
වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata රථ වාහන රැසක් සඳහා නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ.
මෙම හවුල්කාරිත්වය ඔස්සේ BoC විසින් DIMO ආයතනය බෙදාහරින Mercedes-Benz, Jeep සහ Tata රථ වාහන සඳහා සහනදායී ලීසිං පොළී අනුපාතයක් පිරිනමමින් පාරිභෝගික ජනතාව දිරිගන්වනු ලබයි. එමෙන්ම DIMO සමාගම Tata වෙළද රථ සඳහා විශේෂ දීමනාවන් රැසක් ලබා දීමට ද සැලසුම් කර ඇති අතර Tata Buses, Trucks, Prime Movers සහ Tata Super Ace සඳහා ආකර්ෂණීය වට්ටම් ද ලබාදේ . කුඩා පරිමාණයේ ව්‍යාපාර අතර වඩාත් ප්‍රචලිත ACE HT2 සහ XENON YODHA Pick-Up වාහන මාදිලි සඳහා අගෝස්තු මාසයේ අවසානය දක්වා රක්ෂණය නොමිලේ ලබාදීමටත් DIMO කටයුතු කරන අතර කුඩා ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සිය උපරිම දායකයත්වය ලබාදීම මෙහි අරමුණයි. දිවයින පුරා විහිදුණු 651ක් වන BoC ශාඛා ජාලය ඔස්සේ පාරිභෝගික ජනතාවට මෙම ලිසිං විසදුම් සදහා පහසු ප්‍රවේශයක් ද ලබාදෙයි.
DIMO සහ ලංකා බැංකුවේ නියෝජිතයන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු මෙහි දැක්වේ.
Recent Comments