Sinhala

IIT වෙත ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළලේදී (NBQSA) සම්මාන රැසක්

IIT හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා සමඟින් සියලුම IIT සම්මානලාභීන්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් අවසන් වූ 2020 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන රැසක් හිමිකර ගත්හ. 

මෙවර  සම්මාන උළෙලේ සුවිශේෂීත්වයක් වන්නේ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර නවෝත්පාදන උදෙසා  වැඩිම සම්මානලාභී සිසුන් සංඛ්‍යාවක් IIT ආයතනයෙන් බිහි වීමත් සමඟ ඔවුන් අගයමින් BCS Chairman’s Award, IIT වෙත හිමි වීමයි.

මෙවර උළෙලේ දී තොරතුරු තාක්ෂණ (IT) කාණ්ඩය යටතේ, ස්ටෙලාන් බ්‍රයන් විසින් Smart Shoe සඳහා රිදී පදක්කම දිනාගත් අතර, දිලුම් ඩී සිල්වා විසින් DAugmentor සඳහා ලෝකඩ පදක්කමද, නිසල් සුදිල් විසින් CadiaRhythm  සඳහා කුසලතා සම්මානයද දිනා ගන්නා ලදී.  “ව්‍යාපාර” (Business) කාණ්ඩය යටතේ  Trustcredit සඳහා රන් සම්මානය ඉර්ෆාන් ඉස්මාත් දිනා ගත් අතර, කවිෂ්මා ජයසිංහ විසින්  Style Guide සඳහා රිදී පදක්කමද, ගයලි ජයවර්ධන සහ හනා නටාෂා විසින් පිළිවෙලින් TransAssist සහ  Chain of Ownership  සඳහා වූ කුසලතා සම්මාන දිනා ගන්නා ලදී.

සම්මානලාභීන් පිළිබඳ සිය සතුට ප්‍රකාශ කරමින් IIT හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා මෙලෙස පවසා සිටියි.  “අප සිසුන්ගේ සුවිශේෂී කුසලතා හේතුවෙන් මෙම සම්මාන උළෙල්දී වඩාත් ගෞරවනීයම සම්මානයක් වන  BCS Chairman’s Award ජයග්‍රහණය කිරීමට හැකි වීම පිළිබඳ මා ආඩම්බරයට පත් වනවා.  මින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අධ්‍යාපනික ආයතනයක් වශයෙන් IIT ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වර්ධනය කිරීම ගන්නා උත්සාහයයේ ප්‍රතිඵලයි. ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකභවකින් යුත් අධ්‍යාපනයක් සොයන බොහෝ දෙනෙකුගේ තේරීම අද වන විට IIT ආයතනය බවට පත්ව ඇති අතර, ක්ෂේත්‍ර ගණනාවක ඉහළ පෙළේ රැකියාවන් සිදු කරන අප උපාධිධාරීන් එයට කදිම නිදසුනක්.”

මේ පිළිබඳ අදහස් දක්වමින් IIT හි ප්‍රධාන විධායක නිලධාරී මොහාන් ප්‍රනාන්දු මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියි. “IIT හි ඉගෙනුම ලබන සම සිසුවකුම ඉතා දක්ෂ සහ කුසලතා වලින් පිරිපුන් දරුවන් වන බව සනාථ කිරීමට හොඳම නිදසුන මෙම සම්මාන උළලේ ඔවුන් දැක්වූ දක්ෂතා.  වසර ගණනාවක් පුරාවට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළලේදී IIT සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර, මේ වසරද ඉතා සුවිශේෂී වසරක්. මෙහිදී ජයග්‍රහණය කරන සිසුන් ඔවුන්ගේ නවෝත්පාදනයන් අන්තර්ජාතික මට්ටමට පවා රැගෙන යමින් IIT හට පමණක් නොව මුළු ශ්‍රී ලංකාවටම විශාල කීර්තියක් අත් කර දීමට සමත් වනවා”.

“IIT හි දී, අපගේ ශිෂ්‍යයන් හට තරඟකාරී රැකියා වෙළඳ පොල තුළ සාර්ථකව ගමන් කිරීමට අවශ්‍ය සියලුම දැනුම සහ ශක්තීන්  ලබා දෙනවා. විවිධ අධ්‍යයන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් මඟින් ශිෂ්‍යයෙකු සාක්ෂරතාවයට පත් කිරීමට පමණක් සීමා නොවී ඔවුන්ව තාර්කික, නිර්මාණාත්මක කුසලතා ඇතුළු විවිධ අත්දැකීම් තුළින් අනාගතයට සූදානම් කරලීමට  IIT හි අප කැපවී ක්‍රියා කරනවා. මේ සඳහා සිසුන් වෙනුවෙන්ම කැපවූ දක්ෂ අධ්‍යන මණ්ඩලය සහ ඔවුන්ගේ ගුණාත්මක ඉගෙනුම් ක්‍රම වේද ඉහල පිටුවහලක් වනවා කිවහොත් මා නිවැරදි. අවසාන වශයෙන් අපගේ සියලුම සිසුන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මා සුභ පතනවා” IIT හි පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියි. 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල දේශීයව  පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන  සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙයි.තවද මේ හරහා ඔවුන්ට  අන්තර්ජාතික තලයේ  තරඟ කිරීමට  සුවිශේෂී වේදිකාවක් නිර්මාණය වේ.  බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශය 1998 වර්ෂයේ සිට වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල හරහා Asia Pacific ICT Awards (APICTA) සඳහා ජාතික මට්ටමෙන් සහභාගී වන්නන් තීරණය කරයි. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *