Online Media Highlights

උත්සව සමයේ vivo Y Series සහ V Series සඳහා විශේෂ ත්‍යාග සමගින් වාසි රැසක්

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙහි නවෝත්පාදනයන් කේන්ද්‍රකර ගත් ජනප්‍රිය හා ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ප්‍රබල කැමරා, නව්‍ය විශේෂාංග සහ ආකර්ෂණීය හැඩය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ Y20 series (Y20, Y20s), Y51 සහ V20 series (V20 හා V20 SE) සඳහා විශේෂ ත්‍යාග හිමි කර දෙමින් vivo සිය ගනුදෙනුකරුවන්ගේ සාප්පු සවාරි අත්දැකීම් ඉහළ නංවනු ඇත. සියලුම ස්මාර්ට් ජංගම දුරකථන නවීන විලාසිතාවන්ට ප්‍රියකරන නවීන තාක්ෂණය හා බැඳුනු තරුණ පරම්පරාවේ නව්‍ය ජිවන රටාවට ගැලපෙන පරිදි සංවර්ධනය කර තිබේ.

vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙම උත්සව සමයේ ලබා දෙන විශේෂ ත්‍යාග පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “නව්‍ය හා නවෝත්පාදන සහිත ස්මාර්ට් ජංගම දුරකථන මගින් ගනුදෙනුකරුවන්ගේ ජීවිත සාරවත් කිරීමට සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට සහයෝගය ලබා දීමට හැකි බව vivo හි විශ්වාසයයි. නව වසර vivo ස්මාර්ට් ජංගම දුරකතනයක අත්දැකීම් සමඟ සැමරීමටත් Y Series සහ V Series දුරකථන වල නව්‍ය ආශ්වාදය විඳ ගැනීමට අවස්ථාව හිමිකර දීමට හැකි වීම පිළිබඳවත් අප සතුටු වනවා. තාක්‍ෂණික සංවර්ධන ක්‍රියාවලියේ නව මිණුම් දණ්ඩක් සැකසීමට vivo වෙහෙස නොබලා කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ පරිශීලකයින් වෙත අසීමිත හැකියාවන්ගෙන් යුතු නව්‍ය විශේෂාංග අඛණ්ඩව පිරිනැමීමට බලාපොරොත්තු වනවා.’’

පහසු මිලට ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් ලබා දීමට තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් විශේෂාංග සහිත Y20 series, vivo වෙතින් ඉදිරිපත් කර ඇත. Y20 series හී 5000mAh බැටරියක් සහ AI power-saving technology තාක්ෂණය ඇත. එලෙසම පරිශීලකයින්ට පැහැදිලි දර්ශන ලබා දීම සඳහා PDAF technology සහිත AI Triple macro camera වලින් සමන්විතය. වැඩි දියුණු කළ ඡායාරූප අත්දැකීමක් සඳහා Face Beauty, Portrait Light Effects, සහ Filters ඇතුළු තවත් ආකර්ෂණීය විශේෂාංග කැමරාවට සහාය වේ. නවීන විලාසිතානුකුලව සැලසුම් කර ඇති Side-Mounted fingerprint scanner මගින්  ක්ෂණිකව අගුළු ඇරීම සිදු කෙරේ. අඟල් 6.51 Halo FullView Display එකකින් සමන්විත Y20 ශ්‍රේණියේ, අක්ෂි ආරක්ෂණ විශේෂාංගය මගින් නැරඹුම් වේලාවන්හිදී ඇසට ඇති විය හැකි අපහසුතාවයන් වළක්වයි. එසේම භාවිතා කරන්නන්ගේ විවිධ බහු කාර්යයන් සහ දත්ත ගබඩා අවශ්‍යතා සඳහා 3GB / 4GB / 8GB RAM + 64GB / 128GB ROM ආකාරවලින් ආකර්ශනීය වර්ණ වලින්  වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

Y51 යනු Y ශ්‍රේණියේ පවුලට මෑතකදී එකතු කරන ලද අතර 5000mAh battery + 18W Fast Charge සහිත, 8GB RAM + 128GB ROM බලයෙන් ක්‍රියාත්මක වන Qualcomm® Snapdragon 6 Series Mobile Platform සමඟ බලවත් හා දිගුකාලීන කාර්ය සාධනයක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයකි. Y51 හි පැහැදිලි හා high-quality shots ලබා ගැනීමට 48MP Rear Camera සමන්විත වේ. built-in multiple shooting modes, AI triple camera, Super Wide-Angle Camera, Super Macro Camera, සහ Super Night Mode අඩු ආලෝක තත්වයන් යටතේ වුවද පාරිභෝගිකයින්ට පැහැදිලි රූප ලබා දෙයි. වෘත්තීය ඡායාරූප ශිල්පීන් විසින් vivo වෙනුවෙන්ම නිර්මාණය කර ඇති කට්ටල හතරකින් සමන්විත Stylish Night Filters මගින් පරිශීලකයින්ට ඉතා පහසුවෙන් ඡායා රූප ගැනීමට ඉඩ සලසයි. Electronic Image Stabilization (EIS) technology තාක්‍ෂණයෙන් සමන්විත මෙහිද rear camera මගින් මිතුරන්, පවුලේ අය, සුරතල් සතුන් සහ භූ දර්ශන ලබා ගැනීමේදී මෙන්ම දිවයාමේදී, බයිසිකල් පැදීමේදී පවා මෙමගින් ultra-stable videos ලබා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසයි.

නව්‍ය selfie හැකියාවන්ගෙන් සහ  ultra-sleek dual tone step design එකකින් යුතු  V20 series මගින් පරිශීලකයන්ට ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. 33W Flash charge හැකියාවෙන් සමන්විත  V20 හි ප්‍රමුඛ  44MP Eye Autofocus front camera මගින් කිසිදු බාධාවකින් තොරව නව සෙල්ෆි හැකියාවන්ගෙන් යුත් විශේෂාංග පරිශීලකයින්ට ලබා දෙයි. මෙහිදී Eye Autofocus (AF) විශේෂාංගය අඩංගු වන අතර එය උසස් algorithms භාවිතා කරමින් selfie කැමරා හැකියාවන්  වඩාත් උසස් මට්ටමකට ගෙනවිත් තිබේ. චලනය වන රූප පහසුවෙන් හඳුනාගෙන ප්‍රභල ඡායා රූප හැකියාවක් සහ ගුණාත්මක video මෙමගින් ලබා දෙමින් පුළුල් පරාසයක පරිශීලක අත්දැකීම් හිමි කර දෙයි. මෙම උපාංගය සිත් ඇදගන්නාසුළු ස්ටිකර් සහ  special effects මෙන්ම ඡායාරූප සහ කෙටි වීඩියෝ නිෂ්පාදනය හා බෙදාහදා ගැනීමටත් , විනෝදජනක selfie ඡායාරූප සහ වීඩියෝ හරහා සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වීමේ පාරිභෝගික අවශ්‍යතාවයන් ද සපුරාලයි.

ප්‍රවර්ධන සහ උත්සව සමයේ ගනුදෙනු ඇතුළු වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර  https://www.vivo.com/lk වෙත පිවිස හෝ vivo හි නිල ෆේස්බුක් පිටුව වන vivo Sri Lanka පරීක්ෂා කරන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *