බේබි ෂෙරමි හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය 27 වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025 හිදී අත්වැල් බැඳ ගනියි

Mic
By Mic
6 Min Read

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025හි දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පුද්ගලික සත්කාරක ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයින් සහ වෛද්‍ය සිසුන් මෙම සම්මේලනය වෙත එක්විය. ළදරු සත්කාරක ප්‍රමිතීන් පිළිබඳ සංවාදයේ ප්‍රධාන දායකයෙකු ලෙස බේබි ෂෙරමි කැපී පෙනුණු අතර, සෞඛ්‍යය වෘත්තිකයින් සමඟ සම්බන්ධ වීමට, තනි තනි වශයෙන් උපදේශනයන් ලබා දීමට, නවතම නවෝත්පාදන සහ නිෂ්පාදන වර්ධන ඉදිරිපත් කිරීමට, හා සමාජ වගකීම් සහිත ආයතනික පුරවැසියෙකු ලෙස  සන්නාමයේ ගමන්මග තියුණු කරන එහි  අරමුණ මූලික කරගත් අඛණ්ඩ කාර්යභාරය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගත්තේය. වෙළඳපල ප්‍රමුඛයෙකු ලෙස බේබි ෂෙරමි  උසස් තත්ත්වයේ, ආරක්‍ෂිත සහ සායනිකව පරීක්‍ෂා කරන ලද ළදරු සත්කාරක නිෂ්පාදන, ප්‍රමිතිමත් විය යුතු බව  දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කර ඇත. සම්මේලනය තුළ බේබි ෂෙරමි සන්නාමයේ නියෝජනය තුළින් මෙම විශ්වාසය තවදුරටත් තහවුරු කළ අතර, වෛද්‍ය වෘත්තිකයින් සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ආරක්‍ෂිත ලෝකයක් සඳහා වන සිය දැක්ම බෙදා ගැනීම එහි අරමුණු විය.

Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්‍ෂ ශියාන් ජයවීර මහතා, “සෑම දරුවෙකුම ජීවිතයේ ආරක්‍ෂිතම ආරම්භය ලැබීමට සුදුසු බව බේබි ෂෙරමි නිතරම විශ්වාස කළ දෙයක්. මෙම වාර්ෂික විද්‍යාත්මක සම්මේලනයේ දී, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ අපගේ සහයෝගීතාව තුළින් මෙම අරමුණ වෙනුවෙන්  බේබි ෂෙරමි සන්නාමයේ කැපවීම ශක්තිමත් කරනවා. වෙළඳපල ප්‍රමුඛයෙකු ලෙස, අප විසින්ම උසස්ම ප්‍රමිතීන් ඇති කර ගන්නවා. හුදෙක් ආරක්ෂිත  නිෂ්පාදන පමණක් නොව, අප කරන සෑම දෙයකම පිටුපස අරමුණක් ද තිබෙනවා. අපගේ දරුවන් සඳහා ආරක්‍ෂිත, වඩාත් දැනුවත් පරිසරයක් සඳහා වන අපගේ දැක්ම බෙදා ගැනීම සඳහා, මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ආයතන සමඟ සහයෝගීව සිටීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි වගකීමක් ඇති නවෝත්පාදන‍යේ ඉදිරියටත් නියැලෙන අතර සෑම ශ්‍රී ලාංකික දරුවෙකුගේම යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටිනවා.” යනුවෙන් මෙහි දී අදහස් දැක්වීය.

ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය සඳහා දැඩි ලෙස කැපවී සිටීම බේබි ෂෙරමි හි මූලික කේන්ද්‍රයයි. බේබි ෂෙරමි හි සියලුම නිෂ්පාදන දන්කොටුවේ Safety Institute ඔස්සේ පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් අනුගමනය කරමින් නිෂ්පාදනය කරයි. මෙම සෑම නිෂ්පාදනයක්ම සායනිකව තහවුරු කර ඇති අතර, සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පර්යේෂණ මගින් ළදරුවන්ට ආරක්ෂිත සහ මෘදු බවට තහවුරු කර තිබේ. බේබි ෂෙරමි මෙසේ ඉහළ ආරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සම්මේලනයේ දී  පැහැදිලි කෙරිණි.

ළදරු පුද්ගලික සත්කාර නිෂ්පාදන පරාසයට අමතරව බේබි ෂෙරමි විසින් සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පර්යේෂණ මගින් පරීක්ෂා කරන ලද හා සහතික කරන ලද සමට වඩාත් සුමුදු නව හා වැඩි දියුණු කළ බේබි ෂෙරමි ඩයපර්ස් නැවත හඳුන්වා දී ඇත. මෙම ඩයපර් සාම්ප්‍රදායික නැපි මෙන් මෘදු මෙන්ම ළදරුවන්ව දවස පුරා වියළිව, සුවපහසුව සහ සතුටින් තබා ගැනීමට වඩා හොඳ අවශෝෂණයක් ලබා දෙයි. ළදරුවෙකුගේ වර්ධනයේ සෑම අදියරකටම සහාය වීම සඳහා ගැලපෙන ලෙස පූර්ණ ඩයපර් නිෂ්පාදන පෙළක් බේබි ෂෙරමි විසින් නිර්මාණය කර තිබේ. මෙයට අලුත උපන් බිළිඳුන්ගේ ඩයපර් ඇතුළත් වන අතර, අලුත උපන් බිළිඳුන්ට ඔවුන්ගේ මුල් දිනවල මෘදු රැකවරණයක් ලබා දීම සඳහා පෙකණි වැල ප්‍රදේශයේ කුඩා වක්‍ර ඉඩක් සහිතව කපා ඩයපරය සකස්  කර ඇත. පහසුව, නම්‍යශීලී බව සහ දවස පුරා සුවපහසුව ඇති කරමින් වඩාත් ක්‍රියාශීලී, වැඩෙන ළදරුවන් සඳහා නිර්මාණය කර ඇති බේබි කලිසම් පිරිනමයි. තවද, බේබි ෂෙරමි  Liquid Soap යනු ළදරුවාගේ සමට දෙගුණයක් තෙතමනය ලබා දෙන සන්නාමයේ සබන් පවුලට එක්වන නවතම නිෂ්පාදනයයි. මෙම නව ආකර්ෂණීය  බුබුලු සහිත Liquid Soap වෙතින් කුඩා දරුවන්ට විනෝදජනක අත්දැකීමක් ගෙන එයි.

වසර 15 කට වැඩි කාලයක් තිස්සේ, බේබි ෂෙරමි සිය  “’දරු පැටියාට සුරක්ෂිත ලොවක්’  මුලපිරීම හරහා ශ්‍රී ලාංකික දරුවන්ට ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමට කැප වී සිටියි. ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයින්ගේ විද්‍යාලය සහ මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය වැනි රජයේ සහ වෛද්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින්, දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට සහාය වීම සඳහා මෙම සන්නාමය රට පුරා දැනුවත් කිරීමේ ව්‍යාපාර, අධ්‍යාපනික වැඩසටහන් සහ දෙමාපිය මාර්ගෝපදේශ පොත් බෙදා දීම ආදිය සිදු කර තිබේ. මීට අමතරව, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීම,  ගැබිනි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සමසහභාගී දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන්,  ඩිජිටල් මාධ්‍ය වේදිකා ඔස්සේ අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර වැඩසටහන් විශේෂඥවරුන්ගේ දායකත්වයෙන් දියත් කිරිම කැපී පෙනෙයි.  මෙවන් වැඩසටහන් ඔස්සේ  බේබි ෂෙරමි විසින් දරුවන් අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය දැනුමෙන් දෙමාපියන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින්  ළමා ආරක්ෂණය පිළිබඳව දැනුවත්භාවය සහතික කරන්නේ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි.

දශක හයකට වැඩි කාලයක් ළදරු පුද්ගලික සත්කාරක ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ සන්නාමයක් ලෙස බේබි ෂෙරමි,  පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික පවුල් වෙත සිය  සේවය සලසා දී තිබේ. මෘදු, ආරක්‍ෂිත සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ මෙම සන්නාමය මිලියන ගණනක මිනිසුන්ගේ ආදරය සහ විශ්වාසය දිනා ගනිමින් නවෝත්පාදනය සහ සන්නාම අරමුණ සමඟ  සන්නාමයේ ප්‍රමුඛත්වය අඛණ්ඩව පවත්වා ගෙන යයි.

Share This Article