ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු වන Moose Clothing සමාගම එළැඹෙන 2026 ICC Men’s T20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එළිදැක්වීය. මීට සමගාමීව, ක්‍රීඩා ලෝලීන්ට තම ආදරණීය ජාතික කණ්ඩායම සමඟ පෙර නොවූවිරූ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩහසර සලසමින්, මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Moose Fans App’ ඩිජිටල් අත්දැකීම ද හඳුන්වා දෙන ලදී.
මෙම එළිදැක්වීම, 2023 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ Moose Clothing සමාගම අතර ආරම්භ වූ සහයෝගීතාවයේ සාර්ථක ගමන්මඟ මැනවින් විදහා දක්වන්නකි. එතැන් පටන්, Moose විසින් ක්‍රීඩකයින්ගේ සුවපහසුව, කල්පැවැත්ම සහ පිටියේ දක්ෂතා උපරිම කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් උසස් ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා ඇඳුම් කට්ටල නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලබයි. ශ්‍රී ලංකාව 2026 ICC Men’s T20 ලෝක කුසලානයෙහි සම සත්කාරකත්වය දැරීමට සූදානම් වන මෙම සුවිශේෂී මොහොතේ, මෙම සහයෝගීතාවය උසස් දක්ෂතාවයන් ඉලක්ක කරගත් නිර්මාණශීලීත්වය, ජාතික අභිමානය සහ ගෝලීය මට්ටමේ රසික සහභාගීත්වය යන අංගයන් එකට එක් කරමින් නව අදියරකට පිවිස තිබේ.
2026 ICC Men’s T20 ලෝක කුසලානය සඳහා වන මෙම ජර්සිය, නවීන ක්‍රීඩා තාක්ෂණය සහ ශ්‍රී ලංකාවේ ලෝක පූජිත ඇඟලුම් උරුමයේ අසිරිමත් සංකලනයක් ලෙස නිර්මාණය කර ඇත. මෙහි සැලසුම සඳහා ‘කොට්න් සිංගල් ජර්සි’ රෙදිපිළිවල වියමන පාදක කරගෙන ඇති අතර, එය එකිනෙකට බැඳුණු පුරුක් රටාවක් ලෙස ඩිජිටල් තාක්ෂණයෙන් අරුත් ගන්වා තිබීම සුවිශේෂී වේ. මෙම සුවිශේෂී රටාව මගින් නිරවද්‍යතාව, ශක්තිය, නම්‍යශීලී බව සහ නවෝත්පාදනය යන ගුණාංග විදහා දක්වන අතර, එය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ජීවගුණය මෙන්ම ජාත්‍යන්තරව ගෞරවයට පාත්‍ර වූ මෙරට ඇඟලුම් කර්මාන්තයේ අභිමානය ද මැනවින් පිළිඹිබු කරයි.
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දක්වන දීප්තිමත් කහ පැහැය සහ තද නිල් පැහැති ඉරි රටාවන්ගෙන් සමන්විත මෙම ජර්සිය, ජවය, එකමුතුකම සහ විශ්වාසය මැනවින් ප්‍රකාශ කරයි. එහි නම සහ අංක සටහන් කිරීම සඳහා භාවිතා කර ඇති නවීන විලාසිතාවන් ජර්සියට ජාත්‍යන්තර මට්ටමේ නිමාවක් එක් කරන අතර, උරහිස් මත ඇති සුවිශේෂී නිල් පැහැති දාර ජාතික අනන්‍යතාවයට උපහාරයක් එක් කරයි. ඉහළම දක්ෂතා ඉලක්ක කරගනිමින් නිපදවා ඇති මෙම ජර්සිය සඳහා සැහැල්ලු සහ වාතාශ්‍රය හොඳින් ගලා යන රෙදි වර්ගයක් භාවිතා කර ඇති අතර, දෙපස ඇති දැල් සහිත කොටස් මගින් වාතය ගලායාම ක්‍රමවත් කර ඕනෑම ක්‍රීඩා තත්ත්වයක් යටතේ ක්‍රීඩකයාට උපරිම පහසුව සහ කල්පැවැත්ම සහතික කරයි.
ජර්සිය එළිදැක්වීමට සමගාමීව, රසිකයින් සහ ක්‍රීඩාව අතර සබඳතාවය නවමු මානයකට ගෙන යමින් රසිකයින්ට එකෙනෙකා හා සම්බන්ධ වීමට ‘Moose Fans App’ නමැති පෙරළිකාර වේදිකාව හඳුන්වා දීමට Moose සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට, ක්‍රීඩා ලෝලීන්ට ජර්සියේම කොටස්කරුවෙකු වීමට මෙහිදී සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. මෙම ඇප් එක හරහා රසිකයන්ට තම ‘සෙල්ෆි’ ඡායාරූපයක් අප්ලෝඩ් කළ හැකි අතර, දහස් සංඛ්‍යාත රසිකයන්ගේ ඡායාරූප එක් කරමින් ඩිජිටල් මොසැයික් රටාවකින් යුත් සුවිශේෂී ‘Moose Fan Jersey’ මෙලෙස නිර්මාණය වනු ඇත.
මෙම ඩිජිටල් මොසැයික් රටාව තුළ තම ඡායාරූපය සොයා බලා හඳුනා ගැනීමට රසිකයින්ට අවස්ථාව හිමිවන අතර, එමගින් ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔවුන් දක්වන පුද්ගලික සහයෝගය සියැසින් දැක බලා ගත හැකිය. මෙම අත්දැකීම සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය ඉතා සියුම් ලෙස එකිනෙක යා කරනු ලබයි. මෙම විශේෂිත ‘Moose Fan Jersey’ මත QR කේතයක් මුද්‍රණය කර ඇති අතර, එය ස්කෑන් කිරීමෙන් රසිකයන්ට සෘජුවම අදාළ ඩිජිටල් මොසැයික් රටාව වෙත පිවිස තමන් ඇඳ සිටින ජර්සිය තුළ තමන් සිටින ස්ථානය දැකගත හැකිය.
මොසැයික් අංගයට අමතරව, ‘Moose Fans App’ ඇප් මගින් ලෝක කුසලානයට පෙර, අතරතුර සහ ඉන් පසුවද රසිකයින් කණ්ඩායම සමඟ සම්බන්ධ කර තබන සම්පූර්ණ ඩිජිටල් වටපිටාවක් නිර්මාණය කරයි. මෙය විශේෂිත අන්තර්ගතයන්, අන්තර්ක්‍රියාකාරී අංග සහ රසිකයින්ට මුල් තැන දෙන අත්දැකීම් ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ඇත. එමගින් මෙය හුදු නිල ඇඳුමක් පමණක් නොව, කණ්ඩායම සහ රසිකයා අතර පවතින පොදු ගමනක් බව යළිත් තහවුරු කරයි. මෙයට දායක වන සෑම රසිකයෙකුම මෙම අභිමානවත් කතාවේ කොටස්කරුවෙකු වන අතර, එය ‘Moose Fan Jersey’ ජර්සිය අගනා සමරු සිහිවටනයක් බවට පත් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා පැවසුවේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් යනු සැමවිටම ක්‍රීඩාවකට වඩා වැඩි දෙයක්. එය අපේ ජාතික අනන්‍යතාවය මැනවින් විදහා දක්වන්නක්. මෙම නව ලෝක කුසලාන ජර්සිය සහ ‘Moose Fans App’ හරහා අපට අවශ්‍ය වූයේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමා මෙම ගමනේ සැබෑ කොටස්කරුවෙකු ලෙස දැනෙන්නට සැලැස්වීමයි. මෙවර ජර්සිය හුදෙක් කණ්ඩායම නියෝජනය කරනවා පමණක් නොව, එය පිටුපස සිටින රසික ජනතාවගේ මුහුණු සහ ඔවුන්ගේ හැඟීම් ද නියෝජනය කරනවා. අපේ ක්‍රීඩකයින් පිටියට පිවිසෙන විට, මුළු මහත් ජාතියක අභිමානය සහ සහයෝගය සැබෑ ලෙසම ඔවුන් සමඟ රැගෙන යනවා. ” යනුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “මෙම නව නිල ජර්සිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අප Moose Clothing සමාගමට සුබපැතුම් පිරිනමනවා. එළඹෙන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා නාමය ලොව පුරා ගෙනයාමට මෙය බෙහෙවින් උපකාරී වනු ඇති අතරම, අපගේ රසිකයන්ට කණ්ඩායම, ක්‍රීඩකයින් සහ ක්‍රීඩාව සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.”
2026 ICC Men’s T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා නිල ජර්සියේ අනුරූ, කොළඹ සහ මහනුවර පිහිටි Moose Clothing ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම www.mooseclothingcompany.com වෙබ් අඩවිය හරහා ද දැන් මිලදී ගත හැකිය. වෙබ් අඩවිය හරහා සිදු කරන ඇණවුම් සඳහා දිවයින පුරා නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයකි. මීට අමතරව, රසිකයින්ගේ ඡායාරූප සහිත සුවිශේෂී ‘Moose Fan Jersey’ සඳහා පූර්ව ඇණවුම් ලබා දීමේ අවස්ථාව ‘Moose Fan App’ ඇප් හරහා පමණක් සිදුකළ හැකිය.
‘Moose Fans App’ 2026 ජනවාරි 21 වන දින සිට Google Play සහ iOS හරහා ඩවුන්ලෝඩ් කර ගත හැකිය.
ශ්‍රී ලංකාව 2026 ICC Men’s T20 ලෝක කුසලානය පිළිබඳව බලාපොරොත්තු සහගතව සිටින මෙවන් මොහොතක, මෙම එළිදැක්වීම ජාතික කණ්ඩායමට සහයෝගය දැක්වීමේ නව මාවතක් විවර කරයි. එහිදී රසිකයන් ජර්සිය ඇඳීමෙන් පමණක් නොව, සැබෑ ලෙසම ජර්සියේම කොටස්කරුවන් බවට පත්වෙමින් තම ආදරණීය කණ්ඩායම දිරිමත් කරනු ඇත.
Recent Comments