Sinhala

සිව්වන වරටත් පැවැත්වුණු PropertyGuru Asia Property සම්මාන උළෙල ජයග්‍රාහී අන්දමින් අවසන් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්මානයට පාත්‍ර වේ

– Home Lands Skyline (Pvt) Ltd වෙත Best Developer සහ the Best of Sri Lanka titles ඇතුලු සුවිශේෂී සම්මාන හතක්

-Kelsey Developments PLC විසින් Best Lifestyle Developer සම්මානය සහ Central Park Ja-Ela සහ Urban Gateway Kottawa ව්‍යාපෘති සඳහා සම්මාන හිමිකර ගනී

PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ ජයග්‍රහකයින් පසුගියදා ඔන්ලයින් ආකාරයට පැවැත්වුණු නිල උත්සවයකදී  ප්‍රකාශයට පත් කර ඇත.  සිව්වැනි වරටත් වාර්ෂික සංවිධානය කෙරුණු PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටතම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක් කරන, කලාපයේ විශිෂ්ටතම සම්මාන උළෙලකි.

මෙවර සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Home Lands Skyline (Pvt) Ltd විසින්, Best Developer සම්මානය ඇතුලු සුවිශේෂී සම්මාන හතක් හිමිකර ගත් අතර, Kelsey Developments PLC විසින් මෙම වසරේදී ප්‍රථම වරට ලබාදුන් Best Lifestyle Developer සම්මානය හිමිකර ගන්නා ලදී. 

මෙවර සම්මාන උළෙලේදී Home Lands Skyline (Pvt) Ltd හි Canterbury Golf Resort Apartments ව්‍යාපෘතිය Best Condo Development (Colombo Metropolitan Region) අමතරව Best Condo Development (Sri Lanka) ලෙසින් නම් කෙරෙණි. ඔවුන්ගේම තවත් සුවිශේෂී නිර්මාණයක් වන Canterbury Golf Villas සඳහා  Best Housing Development (Colombo), Best Townhouse Architectural Design සම්මානය සහ Best Housing Development (Sri Lanka) සම්මානය හිමිවිය. තවද, Home Lands Skyline (Pvt) Ltd සිය ව්‍යාපෘති සඳහා තිරසර පාරිසරික ප්‍රතිපත්ති සම්බන්ධ කරගැනීම හේතුවෙන් විශේෂ පිළිගැනීමක් හිමිවිය.

Kelsey Developments PLC හි නිර්මාණයක් වන Central Park Ja-Ela ව්‍යාපෘතිය සඳහා Best Housing Architectural Design සහ  Best Housing Development (Colombo) සුවිශේෂී සම්මාන හිමිවිය.  තවද ඔවුන්ගේ තවත් ව්‍යාපෘතියක් වන Urban Gateway Kottawa සඳහා ඔවුන්ට Best Condo Development (Colombo Metropolitan Region) සම්මානය හිමිවිය. 

සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් වෙත සිය සතුට පළ කරමින්, PropertyGuru Group හි ප්‍රධාන විධායක නිලධාරී හැරී වී ක්‍රිෂ්ණන් මහතා මෙලෙස පවසා සිටියි.  ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කර ඇති මෙම අති නවීන ගෝලීය ප්‍රවණතා මුල් කරගත් මෙම ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ධනාත්මක ප්‍රවණතා රැසක් පෙන්නුම් කරනවා”

මේ පිළිබඳ අදහස් දක්වමින් PropertyGuru Asia Property සම්මාන උළෙලේ කළමණාකාර අධ්‍යක්ෂ Jules Kay මෙලෙස පවසා සිටියි.  “මෙවර සම්මාන උළෙල සඳහා කලාපය නියෝජනය කරමින් විශාල අයදුම්පත් ප්‍රමාණයක් අපට හිමිවුණා.  ශ්‍රී ලංකාවෙනුත් මේ සඳහා විශාල ආකර්ෂණයක් හිමිවීම ගැන අපට තියෙන්නේ ඉතා සතුටක්. 

මෙම සම්මාන උළෙලේ අවසන් සම්මාන ප්‍රධානෝත්සවය දෙසැම්බර් 09 වන දින ඔන්ලයින් ආකාරයට පැවැත්වුණු අතරඑම උළෙල AsiaPropertyAwards.com/tv-podcast සහ AsiaPropertyAwards නිල  Facebook, LinkedIn, Twitter සහ YouTube ගිණුම් හරහා ප්‍රදර්ශනය කෙරෙණි.  තවද සම්මාන ප්‍රධානෝත්සවයේ වැදගත් අවස්ථා නිල රූපවාහිනී හවුල්කරු වන History Channel හරහාද නැරඹිය හැකිය. 

මෙවර සම්මාන උළෙලේ ස්වාධීන විනිසුරු මඩුල්ල ලෙස, Paramount Realty හි සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක සහ PropertyGuru Asia Property Awards (ශ්‍රී ලංකා) හි සභාපති ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා, QServe Pte Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර මහත්මිය,   AIA (SL) හි වරලත් ගෘහ නිර්මාණ ශිල්පී නන්දික ඩී සමරනායක මහතා,  Pendi PVT Ltd හි ආරම්භ සභාපති සහ අධ්‍යක්ෂ නටාලි පෙන්ඩිග්‍රාස්ට් මහත්මිය, Kahawita De Silva & Associates Pvt Ltd (KDS) හි  අධ්‍යක්ෂ  වරලත් වාස්තු විද්‍යාඥ නිලේෂ් ද සිල්වා මහතා,RIU Real-Estate Intelligence Unit හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් මඩවල මහතා,  Homes N Spaces Lanka Properties (Pvt) Ltd හි අධ්‍යක්ෂ ස්ටෙෆනී බාලේන්ද්‍ර මහත්මියවිලියම් වින්සන්ට් අශෝක තිලකවර්ධන මහතා, Institute of Project Managers (Sri Lanka) ක්‍රියා කරන ලදී.  තවද, නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම නියෝජනය කරන,  HLB Sri Lanka, මෙවර සම්මාන උළෙලේ නිල අධීක්ෂක වශයෙන් කටයුතු කරන ලදී.  

සිව්වැනි PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ, නිල cable TV හවුල්කරු ලෙස History Channel , PropertyGuru දේපළ වාර්තා සඟරාව නිල සඟරා සහකරු ලෙස දනිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE,  නිල charity partner ලෙස Right To Play,  නිල ESG සහකරු ලෙස Baan Dek Foundation; supporting associations Asia MarTech Society and Ceylon Institute of Builders ක්‍රියා කරන ලදී.   වැඩිදුර විස්තර [email protected] වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.

LIST OF WINNERS AND HIGHLY COMMENDED AWARDEES

4th PropertyGuru Asia Property Awards (Sri Lanka)

DEVELOPER AWARDS

Best Developer

WINNER: Home Lands Skyline (Pvt) Ltd

Best Lifestyle Developer

WINNER: Kelsey Developments PLC

DEVELOPMENT AWARDS

Best Condo Development (Colombo Metropolitan Region)

WINNER: Canterbury Golf Resort Apartments by Home Lands Skyline (Pvt) Ltd

HIGHLY COMMENDED: Urban Gateway Kottawa by Kelsey Developments PLC

Best Housing Development (Colombo)

WINNER: Canterbury Golf Villas by Home Lands Skyline (Pvt) Ltd

HIGHLY COMMENDED: Central Park Ja-Ela by Kelsey Developments PLC

DESIGN AWARDS

Best Housing Architectural Design

WINNER: Central Park Ja-Ela by Kelsey Developments PLC

Best Townhouse Architectural Design

WINNER: Canterbury Golf Villas by Home Lands Skyline (Pvt) Ltd

BEST OF SRI LANKA AWARDS

Best Condo Development (Sri Lanka)

WINNER: Canterbury Golf Resort Apartments by Home Lands Skyline (Pvt) Ltd

Best Housing Development (Sri Lanka)             

WINNER: Canterbury Golf Villas by Home Lands Skyline (Pvt) Ltd

SPECIAL AWARD

Special Recognition in ESG

WINNER: Home Lands Skyline (Pvt) Ltd

–END–

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *