Sinhala

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ඉහළ ලාභයක් වාර්තා කරයි

COVID-19 ගෝලීය වසංගතයෙන් වසර පුරා පැන නැගී ඇති දැඩි අභියෝග මධ්‍යයේ වුවද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සිය විශිෂ්ඨතම  මූල්‍ය වර්ෂය වාර්තා කර ඇත. එමෙන්ම බදු ගෙවීමට පෙර ලාභයෙන් 34% ක වර්ධනයක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම අත්කර ගෙන තිබෙන අතර එම  ලාභය පසුගිය වසරේදී රු. බිලියන 2.67 ක් වේ. බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරට වඩා 43% කින් ඉහළ ගොස් තිබෙන අතර එම ලාභය රු. බිලියන 2.2 කි. 2020/21 මූල්‍ය වර්ෂය තුළ  කාලෝචිත ලෙස සමාගම මගින්  60,000 ක ණය පමා සහන කාලයක්  ලබා දී තිබීම නිසාත්  මෙවැනි  අර්බුදකාරී වතාවරණයක්  හමුවේ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යපාර හා ක්ෂුද්‍ර ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසාත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම  ඉමහත් පාරිභෝගික ප්‍රසාදයට ලක් ව ඇත.

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) ,  රථ වාහන මූල්‍ය, කෘෂි මූල්‍ය, පුද්ගලික ණය,රන් ණය සහ ෆැක්ටරින් ඇතුළු සේවා රැසකින් සමන්විත වේ.   ක්‍රෙඩිට් කාඩ් සේවාව සක්‍රීය කිරීමත්  සමඟ මූල්‍ය සේවා නුදුරු අනාගතයේදී වැඩි දියුණු වනු ඇති අතර iPay වැනි ගෙවීම් ක්‍රම හඳුන්වා දීම මගින් ඩිජිටල් බැංකු මෙහෙයුම් වැඩි දියුණු කිරීමටද කටයුතු දියත් කරයි. CLC හි සාර්ථකත්වය තවදුරටත්  වැඩිදියුණු කරමින්  නවතම  ශාඛා 10 ක් ඉදිරි මූල්‍ය වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිතය.

සමාගමේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් CLC  අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය.”අර්බුදකාරී වසරක් මධ්‍යයේ  වුවද ඉහළම ලාභයක් අත්පත් කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි.තවද මෙම අර්බුදකාරී වාතාවරණය, අහිතකර ලෙස  බලපෑ අපගේ ගනුදෙනුකාර භවතුන්ට සහය වීම ද මෙවැනි විශිෂ්ටත්වයක් ලබා ගැනීම සඳහා හේතුවක් විය.සමාගම්  ප්‍රාග්ධන පදනම රු. බිලියන 21 ක් වන අතර එය අවම නියාමන අනුපාතය වන 6.5% ට සාපේක්ෂව 22.25% ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයකි. අප වඩාත් උත්සහ  කරන්නේ තිරසාර ආකාරයකින් ලාභයේ වර්ධනයක් ලබා ගැනීමටයි. ”

2020/21 දී සිදුකරන ලද කැපී පෙනෙන කාර්යසාධනය තුළින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI)  ලෙස තම අනන්‍යතාවය ශක්තිමත් කරගත්  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම මගින් LOLC සමූහයේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි.

 LMD වඩාත් කීර්තිමත් වෙළෙඳ සන්නාම 50 අතරට CLC  ඇතුලත් වී ඇති අතර ශ්‍රී ලංකාවේ ඉහළම ගෞරවයට පාත්‍ර  වූ සමාගමක්  ලෙස ද ලැයිස්තු ගත කර ඇත. CLC යනු ICRA Lanka ලිමිටඩ් විසින් SL (A ) ස්ථාවර ශ්‍රේණිගත මූල්‍ය සමාගමකි.

ඡායාරූප විස්තරය

CLC හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *