
නෛතික සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දියත් කළ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරු මාලාවේ පළමුවැනි වැඩසටහන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) විසින් දියත් කරන ලදී.
බදුල්ල, ශ්‍රී ලංකාව, 2025 අගෝස්තු 02: නෛතික සහාය සහ නීතිය පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම උදෙසා සංවිධානය කරන ලද ‘Know Your Neethi’ වැඩසටහන අගෝස්තු 01සහ 02 යන දෙදින තුළ බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. දහසකට අධික ප්‍රජා සාමාජිකයන් පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන ප්‍රදේශ වාසීන් විශාල පිරිසකට අවශ්‍යය නෛතික සහයෝගය සහ දැනුම ලබා දෙමින් දින දෙකක් පුරා සාර්ථකව ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන යුරෝපා සංගමයේ අරමුදල් දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඒකාබද්ධව අධිකරණ අමාත්‍යාංශයේ සහය ද ඇතිව ක්‍රියාත්මක කරනු ලබන, යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ (JURE) තවත් එක් පියවරකි.
නෛතික දැනුම සහ යුක්තිය සඳහා පවතින අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව ගතික, ප්‍රජා කේන්ද්‍රීය වේදිකාවක් ලෙස මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. සැමට සමානාත්මතාවය යන තේමාව පෙරදැරි කරගනිමින් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයන්, සුළුතර ජන කණ්ඩායම් වැනි ආන්තීකරණයට සහ අවදානම්වලට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළු සාම්ප්‍රදායිකව අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සක්‍රීයව දායක කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන නිර්මාණය වි තිබුණි.

ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය, ඌව පළාත් ආණ්ඩුකාර ගරු ජේ.එම්. කපිල ජයසේකර මහතා, බදුල්ල නගරාධිපති ගරු නන්දන හපුගොඩ මහතා, ශ්‍රී ලංකාවේ UNDP හි නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෝලිත බණ්ඩාර විජේසේකර මහතා ආදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.“මෙම කඳවුර , නීතිය ශ්‍රී ලංකාවේ සැමදෙනා වෙනුවෙන්ම සේවය කරන බව සහතික කිරීම සඳහා අප දක්වන කැපවීම පිළිබඳ මනා සාක්ෂියක්. න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ද බදුල්ල ප්‍රදේශයේ ජනතාව වෙත නෛතික අධ්‍යාපනය සහ සේවාවන් පිරිනැමීමට ඇති බාධක සියල්ල ඉවත් කර අපගේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමට අපි මේ වන විට පියවර ගෙන තිබෙනවා ”
ප්‍රජාවන්ට සමීප සිංහල සහ දමිළ භාෂාවන් ඇසුරින් නිර්මාණය කරන ලද විවිධ ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩමුළුව වෙත සහභාගී වූ පිරිස වෙනුවෙන් සංවිධානය කර තිබින. නීති පද්ධතිය පිළිබඳ ජනතාව තුල පවතින දුරස්ථ බව බැහැර කරමින් අදාළ සේවාවන් සපයන ආයතන සමග සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබුණි. නීතිමය මූලධර්ම සහ ක්‍රියාවලීන් පැහැදිලි කරන ක්‍රියාකාරකම්; රාජ්‍ය පරිපාලන අමාත්‍යාඅංශය ඇතුලු විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් නීතිමය හිමිකම් සහ මහජන සහාය පිළිබඳ මග පෙන්වීමක් ලබා දෙන තොරතුරු කුටි, ඉඩම් පිළිබඳ ගැටලු, රැකියා අයිතිවාසිකම්, භාෂා අයිතිවාසිකම්, පවුල් නීතිය සහ සයිබර් අපරාධ වැනි සමාජයේ නිතර දක්නට ලැබෙන ගැටළු සම්බන්ධයෙන් නීති වෘත්තිකයන්ගේ නොමිලේ උපදේශනය ආදී සේවාවන් ඇතුලු ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටහනට ඇතුළත් විය. නීතිය පිළිබඳව නාට්‍ය සංදර්ශන මගින් දෛනික ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන නීතිමය ගැටලු පිළිබිඹු කරමින් ඒ ඔස්සේ සංකීර්ණ නීතිමය ගැටළු ජනතාවට පහසුවෙන් තේරුම්ගත හැකිවන පරිදි වැඩසටහන් පෙළගස්වා තිබින. තවද, නීතිමය ගැටලුවලට මුහුණ දීමෙන් ඇතිවන මානසික පීඩාවට පත් පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා මනෝ සමාජීය සහාය පවා මෙම වැඩසටහන් මගින් සංවිධානය කර තිබුණි.



‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර, ප්‍රජා ක්‍රියාකාරීන් සහ ආයතනික නියෝජිතයන් අතර මනා සංවාදයක් ගොඩනැංවීම සඳහා කදිම අවකාශයක් විය. ඒ හරහා අධිකරණ පද්ධතිය පිළිබඳ විනිවිදභාවයක්, විශ්වාසයක් සහ සහයෝගීතාවයක් ජනතාව තුළ ගොඩනැගීමට මෙම වැඩසටහන ඉවහල් විය. ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මෑතකදී JURE ව්‍යාපෘතිය මගින් දියත් කළ ‘Know Your Neethi’ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේම තවත් එක් දිගුවකී. සිංහල සහ දෙමළ භාෂාවෙන් නිර්මාණය කළ කෙටි චිත්‍රපට, විශේෂඥ සම්මුඛ සාකච්ඡා සහ පැහැදිලි කිරීමේ වීඩියෝ ආදීය ඔස්සේ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ‘Know Your Neethi’ හරහා සම්ප්‍රේෂණය කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම YouTube, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම ව්‍යාපෘති නාලිකාවේ නෛතික තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි අතර සරල,ආකර්ෂණීය අන්තර්ගතයන් ඔස්සේ ජනතාව වෙත නෛතික දැනුම ඉතා සරලව ඒ ඔස්සේ ඉදිරිපත් කෙරේ.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින තානාපතිනි ගරු කාමන් මොරේනෝ මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “ජනතාව බලගැන්වීම සඳහා තිබෙන පළමු පියවර වන්නේ නීති පිළිබඳ සාක්ෂරතාවය ගොඩනැගීමයි. අයුක්තියට අභියෝග කිරීමට සහ නීතිය සමානව, සාධාරණව සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමට මේ ඔස්සේ ජනතාව සන්නද්ධ කරනවා. රටේ පුරවැසියන්ගේ දැනුවත්භාවය පුළුල් වූ විට නීති පද්ධතිය ද වැඩිදියුණු වන අතර ඒ ඔස්සේ යුක්තිය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනවා.එමෙන්ම නව නීති සහ රෙගුලාසි සකස් කිරීම සඳහා සෑම අයෙකුටම මේ ඔස්සේ අර්ථවත් දායකයත්වයක් ලබාදිය හැකි අතර ඒ සඳහා සහභාගී වීමේ අයිතිය සෑබෑවක් බවට පත් කරයි.”
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ UNDP හි නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය මෙසේ සඳහන් කළාය. ” සියල්ල අන්තර්ගත තිරසාර සංවර්ධනයක් වෙත ළඟාවීම කෙරෙහි යුක්තිය සඳහා ප්‍රවේශය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුම නීතිමය වශයෙන් සවිබල ගන්වන සහ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපකාරී වන ‘Know Your Neethi’ වැඩසටහනේ හවුල්කාරී පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ UNDP අපි නිහතමානීව සතුටු වෙනවා. බදුල්ල ප්‍රදේශයේදී එක්රැස් කළ දැනුම සහ දියත් කල මෙවලම් දිවයින පුරා ව්‍යාප්ත කරමින් නීතී ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. “
‘Know Your Neethi’ නෛතික සහාය ලබාදීමේ සහ දැනුවත් කිරීමේ කඳවුර, නීතියේ ආධිපත්‍යය සවිමත් කරමින් යුක්තිය සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම වෙනුවෙන් JURE ව්‍යාපෘතිය විසින් සිදුකළ පුළුල් ප්‍රයත්නයක එක් පියවරක් වේ. යුක්තිය යනු එක් පිරිසකට පමණක් වෙන් වූ වරප්‍රසාදයක් නොව එය සෑමදෙනාගෙම අයිතියක් විය යුතු බව අවධාරණය කිරීම මෙහි අරමුණයි.
Recent Comments