
ජනශක්ති සමූහයට අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමූහය, 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.15ක් වාර්තා කිරීමට සමත් විය. එය පෙර වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ රුපියල් මිලියන 582ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. මෙම ශක්තිමත් කාර්යසාධනය තුළින්, සාර්ථක උපායමාර්ගික සැලැස්මක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාර කළඹක් සහිත, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයෝජන ආයතනයක් ලෙස සමූහයේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරයි.
2025/26 පළමු කාර්තුව සඳහා මෙහෙයුම් වියදම් වලට පෙර, සමූහයේ ශුද්ධ වෙළඳ ආදායම රුපියල් බිලියන 3.40ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1.12ට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි. මෙය මුදල් ප්‍රතිපත්ති අනුපාතය අඩු කිරීමෙන් පසු පොලී අනුපාත පහත වැටීම හේතුවෙන් ඇති වූ හිතකර වෙළෙඳපොළ තත්ත්වයක කාර්යක්ෂම ක්‍රියාත්මක වීම තුළින් අත්පත් කරගත් වර්ධනයකි.
සමූහයේ ප්‍රාථමික අලෙවිකරණ අංශය මේ සඳහා සුවිශේෂී දායකත්වය ලබාදෙමින්, 2025/26 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.55ක බදු පසු ලාභයක් (2024/25 – රු. මිලියන 464) වාර්තා කළේය. මෙයට රජයේ සුරැකුම්පත් වෙළඳාම මගින් ලැබූ රුපියල් බිලියන 2.06ක වෙළඳ ලාභය හා රුපියල් මිලියන 503ක ශුද්ධ පොලී ආදායම ඇතුළත් වේ. පෙර වසරේ ඒවා පිළිවෙලින් රුපියල් මිලියන 462ක් සහ රුපියල් මිලියන 387ක් විය.
ආයතනික මූල්‍ය උපදේශන සහ ගනුදෙනු සුරැකුම්පත් අංශ ද 2025 ජුනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ අතර, ඒකාබද්ධ බදු පසු ලාභය රුපියල් මිලියන 587ක් (2024/25 – රුපියල් මිලියන 73) ලෙස වාර්තා විය. මෙය ප්‍රාග්ධන වෙළඳපල ක්‍රියාකාරකම්වල සහ ආයෝජක රුචියේ නැවුම් වෙනසක් පිළිබිඹු කරයි.
තවද වත්කම් කළමනාකරණ අංශය මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 27ක බදු පසු ලාභයක් (2024/25 – රුපියල් මිලියන 29) වාර්තා කළ අතර, 2025 ජූනි 30 වන විට අදාළ අංශයේ කළමනාකරණය යටතේ ඇති වත්කම් (AUM) රුපියල් බිලියන 108ක් (2025 මාර්තු 31 – රුපියල් බිලියන 112) ලෙස සටහන් විය. මෙය සේවාදායකයින් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සහ ස්ථාවර ආයෝජන උපාය මාර්ගයක් මගින් ලඟා කරගන්නා ලද්දකි.
කොටස් තැරැව්කාර අංශය සිය වර්ධනය අඛණ්ඩව සාක්ෂාත් කරගනිමින්, 2025/26 පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 32ක බදු පසු ලාභයක් වාර්තා කළේය. එය පෙර වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ රුපියල් මිලියන 15ට වඩා දෙගුණයකටත් වඩා වැඩිවීමකි.

මෙම ශක්තිමත් කාර්ය සාධනය මත පදනම්ව, Lanka Rating Agency Limited (LRA) විසින් සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම “A” සිට “A+” දක්වා ඉහළ නංවා ඇති අතර, සමාගමේ වැඩිදියුණු කළ මූල්‍ය ශක්තිය සහ වර්ධනය වන වෙළෙඳපොළ විශ්වාසය ඉස්මතු කරමින්, ධනාත්මක ඉදිරි දැක්මක සිට ස්ථාවර ඉදිරි දැක්මක් බවට සංශෝධනය කර ඇත.
First Capital සමූහයේ සභාපති, රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, “මෙම මූල්‍ය ප්‍රතිඵල, සමූහයේ නිවැරදි උපායමාර්ග, කාලෝචිත තීරණ ගැනීම සහ ක්ෂේත්‍රය පිළිබඳ වූ ගැඹුරු දැනුම පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. වෙනස්වන වෙළෙඳපොළ තත්ත්වයන් මධ්‍යයේ, First Capital සිය ප්‍රධාන අංශ හරහා තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට ඇති හැකියාව පෙන්වා දී ඇත. වැඩිදියුණු කළ ණය ශ්‍රේණිගත කිරීම අපගේ දිගුකාලීන ගමන්මඟ සහ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය පිළිබඳ වෙළෙඳපොළ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරයි.” යනුවෙනි.
First Capital සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය: “අපි ණය සහ කොටස් වෙළඳපොළ තුළ ඇතිවන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උපායමාර්ගිකව ස්ථානගත වී සිටිමු. අපගේ ප්‍රාථමික අලෙවිකරණ සහ ආයතනික මූල්‍ය කණ්ඩායම් වඩා හොඳ වෙළඳපොළ තත්ත්වයන්ගෙන් සාර්ථකව ප්‍රතිලාභ ලබා ගත් අතර, අපගේ වත්කම් කළමනාකරණ සහ කොටස් තැරැව්කාර අංශ ප්‍රමාණයෙන් සහ බලපෑමෙන් වර්ධනය වෙමින්, ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරමින් සිටී. අපි නවෝත්පාදනයන් මෙහෙයවීම, ගනුදෙනුකරුවන් සමඟ සබඳතා වැඩිදියුණු කිරීම සහ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ අපගේ නායකත්වය පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කරන බව මම මේ අවස්ථාවේදී අවධාරණය කිරීමට කැමතියි.”
පොලී අනුපාත ලිහිල් වී වෙළඳපොළ ක්‍රියාකාරකම් ඉහළ යන විට, First Capital සමාගම සිය ගනුදෙනුකරුවන්ට උසස් ප්‍රතිලාභ ලබා දීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි. සිය මූලික ශක්තීන්, සේවාදායක කේන්ද්‍රීය සහ කාර්යසාධනය මත පදනම් වූ ප්‍රවේශයක් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළේ අනාගත වර්ධනය සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කිරීමට සමාගම සූදානමින් සිටී.
අවසන්.
First Capital සමාගම පිළිබඳව:
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, ප්‍රාථමික අලෙවිකරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, ආයෝජන කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වේ. ජනශක්ති සමූහයට අනුබද්ධිත එම සමාගම, ‘කාර්යසාධනය ප්‍රථමයෙන්’ යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමත්භාවයෙන් සපිරි සේවාවක් ලබාදීමට නිරන්තරයෙන් කැපවෙයි. කීර්තිමත් Brand Finance ආයතනය විසින් ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වටිනාම පාරිභෝගික සන්නාමය ලෙස අඛණ්ඩව වසර 2ක් නම් කරනු ලැබූ First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහිදී ‘වසරේ සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව විසඳුම් සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, Lanka Rating Agency වෙතින් [SL] A+ ශ්‍රේණිගත කිරීම ලබා ඇත.
Recent Comments