මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ IDEAL Motors සහයෝගීතාවයෙන් Mahindra Bolero City Pickup රථ සඳහා සුවිශේෂී ලීසීං විසඳුම් පිරිනමයි

Mic
By Mic
3 Min Read

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් (MI) විසින් පසුගියදා IDEAL Motors සමඟ අවබෝධතා ගිවිසුමක් ආරම්භ කරන ලදී.මෙම සහයෝගීතාවය ඔස්සේ කුඩා පරිමාණයේ ව්‍යාපාර,වෙළෙන්දන්ගේ සහ සැපයුම්කරුවන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා බෙහෙවිල් ඉවහල් වන සවිමත් වාණිජ වාහනයක් වන Mahindra Bolero City Pickup රථ සඳහා ආකර්ශනීය ලීසිං විසඳුම් පිරිනැමීමට සැලසුම් කර ඇත.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් Mahindra Bolero City Pickup රථ තොගයක් පවත්වාගෙන යන අතර එමඟින් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීම හෝ කිසිඳු ප්‍රමාදයකින් තොරව පාරිභෝගික ජනතාවට කඩිනම් සහ පහසු සේවාවක් හරහා සිය වාහන ලබා ගැනීමේ අවස්ථාව  හිමි වේ. එමෙන්ම පළමු වසර සඳහා නොමිලේ  රක්ෂණාවරණය, නොමිලේ ලියාපදිංචිය, වාහනයේ රියදුරු වෙනුවෙන් හදිසි රෝහල්ගත කිරීමේ  ආවරණය, රු. 300,000 දක්වා හදිසි අනතුරු ආවරණය සහ මාසයකට වඩා කල් ගත වන අලුත්වැඩියාවන් සඳහා කුලී ගාස්තුව නිදහස් කිරීම ආදී තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ද මෙමඟින් ලබාදෙයි. විශ්වසනීය සහ ධාවනයට සූදානම් වාණිජ වාහන සහ මූල්‍ය විසඳුම් සැපයීම මඟින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කුඩා ව්‍යාපාර හිමියන්ට සහ ව්‍යවසායකයන්ට සිය උපරිම දායකයත්වය සැපයීම වෙනුවෙන් දක්වන කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. දිගුකල් පැවැත්මක් සහ මනා කාර්යක්ෂමතාවයක් සහිත Mahindra Bolero City Pickup වාහනය වෙළෙඳ, සැපයුම් සහ අනෙකුත් වාණිජ ව්‍යාපාරවල නියැලී සිටින පාරිභෝගික ජනතාවට ගැළපෙන කදිම ප්‍රවාහන විසඳුමකී.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ IDEAL Motors අතර පවතින දිගුකාලීන විශ්වාසය තවදුරටත් සවිමත් කරන මෙම අවබෝධතා ගිවිසුම  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සහ IDEAL Motors සමාගමේ නීති සහ ආයතනික කටයුතු  අධ්‍යක්ෂිකා නිමාෂා වෙල්ගම මහත්මිය විසින් නිල වශයෙන්  අත්සන් තබන ලදී.

2009 වසරේ සිට Mahindra හි වාණිජ සහ මගී වාහන පිළිබඳ මෙරට නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන IDEAL Motors (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ අමතර කොටස් අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වේ.ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ඔවුන් විසින්  ලබා දී ඇත.

Ideal Motors සතු දිවයින පුරා විසිරී ඇති පුළුල් සේවා ජාලය සහ විශ්වසනීය අලෙවියෙන් පසු සේවය, ශ්‍රී ලංකාවේ  සැහැල්ලු ට්‍රක් රථ අංශය වර්ධනය කිරීම කෙරෙහි ඉවහල් වී තිබේ. තාක්ෂණික විශේෂඥතාව සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් මුලපිරීම් මඟින් රට පුරා සිටින පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරවල ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පුළුල් විසඳුම් රාශීයක් Ideal Motors මඟින් අඛණ්ඩව පිරිනමයි.

ව්‍යාපාර වර්ධනය සඳහා දායකවන සැබෑ හවුල්කරුවෙකු ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි භූමිකාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සහයෝගීතාවය උපකාරී වන අතර මේ හරහා දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත මූල්‍ය පහසුකම් සැපයීමට, ප්‍රවේශවීමේ හැකියාව ඉහළ නැංවීමට, සුවපහසුව  මෙන්ම මනා  සහායක් ලබා දීමට සමාගම බලාපොරොත්තු වේ.තවද,මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින්  ව්‍යාපාර හිමියන් සවිබල ගැන්වීම උදෙසා විශ්වාසනීය සහයෝගයක් සමඟ මූල්‍ය විසඳුම්  රැසක් පිරිනමමින් සිය පාරිභෝගික-පළමු ප්‍රවේශය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

Share This Article