Sinhala

ස්වභාවික ලුණු සහ වැඩිදියුණු කළ මින්ට් රසය සමඟ දැන් Clogard වෙතින් දත් කුහර සහ විදුරුමස්  ගැටලු  සඳහා ද්විත්ව ආරක්ෂාවක්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 පසුවන දරුවන්ගෙන් 47%ක් පමණ විදුරුමස් ගැටලු ඇතිවීමේ ප්‍රබල අභියෝගයට මුහුණ දී සිටින බව 2015/2016 වසරවලදී සිදු කළ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එම සංඛ්‍යාලේඛන වාර්තාවන් හමුවේ නොසැලෙමින් Clogard විසින් නව්‍ය මුඛ සෞඛ්‍ය විසඳුම් රැසක් ඉදිරිපත් කර ඇති අතර  ස්වභාවික ලුණුවල ගුණය සහිත වැඩිදියුණු කළ නව Clogard Natural Salt  ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇත.

ස්වභාවික ලුණු අනුසාරයෙන් නිෂ්පාදනය කර ඇති මෙම Clogard දන්තාලේපයෙහි ඇති අද්විතීය ද්විත්ව ආරක්ෂණ සංයෝගය (dual-protection formula) මඟින්  විදුරුමස් ගැටලු සහ දත් කුහර ඇතිවීමට හේතු වන  මූලික සාධකයන්ට සාර්ථකව ප්‍රතිචාර දක්වමින්  මුඛ සෞඛ්‍ය ගැටලු තත්ත්වයන්ට ගැළපෙන නිසි විසඳුම් ලබාදෙයි.  ස්වභාවික ලුණු වේදනාකාරී විදුරුමස් ආසාදන මෙන්ම මුඛයේ  තුවාල ආසාදන ඇතිවීම පාලනය කර විදුරුමස් ආශ්‍රිතව යහපත් සෞඛ්‍ය තත්ත්වයන් පවත්නා ගැනීමට උපකාරී වන අතර  මෙහි අන්තර්ගත වන active ෆ්ලෝරයිඩ් සංයෝගය මඟින් දත් කුහර ඇතිවීම වළකා දත් අලුත්වැඩියා කිරීම ද සිදු කරයි.

2020 වසරේදී මුල්වරට වෙළෙඳපල වෙත හඳුන්වා දෙනු ලැබූ මෙම Clogard Natural  Salt  නිෂ්පාදනය එතැන් සිට බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ජනාදරය සහ විශ්වාසය දිනා ගනිමින් පාරිභෝගික හදවත ග්‍රහණය කර ගැනීමට සමත් විය. දන්තාලේප නිෂ්පාදන සතු ගුණාත්මක  ඵලදායීතාවය වෙනුවෙන් පිදෙන  කීර්තිමත් සහතිකයක්  වන ශ්‍රී ලංකා ප්‍රමිති අනුමැතිය ලද සාඩම්බරණීය සන්නාමයක් වන Clogard සෑමවිටම නිෂ්පාදන කටයුතු සඳහා හොඳම අමුද්‍රව්‍ය යොදා ගනිමින් ගුණාත්මකභාවයේ විශිෂ්ටත්වයෙන් නිමවන අතර  එමඟින් ජාතියේ මුඛ යහපැවැත්ම සඳහා Clogard සතු නොසැලෙන කැපවීම නැවත නැවතත් තහවුරු කරයි.

මෙම දන්තාලේප නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brands හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රොෂෙල් පෙරේරා මහත්මිය මෙසේ සඳහන් කළාය. “Clogard Natural  Salt දන්තාලේප නිෂ්පාදනය යනු දන්තාලේපයක් පමණක්ම නොවෙයි. එය ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යයේ අනාගතය සඳහා වූ පොරොන්දුවක්. Clogard Natural  Salt දන්තාලේපය නිර්මාණය කර ඇත්තේ සුවිශේෂී සංයෝගයක් භාවිතා කරමින්. එමෙන්ම ඉහළම ගුණාත්මක ප්‍රමිතියක් ඇති Clogard Natural  Salt සඳහා SLS  අනුමැතිය ද හිමි වී තිබෙනවා . වෙළෙඳපලේ ඇති අපගේ සුවිශේෂී නිෂ්පාදනයන් මඟින් අපව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පවුල්වල අවසාන තේරීම බවට පත් කරනවා.”

ශතවර්ෂ ගණනාවක් පුරාවට අපේ  මුතුන් මිත්තන්ගේ මුඛ සත්කාර සඳහා යොදා ගත් ස්වභාවික ලුණු ගුණය ඇසුරින් නිෂ්පාදිත Clogard Natural  Salt දන්තාලේපය එම උරුමය සාඩම්බරයෙන් අනාගතය වෙත රැගෙන යයි. මෙම නිෂ්පාදනය විදුරුමස් රෝග සඳහා පිළියමක් පමණක් නොව, එය ප්‍රශස්ත මුඛ සනීපාරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ලාංකිකයන්ගේ දෛනික ජීවිතයට එකතු කර ගත හැකි අත්‍යාවශ්‍ය අංගයක් ද වේ. ස්වභාවික අමුද්‍රව්‍ය සමඟ නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන්  මුසු කර නිෂ්පාදනය කර ඇති  Clogard Natural  Salt   දන්තාලේපය නිසැකවම ජාතියේ මුඛ සෞඛ්‍ය රැකවරණය සඳහා හොඳම තේරීම වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *