Sinhala

වඩාත් පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් එක හරහා Wi-Fi හෝ මොබයිල් ඩේටා තුළින්, 1080p HD ගුණත්වයක් සහිත වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමිවේ.  ආදරණීයන් සමඟ වඩාත් පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව ලබාදෙන Huawei MeeTime, දුර්වල ජාල තත්ත්‍වයන් යටතේ වුවද ඇමතුම් පැහැදිලි ලෙස ලබා ගැනීමේ හැකියාව ලබා දේ.

පැහැදිළි ඇමතුම් ලබාගැනීමේ හැකියාවට අමතරව, Huawei MeeTime ඇප්ලිකේෂන් තුළ බියුටි මොඩ් සහ අංශක 360ක් දක්වා වන පසුතල වෙනස්කිරීම් (360-degree background switching) විශේෂාංග ඇත.  තවද, ඇමතුමේ සිටින අවස්ථාවේදීම,  වඩාත් නිර්මාණශීලි අන්දමින් ඔබගේ සන්නිවේදන කාර්යයන් සිදුකිරීම සඳහා ඔබගේ දුරකතනයේ ස්ක්‍රීන් doodle කිරීම හරහා ඇමතුමේ රැඳී සිටින අනෙත් පිරිස් සමඟ හුවමාරු කර ගැනීමට හැකියාව Huawei MeeTime හරහා හිමිවේ.   තවද, රාත්‍රී කාලයේදී වඩාත් පැහැදිලි වීඩියෝ ඇමතුම් ලබා ගැනීම සඳහා, ඇප්ලිකේෂන් එකෙහි වූ low-light enhancement විශේෂාංගය උපකාරී වන අතර, මේ හරහා ස්ක්‍රීන් එක මත වූ, ලයිට් බල්බ් ක්‍රියාත්මක කිරීම හරහා ආලෝකය වැඩි කර ගත හැකිය. Huawei P40, Huawei P40 Pro, Huawei P40 Pro+, Huawei Mate 30, Huawei Mate 30 Pro, Huawei Mate 30 Pro 5G, Huawei MatePad Pro, Huawei MatePad Pro 5G, Huawei Mate 40, Huawei Mate 40 Pro, Huawei Mate 40 Pro+, සහ  Huawei Mate 40 RS ස්මාර්ට් දුරකථන මාදිලි සඳහා Huawei MeeTime ක්‍රියාත්මක කළ හැකිය.  MeeTime ඇප්ලිකේෂන් Huawei AppGallery හරහා වඩාත් පහසු පියවර කිහිපයක් අනුගමනය කරමින් ඩවුන්ලෝඩ් කරගත හැකිය. මේ සඳහා Huawei ID හරහා sign in විය යුතුය. 

Huawei පරිශීලකයන් සඳහාම නිර්මාණය කරන ලද Huawei MeeTime, 1080p (Full HD), 1920 x 1080 pixel අගයකින් යුත්, වීඩියෝ ගුණත්වයක් සපයන වඩාත් ආරක්‍ෂිත ඇප්ලිකේෂන් එකකි.  මෙහි භාවිත කර ඇති Link Turbo තාක්ෂණය නිසා, වඩාත් පැහැදිළි ඇමතුම් ලබාදීම සඳහා සෑම විටම Wi-Fi සහ LTE අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනී. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *