Sinhala

Work From Home පහසු කරවන නවතම Huawei උපාංග දැන් වෙළඳ පොළේ

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම (WFH) පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද පහසු මෙන්ම ආරක්ෂාකාරී උපාංග සැපයීමට Huawei සමාගම සමත්වී ඇත.

Huawei හි ලැප්ටොප් සහ ටැබ්ලට් මාදිලයන් හි අන්තර්ගත කර ඇති සුවිශේෂී තාක්ෂණයන් සහ වැඩිදියුණු කළ විශේෂාංග නිවසේ සිට කාර්යාලිය රාජකාරි සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පරිශීලකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන අතර මෙම උපාංගයන්හි ඇති උසස් තාක්ෂණය නිසා කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව හා කාර්යක්ෂමව තම වැඩකටයුතු කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. WFH පහසුකරවන Huawei විසින් මෑතකදී හඳුන්වා දුන් සුවිශේෂී නිෂ්පාදන වන්නේ  Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Freebuds 4 සහ Huawei Mate View මොනිටරයයි. නවීන තක්ෂණය සමඟින් අද්විතීය කාර්යසාධනයක් සංකලනය කරමින් නිපදවා ඇති මෙම තාක්ෂණික උපාංග, ඒවාටම ආවේනික වූ සුවිශේෂී නිමාව සහ විශේෂාංග හේතුවෙන් ඉහළ වෙළඳ පොළ ආකර්ෂණයකට ලක්ව ඇත.

පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook X Pro හි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරඹුම් අත්දැකීමක් ලබාදෙන  3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ.  කාර්යසාධනය (performance) පිළිබඳ සැළකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාවය ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි.

 වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග හා ඉහළ කාර්යසාධනයක් එක් කරමින් නිපදවා ඇති Huawei MatePad 11 ටැබ්ලට් පරිගණකය එහි වූ අසමසම විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනු ඇති බව නොඅනුමානයි.  ඩෙක්ස්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින්,  ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩිදියුණු කළ Huawei M-Pencil අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති Huawei MatePad 11, පරිශීලක කාර්යන් ඉතාමත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇත. Huawei MatePad 11 හි පරිශීලකයාට පහසුවෙන් අල්ලාගැනීමට පහසු සියුම් දාර, 120Hzක Full View ඩිස්ප්ලේ  පරිශීලක නැරඹුම් අත්දැකීම් වඩාත් පැහැදිළි සහ උසස් කරනු ඇත.

ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය වෘත්තීය කටයුතු සිදුකර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට දැන්, මෙම නවතම උපාංග, Huawei experience centers, Singer showrooms, Daraz.lk සහ Singer.lk වෙතින් මිලදී ගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *