Online Media Highlights

ශ්‍රී ලංකාවේ අනාගත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොලෙ හි ස්වභාවය

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරණය නැවුම් ශක්තියකින් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් ඇති බව ගෝලීය වශයෙන් දැනට පවතින නව්‍ය කරණයන් හා සලකා බැලීමේදී දැකිය හැකි අතර එහි අනාගත අභියෝග ජය ගැනීමේ නිර්භය අරමුණින් යුතුව සැලසුම් කර ඇති බව දක්නට ලැබේ. “New Normal” තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා තුළ චර්යාත්මක වශයෙන් වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එහිදී ඩිජිටල් සබඳතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.  ‘භෞතික සීමාවන්’ ‘physical restrictions’ සහිත යුගයක අප මේ වන විට සිටින අතර සබඳතා සහ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට virtual platforms මගින් ප්‍රමාණවත් කාර්යභාර්යක් ඉටු කරයි.

‘new normal’ තත්ත්වය තුළ ‘digital connectivity හා inclusivity’ සෑම අතින්ම සාර්ථක විය යුතු අකාරය සහ  digital ecosystems වල සුඛෝපභෝගීත්වයට වඩා ඒවායේ අත්‍යවශ්‍ය භාවය පිළිබඳව අවබෝධයක් ලබා දී ඇත. එසේම වේගයෙන් තාක්ෂණය දියුණුවන යුගය තුළ digital interdependency තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

නව්‍ය වර්තමානය (New Normal) ශක්තිමත් කරන ස්මාර්ට් ජංගම දුරකථන.

ඩිජිටල් කරණය වූ සමාජයක ශ්‍රී ලාංකිකයින්ගේ වේගවත් අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා ස්මාර්ට් ජංගම දුරකථන විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. අන්තර්ජාල භාවිතය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන සුවිසල් දායකත්වයක් ලබා දී ඇති අතර සේවා ස්ථාන, අධ්‍යාපන ආයතන, විනෝදාස්වාද කලාප සහ තොරතුරු මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරා ගැනීමට සහය වේ. එලෙස ඩිජිටල් සම්බන්ධතාවය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම ආර්ථිකය හා සක්‍රිය ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරී වේ.

තත්වය වෙනස් වු අකාරය 

මෙරට ඩිජිටල්කරණ කාලපරිඡ්ජේදය, තාක්‍ෂණික නවෝත්පාදනයන්හි  දියුණුව උදෙසා බලපෑම් ඇති කර තිබෙන අතර අන්තර්ජාල පරිශීලකයන්ට ස්මාර්ට් ජංගම දුරකථන මගින් ලෝකයේ නිමක් නැති විවිධ ක්ෂේත්‍ර ගවේෂණය කිරීමේ හැකියාව ලැබී ඇත. අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු ඩොලර් 11 සිට 38 දක්වා ඉහළ යාමත් සමඟ  E- commerce පදනම  245% ඉහළ ගොස් ඇති අතර  e-payment, e-banking, online medical consultation සහ e-sports එහි ප්‍රමුඛස්ථානය ගෙන තිබේ.

ස්මාර්ට් ජංගම දුරකථන මගින් online classes, online shopping, සහ e-payments ආශ්‍රිත කටයුතු  එදිනෙදා අත්හදා බලමින් නව පරිශීලකයන්  43%ක් ඒ හා එක්වී ඇත. එසේම ඉදිරියේදී වැඩි පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඩිජිටල් යාන්ත්‍රණය අනුගමනය කිරීමට පෙළඹෙන බවත් නිශ්චිතව දැකිය හැකි කරුණකි.

මෙරට ඩිජිටල්කරණය පිළිබඳ සුබ පෙරනිමිති පෙන්වමින් Facebook පරිශීලකයන් ප්‍රමාණය 200% සහ YouTube පරිශීලකයන් ප්‍රමාණය 50%කින් විශ්මය ජනක ලෙස වර්ධනය වී ඇති අතර එහි වර්ධන ආධාරකය ස්මාර්ට් ජංගම දුරකථන බවට පත්වී තිබේ.

නව්‍යකරණය වූ වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන පිළිබඳ පසුවිපරම

වේගවත් ඩිජිටල්කරණ ක්‍රියාවලියකට ලක්වූ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජංගම දුරකථන භාවිතය පොදු ලක්ෂණයක් වී ඇති අතර ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රය සුබවාදී ඉදිරි මාවතක දෙස බලාපොරොත්තු තබා ඇත. රට තුළ පැවති දශක තුනක යුද්ධය නිමා වීමෙන් අනතුරුව සන්නිවේදන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රට පුරා ගව්ෂණයක් සිදුකර තිබේ. එහිදී වර්තමානය වන විට, මිලියන 10.10 කට අධික අන්තර්ජාල භාවිතා කරන්නන් පිරිසක් ඇති බවට හඳුනාගෙන ඇති අතර  47% කට වඩා වැඩි අන්තර්ජාල භාවිතයක් සහ ශ්‍රී ලාංකික ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොලේ  11% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයින් මෙරට ඉදිරි  ස්මාර්ට් ජංගම දුරකථන ඉල්ලුම පිළිබඳව අවධානයෙන් පසු වෙති. වෙළඳ පොළ සමීපව අධ්‍යනය කිරීම මගින් තේරුම් ගත හැකි කරුණ වන්නේ 48% ක් ජනතාව දේශීයව නිෂ්පාදනය කරන නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු වන බවයි. මේ අනුව, ඉදිරි වසරවලදී ස්මාර්ට්ෆෝන් කර්මාන්තය ප්‍රතිසංස්කරණය කිරීමේදී ‘Make in Sri Lanka’ සහ ‘Digital Sri Lanka’යන දැක්ම සමඟ අත්වැල් බැඳ ගැනීම වැදගත් වේ.

පාරිභෝගික අවශ්‍යතාවන් කේන්ද්‍රකර ගත් නවෝත්පාදන

තාක්‍ෂණය සඳහා වූ වැඩි නැඹුරුව මගින් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින්ට පරිශීලකයින්ගේ  පුද්ගලික ආශාවන් මුදුන්පමුනුවාලිම සඳහා අවශ්‍ය විප්ලවීය අත්දැකීමක් ලබා දෙන gadgets නව්‍යකරණය කිරීමට මග සලසා ඇත. ඒ අනුව ස්මාර්ට්ෆෝන් කර්මාන්තය අනාගතයේදී  ‘පාරිභෝගික කේන්ද්‍රීය’ නවෝත්පාදන අංශයෙන් දියුණුවක් දකිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මේ වන විට ස්මාර්ට් ජංගම දුරකථන යන්න  අත්‍යවශ්‍ය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකනු ලබන අතර පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලන අන්දම අනුව  කර්මාන්තයේ ආධිපත්‍යය දරනු ඇත. විශේෂාංග බහුල ස්මාර්ට්ෆෝන් සඳහා දිනෙන් දින ඉල්ලුම ඉහළ යමින් පවතින අතර ‘Best of everything’  යන්න ඉතා වැදගත් වේ.

ස්මාර්ට් ජංගම දුරකථනය අපගේ ජිවිතයේ සැම අංශයක් හා ම බැදී පවතින අතර එය බහු කාර්ය උපාංගයක් බවට පත්වී ඇත. ඒ අනුව අපගේ වැඩපොලේදී මෙන්ම එදිනෙදා කටයුතු වලදී උපකාර වන අනෙකුත් සියලුම උපකරණ හා බැඳී පවතී. ඒ අනුව පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා විකාශනය වන්නේ High definition displays, වැඩ පහසු කිරීම සදහා විශාල බැටරිය, gaming සදහා processor හා නොබිදුනු අත්දැකීමක් සදහා අවම lag වීමක්  යනාදිය අනුවය. එහිදී විශේෂාංග වලින් පොහොසත් ස්මාර්ට් ජංගම දුරකථන එම කර්මාන්තයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයන් සටහන් කරමින් ඉස්මතු වන බව සහතික කළ හැක.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථ සන්නාමයක් වන vivo සෑම විටම ‘පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදන’ සඳහා පුමුඛ ස්ථානය ලබා දේ. එහි මුලික ඉලක්කය වී තිබෙන්නේ තාරුණ්‍යයේ වෙනස්වන අවශ්‍යතාවන්ට සරිලන පරිදි නවීනතම නව්‍ය නිෂ්පාදන ඉදිරිපත් කිරීම කෙරෙහිය. ඒ අනුව ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයට ප්‍රථම වරට vivo විසින් AI-powered Quad cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Pop-Up camera, Special gaming සහ turbo modes, Flash charging ඇතුළු නවතම විශේෂාංග හඳුන්වා දුන්නේය.

youth-centric සන්නාමයක් ලෙස, vivo මෙම ඩිජිටල් පරිවර්තන රැල්ලට සමග ගමන් කරමින්  පරිශීලකයින්ගේ සියලු ඩිජිටල් අවශ්‍යතා සපුරාලන ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරයි. එසේම 5G තාක්ෂණය හඳුන්වා දෙමින් මෙරට පාරිභෝගිකයින්ට පෙරළිකාර ඇත්දැකීම් ලබා දීමටද පර්යේෂණ සිදු කරමින් සිටි.

උද්යෝගිමත් ඩිජිටල්කරණ විප්ලවයක් සිදුවෙමින් පවතින කාලයක ජාතියක් ලෙස අපට වාසිදායක ලෙස එය මෙහෙයවා ගැනීමට අවස්ථාව අප වෙත පවතී. එහිදී vivo හි අරමුණ වන්නේ රටට ඩිජිටල්මය සංවර්ධනය උදා කර දෙමින් නව්‍ය ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණය තුළින් නව්‍ය කරණය වූ වර්තමානයෙන් රට තව තවත් ඉදිරියට ගෙන යාමයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *