Sinhala

සතොස කොහොඹ සබන් නිෂ්පාදනය හා බෙදා හැරීමට එරෙහිව ස්වදේශී කර්මාන්තායතනය විසින් රීබෝන් ලංකා සහ ලංකා සතොසට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි.

ස්වදේශී කොහොඹ හි සාඩම්බර හිමිකරු සහ නිෂ්පාදකයා වන ස්වදේශී, දශක අටක කාලයක් පුරා ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වේ. ස්වදේශී විසින්  අත්පත් කර ගත් මෙම ජනප්‍රියත්වය අවභාවිතා කරමින් ස්වදේශී කොහොඹ සන්නාමයට අතිශය සමාන ලෙසින් සතොස කොහොඹ ඇසුරුම් කිරීම හා සන්නාම කිරීමත්, ලංකා සතොස හා රීබෝන් ලංකා විසින් නිෂ්පාදනය, අලෙවි කිරීම සහ විකිණීමත් මගින් “ස්වදේශී කොහොඹ” හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ස්වදේශී පවසා සිටියි.

ස්වදේශී වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණු උපදෙස් පිළිබද සළකා බලමින් ස්වදේශී හි පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදනය වන “ස්වදේශී කොහොඹ” සන්නාමයට සමාන වන අයුරින් කිසිදු ආකාරයක නිෂ්පාදනයක්, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සිදු කිරීම වැළැක්වීමට රීබෝන් ලංකා සහ ලංකා සතොසට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි.

ස්වදේශී කොහොඹ  වසර 80ක් පුරා භාවිතා වන ලියාපදිංචි වෙළඳ ලකුණක් මෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි නිෂ්පාදනයකි. 100%ක් ශ්‍රී ලාංකික ආයතනයක් වන ස්වදේශී Covid-19 ආරක්ෂිත කළමනාකරණ සහතිකය ලබා ගත් පළමු ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය ද වේ. 1941 වසරේ ස්ථාපිත ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ ශාකශාර නිෂ්පාදන සම්බන්ධව, ක්ෂේත්‍රයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන අතර ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලද සමාගමකි. ස්වදේශී වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ආදරය හා විශ්වාසය දිනූ ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි යන ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධය. අසූ වසරක ඉතිහාසයක් ඇති ස්වදේශී විශිෂ්ටත්වයේ විශ්වසනීය පිටුබලය සමගින් ගෝලීය වෙළඳ පොළට පිවිසෙමින් සිටියි.

සම මෘදුව පිරිසිදු  කරන ස්වභාවික ශාකසාර අමු ද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන  ගුණාත්මක බවින් යුත් හොදම තත්වයේ සම රැක ගන්නා නිෂ්පාදන සදහා ස්වදේශී විශේෂතාවක් දක්වයි.  ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

ස්වදෙශී කර්මාන්තායතනය වෙනුවෙන් නීතීඥයින් වන ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා මහතා, ශානක කුරේ මහතා සහ වසන්තකුමාර් නයිල්ස් මහතා පෙනී සිටි අතර  D. L & F De Saram නීතීඥ සහ නොතාරිස් උපදේශ ලබා දෙන ලදි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *