
තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන්, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළේය. ජපාන රජයේ ආධාරයෙන්, අවදානමට ලක්වූ ප්‍රජාවන් සහ සංක්‍රමණිකයන් හට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තැනැත්තන් වෙළෙඳාමේ අන්තරාදායක තත්වයන් ඉස්මතු කරන අතර තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ සැක සහිත සිද්ධීන් අදාල අංශවලට වාර්තා කිරීම දිරිමත් කරයි. බලහත්කාර ශ්‍රමය සඳහා තැනැත්තන් වෙළෙඳාමේ යෙදීම, ලිංගික සූරාකෑම, ළමා ශ්‍රමය සහ සයිබර් වංචා සිද්ධීන්වලදී බලහත්කාර අපරාධ ඇතුළු විවිධ අවස්ථාවන් හා සම්බන්ධ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වන අතර තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවය ද අවධාරණය කිරීමට මෙමගින් උත්සාහ දරයි.
මෙලෙස බහු මාධ්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන ප්‍රචාරණ ව්‍යාපාරය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ප්‍රමුඛ කොට ගත් මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන අතර, මෙය තැනැත්තන් වෙළෙඳාමට හසුවී මිදුණු අයගේ සැබෑ ජීවිත අත්දැකීම් වලින් පෝෂණය වූ කථාවලින් සමන්විත වේ. මෙම ප්‍රචාරක ව්‍යාපාරය සංක්‍රමණික සේවකයින් අවදියෙන් සිටිය යුතු සහ ඔවුන් අනුගමනය කළ යුතු විවිධ අවදානම් පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වන ඇති අතර, පුළුල් ලෙස සමාජගත වීම සඳහා ඉලක්කගත දිස්ත්‍රික්කවල දැන්වීම් පුවරු හරහා මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කෙරේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මෙන්ම NAHTTF හි සභාපති ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ පිළිබඳ අදහස් දැක්වීමේදී, “ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය ලෙස, අපි සියලු පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ගරුත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර, මෙම මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සාමූහික වගකීම අවධාරණය කරයි. මෙම කර්තව්‍යයේදී අප අරමුණ වනුයේ දැනුවත්භාවය වැඩි කිරීමෙන් සහ විවිධ අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම තුළින් සූරාකෑමට අවකාශයක් නොමැති, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන සහ තැනැත්තන් වෙළෙඳාමට හසුවී මිදුණු අයට ලැබිය යුතු සහයෝගය ලැබෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි” යනුවෙන් සඳහන් කළේය.
මෙම මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය නරඹන්නන් සහ ශ්‍රාවකයින් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ක්ෂණික ඇමතුම් අංකයට යොමු කරනු ඇති අතර එහිදී ඔවුන්ට තැනැත්තන් වෙළෙඳාම හා සම්බන්ධ සිද්ධීන් වාර්තා කිරීමට හෝ ඒ සඳහා සහාය ලබා ගැනීමට හැකියාවක් තිබේ. මෙය තැනැත්තන් වෙළෙඳාම නිරීක්ෂණය කිරීම සහ සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට (2021-2025) අනුකූලව තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව රටේ ප්‍රතිචාරය ශක්තිමත් කිරීමේ පුළුල් උත්සාහයක කොටසකි.
“තැනැත්තන් වෙළෙඳාම දරුණු අපරාධයක් ලෙස පවතින අතර, මෙම ගැටලුව ඵලදායී ලෙස විසඳීම සඳහා දැනුවත්භාවය ඉතා වැදගත් වේ. මාධ්‍යයේ බලය උපයෝගී කර ගනිමින්, මහජනතාව දැනුවත් කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයින් තැනැත්තන් වෙළෙඳාමේ පෙර සලකුණු සහ ඔවුන්ට ලබා ගත හැකි උපකාරය පිළිබඳව දැනුවත් කිරීම අපගේ අරමුණයි. මෙම මාධ්‍ය ව්‍යාපාරය තැනැත්තන් වෙළෙඳාම විසින් නිහඬ කර ඇති අයවළුන් සඳහා වන බලාපොරොත්තුවේ අරුණැල්ලකි. එය අප සැමට ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා කරනු ලබන කැඳවීමකි – එනම් එකට නැගී සිටීම, අපගේ හඬ අවදි කිරීම සහ ගොදුරු වී මිදුණු සෑම අයෙකුටම ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සවන් දීම, සහාය දීම සහ බලගැන්වීම සහතික කිරීම සඳහා වන කැඳවීමකි. ජීවිත බේරා ගැනීම සහ සංක්‍රමණික පුද්ගලයින් ආරක්ෂා කිරීම යන IOM හි උපායමාර්ගික අරමුණට අනුකූලව කටයුතු කරමින් සූරාකෑමට ඉඩක් නොමැති සහ මානව ගෞරවය රැකෙන අනාගතයක් එකට අත්වැල් බැඳගනිමින් අපට නිර්මාණය කළ හැකිය,” යනුවෙන් සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය පැවසුවාය.
”ජපානය තම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ප්‍රධාන කුළුණු වලින් එකක් ලෙස, මානව ආරක්ෂාව පිළිබඳ සංකල්පය පිළිගෙන ඇති අතර, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සමීපව කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ, බලහත්කාර ශ්‍රමය වැළැක්වීම, සංක්‍රමණික සේවකයින්ට සහාය වීම, වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම මෙන්ම තැනැත්තන් වෙළෙඳාමට ගොදුරු වූවන් බේරා ගැනීම සහ ඔවුන් සමාජයට ප්‍රතිසංකලනය කිරීම සඳහා ජපානය IOM ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. තැනැත්තන් වෙළෙඳාම ඵලදායී ලෙස වැළැක්වීම සඳහා, සමස්ත සමාජ ප්‍රවේශයක් අනුගමනය කිරීම සහ ඉලක්කගත සම්බන්ධතා සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර හරහා සමාජය තුළ ඇති අවදානම් අවම කිරීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපෘතිය යටතේ මෙම ජාතික මාධ්‍ය ව්‍යාපාරය ඉතා වැදගත් වන අතර එය අපගේ ක්‍රියාකාරකම් අතර අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය. තැනැත්තන් වෙළෙඳාමට මුහුණ දීම සඳහා ලොව පුරා කරගෙනයන්නාවූ වැඩපිළිවෙල දිගින් දිගටම කරගෙනයාමට ජපානය ස්ථිරවම කැපවී සිටී”. ජපාන තානාපති ගරු ඉසෝමාටා අකියෝ මහතා සඳහන් කළේය.
IOM සහ NAHTTF ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දැනුවත්ව සිටින ලෙසත්, සැක සහිත තැනැත්තන් වෙළෙඳාමේ සිදුවීම් NAHTTF ක්ෂණික ඇමතුම් අංකයට වාර්තා කරන ලෙසත්ය: 0768 447 700
වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර සම්බන්ධ වන්න:
මිනෝලි ඩොන්, – ආරක්ෂණ ඒකකයේ ප්‍රධානී, IOM ශ්‍රී ලංකාව, 0094 777 409 409; විද්‍යුත් තැපෑල –
අසෙල් කුලරත්න – සන්නිවේදන නිලධාරී, IOM ශ්‍රී ලංකාව – [email protected]
IOM යනු එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ආයතනය වන අතර රාජ්‍ය, අන්තර් රාජ්‍ය සහ රාජ්‍ය නොවන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන සංක්‍රමණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අන්තර් රාජ්‍ය සංවිධානයකි. සංක්‍රමණ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණ ගැටළු සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට සහාය වීම සහ සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් ඇතුළු අවශ්‍යතා ඇති සංක්‍රමණිකයින්ට මානුෂීය ආධාර සැපයීම සඳහා IOM කටයුතු කරයි.
Recent Comments