Sinhala

Covid-19 තත්ත්වය හමුවේ රජයේ එන්නත් කිරීමේ ක්‍රියාවලියට Shield වෙතින් අත හිත

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය  මැඩලීමේ ක්‍රියාවලියට   සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින්  බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවල අත් සනීපාරක්ෂක ඒකක 28 ක් පිහිටුවන ලදී.

එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව  පිළිපැදිය යුතු  ක්‍රියාමාර්ගයන්  පිළිබඳව පුද්ගලයින්  50,000 ක් අතර දැනුවත් කිරීමේ වැඩසටහනක්ද  ෂීල්ඩ් කණ්ඩායම විසින් සිදු කරන ලදී. එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි සෑම පුද්ගලයෙකුටම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සහයෝගයෙන් සම්පාදනය කරන ලද පත්‍රිකාවක් ද බෙදා දෙන ලදී.

ෂීල්ඩ් හි මෙම උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවිකරණ කළමණාකරු නවීඩ් අංජූන් මහතා මෙසේ පැවසීය. “රජය විසින් සිදු කරනු ලබන චොවිඩ්-19 සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලියට අපටත් දායක වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. එන්නත ලබා ගැනීමෙන් පසුව පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ දෙනෙක්ට නිසි අවබෝධයක් නොමැති බව අපි තේරුම් ගත්තා. පවුල්වල සෞඛ්‍යය හා ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන සන්නාමයක්  වශයෙන් ෂීල්ඩ් අපි තේරුම් ගත්තා මේ අවස්ථාවේ අපටද විශාල සමාජ වගකීමක් තිබෙන බව. මෙම වැඩපිළිවෙලට  මහජනයාගෙන් හොඳ ප්‍රතිචාර ලැබී ඇති නිසා මෙම පියවර වෙනත් අංශවලට ද ව්‍යාප්ත කිරීමට අපි සැලසුම්කොට තිබෙනවා”

සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සඳහා සැබවින්ම කැපවී සිටින සන්නාමයක් ලෙස, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සහය ඇතිව ෂීල්ඩ් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීම දිගටම සිදු කරගෙන යයි.මෙවැනි දුෂ්කර කාලයක විශේෂයෙන් රට පුරා පවතින එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල සෑම විටම ඉහළ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළ පරිදි, මෙම වසංගතය අවසන් කළ හැකි එකම ක්‍රමය ජනගහනයෙන් බහුතරයකට එන්නත් ලබා දීමයි. ෂීල්ඩ්  සහ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් මෙහි අවශ්‍යතාවය  හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රජයට සිය උපරිම දායකත්වය ලබා දීමට සැදී පැහැදී සිටී.

ෂීල්ඩ් යනු සැබවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වන අතර එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කරා සිය පාරිභෝගිකයන් රැගෙන යයි. ෂීල්ඩ්හි නිෂ්පාදන, අත් සනීපාරක්ෂක, සබන් සහ අත් සේදුම්කාරක යන අංශ වලින් විහිදී තිබෙන අතර ෂීල්ඩ්හි අත් සනීපාරක්ෂකය මිලි ලීටර් 50, මිලි ලීටර් 200 සහ මිලි ලීටර් 225 බෝතල් වලින් ලබා ගත හැකි අතර ඒවා එදිනෙදා භාවිතය සඳහා ඉතා පහසුවෙන් ගෙන යා හැකිය. ෂීල්ඩ්හි අත් සේදුම්කාරක මිලි ලීටර් 200 බෝතල් වලින් සහ මිලි ලීටර් 200 නැවත පිරවීමේ ඇසුරුම් ප්‍රභේද දෙකකින් ලබා ගත හැකිය. ඒවා නම් ෂීල්ඩ්  ඔරිජිනල් සහ නොරිෂ් ය.

ෂීල්ඩ් සබන් වල ක්‍රියාකාරී අඟුරු  අමුද්‍රව්‍යයක් ලෙසින්  අඩංගු වේ. මෙම ක්‍රියාකාරී අඟුරු 99.9% ක් විෂබීජ වලින්  ආරක්ෂාව සපයයි. ෂීල්ඩ් සබන් චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇති අතර සම මතට  ආරක්ෂිත බව සහ සමට කිසිදු හානියක් සිදු නොවන බවට තහවුරු  වී ඇත. මෙම සන්නාමය ශ්‍රී ලාංකික පවුල්වල සෞඛ්‍යය හා ආරක්ෂාව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරන අතර ක්‍රියාශීලී ජීවන රටාවක් ද  සහතික කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *