Sinhala

Global Education Investor awards සම්මාන උළෙලේදී Study Group වසරේ Pathway Provider ලෙස සම්මාන ලබයි.

Global Education Investor awards සම්මාන උළෙලේදී  ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group ආයතනය 2021 වසරේදී Pathway Provider සම්මානයෙන් පිදුම් ලැබීය.

ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සහ එහි සබැඳි  විශේෂඥ අධ්‍යාපන වේදිකාව වන Insendi, 2021  වසරේ අධ්‍යාපන ආයෝජන මංපෙත් විවර කරන සමාගම සහ අධ්‍යාපන මෘදුකාංග සපයන්නා යන සම්මාන සඳහා කෙටි ලැයිස්තුගත කර ඇත. මෙම සම්මානය වාණිජ අධ්‍යාපන සැපයුම්කරුවන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වන විශේෂ කැපී පෙනීමක් පෙන්නුම් කරන සම්මානයක් ලෙස හැඳින්වේ.

StudyGroup සිය විශ්ව විද්‍යාල හවුල්කරුවන්ගේ සහ සිසුන්ගේ අවශ්‍යතා සඳහා, කැපී පෙනෙන ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මෙලෙස 2021 වසරේ කීර්තිමත් Pathway Company කාණ්ඩයේ ඉහළම ස්ථානය ලබා ගැනීමට හැකි වී තිබේ.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වන Study Group හී ප්‍රධාන විධායක එමා ලැන්කැස්ටර් මහත්මිය මෙසේ පැවසුවාය. “ගෝලීය වශයෙන් ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටියදී පවා, අධ්‍යාපන ආයෝජකයා ලෙස Study Group ලැබූ මෙම ජයග්‍රහණ පිළිබඳව අපි සතුටට පත්වෙනවා.      වසංගතය සහ ඒ ආශ්‍රිත සංචාරක සීමාවන්ගේ බලපෑම ගෝලීය වශයෙන් අධ්‍යාපනය ගැන අප සිතන ආකාරය සහ අධ්‍යාපය ලබා දෙන ආකාරය පිළිබඳ ශීඝ්‍ර දියුණුවක් සනිටුහන් කර තිබෙනවා. Study Group කණ්ඩායම මෙම අභියෝගයට මෙතරම් ආකර්ෂණීය ලෙස මුහුණ දීම ගැන මම අතිශයින් ආඩම්බර වනවා.”

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය “සිසුන්ගේ සහ අපගේ විශ්ව විද්‍යාල හවුල්කරුවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු  ලබනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට, රැකියාවට සහ අපගේ සිසුන්ගේ තෘප්තිය වෙනුවෙන් කැපී පෙනෙන  ප්‍රගතියක් ලබා දෙමින් උසස් තත්ත්වයේ, පුද්ගලාරෝපිත සහ මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේද හරහා අපගේ උපාය මාර්ගය අපි ඉදිරියට පවත්වාගෙන එනු ලැබුවා. COVID-19 වසංගත තත්ත්වයෙන් විතැන්වූ ජාත්‍යන්තර අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් වන රට තුළ ඉගෙනීම, ඉගැන්වීම, තක්සේරු කිරීම සහ අධ්‍යයන සහාය ලබා දීම පිළිබඳ නව මාදිලියේ ක්‍රමවේද  අපි සකස් කර තිබෙනවා.  ඒ අනුව බලන කල අපි මෙම පරීක්ෂණ කාලය ඉගෙනීම සහ නව්‍යකරණයන් දිරිගැන්වීමේ අවස්ථාවක් ලෙස යොදාගෙන තිබෙනවා.”

මෙහිදී Education Investor Award සම්මාන උළෙලේදී පැසසුම්ලත් අනෙකුත් අධ්‍යාපන නවෝත්පාදනයන් මෙසේය.

ව්‍යාපාර, ඉංජිනේරු විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව වැනි ප්‍රධාන විෂයයන් සඳහා උසස් අධ්‍යාපනයට සූදානම් වීම, අධ්‍යයන කුසලතා සහ ශාස්ත්‍රීය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නව වැඩිදියුණු කළ, මිශ්‍ර සහ ඩිජිටල් වැඩසටහන්.

Study Group හී  Insendi EdTech විශේෂඥයින් හරහා Oxford විශ්ව විද්‍යාලය, John Hopkins University, ETH Zurich සහ Imperial College වැනි ඉහළ ශ්‍රේණිගත ආයතන සමඟ උසස් සහ විධායක අධ්‍යාපනයේ නියම ඩිජිටල් වැඩසටහන් සම-නිර්මාණය කිරීම.

චීනය වැනි ප්‍රධාන ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීමේ මූලාශ්‍ර වෙලඳපොලවල දුරස්ථ බෙදාහැරීම, ඒකාබද්ධ ඉගෙනුම් අත්දැකීම පොහොසත් කිරීම සඳහා WeWork සහ Airbnb වැනි විවිධ නාලිකා භාවිතය.

විශ්ව විද්‍යාල සමඟ හවුල්කාරිත්වයන් වර්ධනය කරමින් කාර්යක්ෂම ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම.

ඉහළ තරඟකාරී රැකියා වෙළඳපොලක් තුළ වෘත්තීය හැකියාවන් සහ පළපුරුද්ද  කැපී පෙනෙන ලෙස නව රැකියා රාමුවක් ඉදිරිපත් කිරීම .

මෙහිදී වසංගතය අතරතුර ගුණාත්මක බවින් උසස් හා දියුණු ඉගෙනුම් අත්දැකීම් සැපයීම සඳහා මෙන්ම විශ්ව විද්‍යාලවල ඩිජිටල් අභිලාෂයන්ට සහාය දැක්වීම සඳහා නිර්මාණය කරන ලද Study Group හි insendi විශේෂඥ අන්තර්ජාල අධ්‍යාපන වේදිකාව Education Software provider කාණ්ඩයේ අවසන් තරඟකාරීත්වයට ද සුදුසුකම් ලැබීය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *