එමඟින් රට පුරා ඇති කිරීමට බලාපොරොත්තු වන පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව අවධාරණය කළේය. මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළහොත් වෘත්තීය මාර්ගෝපදේශන භාවිතයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බවත්, මෙම වැඩසටහන මඟින් ලැබෙන වටිනා අවස්ථා සහ නිපුණතා සංවර්ධනය තුළින් දැනට පවතින වෘත්තීය මාර්ගෝපදේශන සේවා වඩාත් වැඩිදියුණු කළ හැකි බවත් ඔහු පැවසීය.

KOICA ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කිම් යොන් වන් මහතා ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කළේය. සිය දේශනය අතරතුර ඔහු සඳහන් කළේ දැනටමත් වැදගත් සන්ධිස්ථාන කිහිපයකට මෙම ව්‍යාපෘතිය ළඟා වී ඇති බවයි. එමෙන්ම 2025 වර්ෂයේදී ව්‍යාපෘතිය ඇගැයීමේ ක්‍රියාවලියකට භාජනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. ඉන් පසු UBION හි ව්‍යාපෘති කළමනාකරු  ඉන්  සීක් යූ මහතා පසුගිය වසර එකහමාරක කාලය තුළ ලබා ඇති අත්දැකීම් , දැනුම සහ ප්‍රගතිය අවධාරණය කළේය. රජය විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති සමඟ සියලු ව්‍යාපෘති පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට සහ පෙළගැස්වීමට මෙම වැඩමුළුව මඟින් අවස්ථාව සැලසෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජේ. ඒ.ඩී.ජේ. ජයලත් මහතා, ජාත්‍යන්තර රැකියා හා සංවර්ධන ආයතනයේ සභාපති ආචාර්ය චෝ ජැන් යෝන් සහ සූක්මියුන් කාන්තා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය  ලී යංග් මින් මහතා යන අය විසින් රැස්ව සිටි පිරිස උදෙසා හරවත්    සිඳු   ඉදිරිපත් කිරීම් කරන ලදී. ආචාර්ය ජයලත් මහතා විසින් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර රට පුරා වෘත්තීය මාර්ගෝපදේශනය, වෘත්තීය පුහුණුව සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති උපාය මාර්ගික මුලපිරීම් ගෙනහැර දක්වමින් ඔහු වැඩසටහනේ ප්‍රධාන කොටස් සහ අරමුණු ඉස්මතු කළේය. කුසලතා සහිත සහ  සාර්ථකව රැකියා කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනයේ ඇති වැදගත්කම ඔහු අවධාරණය කළේය.  එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ වෘත්තීය අවස්ථා දියුණු කිරීම සඳහා TVEC හි ඇති නොසැලෙන කැපවීම පිළිබඳවද ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

ඉන් අනතුරුව, ආචාර්ය චෝ ජියොන් යූන්, කොරියාවේ වත්මන් වෘත්තීය උපදේශන ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබා දෙමින්, ඒවායේ බලපෑම සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද සහභාගි වූවන් දැනුවත් කළේය. මීට අමතරව, මහාචාර්ය ලී යන්ග් මින්, ශ්‍රම බලකායේ ගතිකත්වය සහ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත්, කොරියානු රැකියා ප්‍රතිපත්තිවල වටිනාකම, විවිධ උපාය මාර්ග සහ නියාමනයන් පිළිබඳව විස්තර කළේය.

අනතුරුව එම්. සමන්ති සේනානායක මහත්මිය ව්‍යාපෘතිය සඳහා උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වූ අතර ඇය ව්‍යාපෘතියට ලබා දී ඇති කාලසීමාව සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් ඉස්මතු කරමින් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකි වන පරිදි ක්‍රියාවලිය විධිමත් කිරීමට යෝජනා කළාය. එමෙන්ම ඇය කම්කරු, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය සහ ඵලදායී, තිරසාර උපාය මාර්ග සඳහා එහි වන වටිනාකම අවධාරණය කළාය. මෙලෙස යෝජනා කරන ලඳ ප්‍රවේශයේ පරමාර්ථය වන්නේ නියමිත කාල රාමුව තුළ සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම සහ සාර්ථකත්වය සහතික කිරීමයි.

උත්සවයේ අවසාන කොටසේ දී සහභාගීවූවන්  සමඟ සංවාදයක් ආරම්භ කළ අතර, ඔවුන්ට දේශකයා සමඟ ඍජුව සම්බන්ධ වී තම ගැටළු නිරාකරණය කර ගැනීමට  වටිනා අවස්ථාවක් සලසා දුන්නේය. මෙම අන්තර්ක්‍රියාකාරී සැසියේදී සහභාගිවූවන්ට  විවිධ මාතෘකා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ ලබා දෙන ලදී.

KOICA, UBION, සහ TVEC ආයතන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සහ වෘත්තීය නිපුණතා දියුණු කිරීම සඳහා කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. මෙවැනි වැඩසටහන් මඟින් පෙන්නුම් කරයි. අඛණ්ඩ උත්සාහය සහ සහයෝගීතා ව්‍යාපෘති හරහා මෙම ආයතන ගෝලීය රැකියා වෙළඳපොලේ ඉල්ලීම් සපුරාලීමට හැකි ඉහළ නිපුණතා සහිත ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමට උත්සාහ කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *