
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2025, සැප්තැම්බර් මස 13-14 යන දෙදින කොළඹ BMICH හිදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සිසුන්, රැකියා සොයන්නන් සහ වෘත්තිකයන් සඳහා දේශීය මෙන්ම විදේශීය අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවර කරනු ඇත.
මෙවර ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන 50කට ආසන්න ප්‍රමාණයක්, සමාගම් 10ක් සහ ඩුබායි හා ඉන්දුනීසියාවෙන් විදේශීය නියෝජිතයින් පිරිසක් ද සහභාගී වන අතර, ප්‍රදර්ශනයට සහභාගීවන්නන් සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත. තවද මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ගෝලීය වශයෙන් තරඟකාරී වීමට පෙළඹවීම සහ සවිබල ගැන්වීම යන සිය මෙහෙවර අඛණ්ඩව ඉටු කරයි.
“අපගේ අවධානය සැමවිටම යොමු වී ඇත්තේ නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ අවස්ථා තරුණ තරුණියන්ට ලබා දීම කෙරෙහියි. EDEX Mid-Year Expo යනු ගෝලීය තරඟකාරිත්වයට පිවිසීමේ මාර්ගයක් වන අතර එය අධ්‍යාපනයට සහ වෘත්තීන්ට පමණක් සීමා වූ වේදිකාවක් නොවේ.” යනුවෙන් EDEX සභාපති මහින්ද ගලගේදර මහතා පැවසීය.
EDEX හි ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන EDEX 365, සැප්තැම්බර් 5 වන දින කැකිරාව ප්‍රදේශයේ දී “වඩා හොඳ අධ්‍යාපනයක් සඳහා වඩා හොඳ සෞඛ්‍යයක්” යන තේමාව යටතේ වැඩසටහනක් පැවැත්වීමට සූදානමින් සිටින අතර සෞඛ්‍යය ඉගෙනීමට අත්‍යවශ්‍ය අංගයක් බව වටහා ගනිමින්, කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් 28ක පළවෙනි ශ්‍රේණියේ සිසුන් 1,000ක් සඳහා ශ්‍රවණාබාධ හඳුනාගැනීමේ ව්‍යාපෘතියක් ද EDEX විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රත්මලාන ශ්‍රවණාගාර මධ්‍යස්ථානය සහ K20 සංගමය සමඟ එක්ව සංවිධානය කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් දස දෙනෙකු EDEX කණ්ඩායම සමඟ එක්ව පරීක්ෂණ සිදු කරනු ඇත. ශ්‍රවණාබාධ හේතුවෙන් කිසිදු දරුවෙකු පාසලෙන් බැහැර නොවන බව සහතික කිරීම සඳහා, රත්මලාන ශ්‍රව්‍ය විද්‍යා මධ්‍යස්ථානය විසින් හඳුනාගත් රෝගීන් තවදුරටත් ඇගයීමට සහ අඩු වරප්‍රසාද ලත් දරුවන්ට ශ්‍රවණාධාර සහාය ලබා දීමට නවීන ඩිජිටල් යාන්ත්‍රණයන් භාවිතා කරනු ඇත.
“මෙම මුලපිරීම මගින් අධ්‍යාපනයට බාධා ඇති කරන, එහෙත් බොහෝ විට නොසලකා හරින ලද බාධක විසඳීමෙන් තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා අපගේ ගැඹුරු කැපවීම පෙන්නුම් කරයි. EDEX හි සම්පත් මෙවැනි අවශ්‍යතා සඳහා ආයෝජනය කිරීමෙන්, අපට දිගුකාලීන වෙනසක් සිදු කළ හැක.” යනුවෙන් EDEX Mid Year Expo 2025 ව්‍යාපෘති සභාපති චතුෂික නිශ්ශංක මහතා පැවසීය.
මෙවර ප්‍රදර්ශනය වෘත්තීය සඳහා සූදානම් වීම කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරන අතර EDEX Careers හරහා සපයනු ලබන Career Key මනෝමිතික පරීක්ෂණය වැනි ප්‍රායෝගික වෘත්තීය සංවර්ධන මෙවලම් ද මෙහිදී හඳුන්වා දීමට නියමිතයි. එමගින් තරුණ තරුණියන්ට ඔවුන්ගේ ශක්තීන් හා අභිලාෂයන්ට ගැළපෙන වෘත්තීය මාර්ග හඳුනා ගැනීමට හැකි වනු ඇත. ඊට අමතරව, සහභාගීවන්නන්ට ජාත්‍යන්තර නියෝජිතයින් සමඟ සම්බන්ධ වීමට, ඩුබායි, ඉන්දුනීසියාව සහ අනෙකුත් රටවල අධ්‍යාපන අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම, ප්‍රමුඛ පෙළේ ආයතනවලින් අනාගත රැකියා සහ නිපුණතා පිළිබඳ අදහස් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීන් යන දෙකටම ක්ෂණික මග පෙන්වීම්, මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ව තරඟකාරී ගෝලීය පරිසරයක දියුණු වීමට අවශ්‍ය මෙවලම් වලින් සන්නද්ධ කිරීම අරමුණු කරයි.
EDEX Mid-Year Expo 2025, දෙවන වරටත් ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පත (ISIC) සමඟ එක්ව කටයුතු කරන අතර යුනෙස්කෝව විසින් අනුමත කරන ලද ISIC, රටවල් 98කට අධික සංඛ්‍යාවක 150,000කට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකට ප්‍රවේශය ලබා ගැනීමට සහ ඔබේ ශිෂ්‍යභාවය සනාථ කිරීමට භාවිතා කළ හැකි ලොව එකම ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පතයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ Pizza Hut, Taco Bell, Dinemore, Baskin-Robbins සහ තවත් බොහෝ ස්ථානවල 10%ක වට්ටමක් ද හිමිවන අතර ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පත පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ඔවුන්ගේ කුටි වෙත පැමිණෙන ලෙස සහභාගීවන්නන්ට ඔවුන් ඇරයුම් කර සිටී.
මෙම ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කම්කරු සහ පරිසර අමාත්‍යාංශවලින් අනුමැතිය ලැබී ඇති අතර, එය ජාතික මට්ටමින් එහි වැදගත්කම අවධාරණය කරයි. ලංකා සේවායෝජකයින්ගේ සම්මේලනය, ලංකා වාණිජ මණ්ඩලය සහ ලංකා වෘත්තීය මාර්ගෝපදේශ සංගමය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් හරහා එහි බලපෑම තවදුරටත් ශක්තිමත් වේ.
මෙම ප්‍රදර්ශනය සඳහා APIIT සහ Mogo Media Academy ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙසත්, CINEC Campus රන් අනුග්‍රාහකයා ලෙසත් සහය දක්වන අතර Allianz Insurance Lanka Ltd රක්ෂණ සහකරු ලෙසත්, American Water නිල ජල සම්පාදන සහකරු ලෙසත්, PR Wire මහජන සම්බන්ධතා සහකරු ලෙසත් කටයුතු කරයි.
මෙම අවස්ථාවට අමතර වටිනාකමක් ගෙන දෙමින් “Your Writer by Nazran Baba” ද ප්‍රදර්ශනය කෙරේ. වෘත්තිකයන්ට සහ සිසුන්ට ඔවුන්ගේ සිහින වෘත්තීන් සුරක්ෂිත කර ගැනීම සඳහා සහාය වීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම ප්‍රමුඛ වෘත්තීය ලේඛන සේවාව, කුසලතා, ජයග්‍රහණ සහ විභවයන් ඉස්මතු කරන LinkedIn පැතිකඩ, ආවරණ ලිපි සහ ජීව දත්ත පත්‍රිකා නිර්මාණය කිරීම සඳහා විශේෂිත වේ. ඔවුන්ගේ මෙහෙවර වන්නේ පුද්ගලයින්ව තම වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට සහ විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් වීමට බලගැන්වීමයි.
දින දෙකේදීම පෙ.ව. 9:30 සිට ප.ව. 6:00 දක්වා ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘතව පවතිනු ඇත. අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා අසමසම ප්‍රවේශයක් සමඟින්, EDEX Mid-Year Expo 2025 ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගෝලීය වශයෙන් තරඟකාරී වීමට සවිබල ගැන්වීමට කැපවී සිටී.
ඔබේ අනාගතය හැඩගස්වා ගැනීමට හැකි මෙම අවස්ථාව අතපසු නොකරන්න. EDEX Mid-Year Expo 2025 හි කොටස්කරුවෙකු වන්න.
වැඩි විස්තර සඳහා, EDEX ලේකම් කාර්යාලය 011 3091086 හෝ 076 8204975 අංක අමතන්න.
අවසන්
Recent Comments