Sinhala

TCL 20 Pro 5G දුරකථනය CES 2022 නවෝත්පාදන සම්මානය දිනා ගනී

Consumer Electronic Show (CES) ලෝකයේ ප්‍රබලතම තාක්ෂණික ඉසව්ව වන අතර එය තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරළිකාරයින්, ගෝලීය නවෝත්පාදකයින් සහ ලොව අංක එකේ වෙළඳ සන්නාමයන් එකිනෙකා හමුවන තරඟකාරී අවස්ථාවකි. 2022 වර්ෂය සඳහා  CES 2022 නවෝත්පාදන සම්මානය හිමි කර ගැනීමට මීළඟ පරම්පරාවේ ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථනය වන TCL 20 Pro 5G සමත් වූ අතර එහි ප්‍රබල අඟල් 6.67 AMOLED තිරය ජීවිතයට සැබෑ වර්ණයක්, පැහැදිලි බවක්  සහ නැවුම් වෙනසක් සමඟින් විස්මය දනවන දර්ශන පෙළක් ලබා දේ.

TCL 20 Pro 5G ජංගම දුරකථන මාදිලිය නවීකරණය කරන ලද NXTVISION විශිෂ්ඨ Display තාක්ෂණයෙන් සමන්විත වේ. මෙම විශේෂාංගය හරහා ඩිජිටල් තිර දිගු වේලාවක් නැරඹීමේදී ඇති විය හැකි ඇස්වල වේදනාව සහ නිල් ආලෝකය අවම කරමින් ඉහළ මට්ටමේ අක්ෂි ආරක්ෂාවක් ලබා දෙන අතරම එය පාරිභෝගිකයා වෙත සුපැහැදිලි වර්ණ සහ අද්විතීය දෘශ්‍ය අත්දැකීමක් ලබා දීමට හේතු වේ. එහි Qualcomm Snapdragon ප්‍රොසෙසරය මඟින් විප්ලවීය වේගය, Faster Streaming අත්දැකීම, වේගවත් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව සහ වැඩිදියුණු කළ AI විශේෂාංග ලබාදෙන අතර ඉදිරිපස සහ පිටුපස කැමරා දෙක, ප්‍රිමියම් Sony IMX සංවේදක, Optical Image Stabilization තාක්ෂණය  සහ Backlight Selfie mode සමඟ සම්බන්ධ වේ.

256GB මතක ධාරිතාවයක් සහ 4500mAh බැටරියකින් සමන්විත TCL 20 Pro 5G, පාරිභෝගිකයින්ට තම දුරකථනය වරින් වර චාර්ජ් කිරීමට හෝ දිගු කාලයක් යනතුරු එහි දත්ත මකා දැමීමට අවශ්‍ය නොවන බව තහවුරු කරයි. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු ද්විත්ව මැට් සහ දිලිසෙන නිමාවක් යුක්ත TCL 20 Pro 5G දුරකථනය Marine Blue සහ Moondust Gray යන වර්ණයන්ගෙන් ලබාගත හැකි අතර ද්විත්ව පාර්ශ්වික 3D වීදුරුව සහ embedded කැමරාව නිසා පරිශීලකයින්ගේ එදිනදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

Consumer Electronic Show (CES) සඳහා, තාක්ෂණික දෘඩාංග, අන්තර්ගතයන්, තාක්ෂණික බෙදාහැරීමේ පද්ධති සහ තවත් බොහෝ දේ නිපදවන නිෂ්පාදකයින්, සංවර්ධකයින් සහ සැපයුම්කරුවන් ඇතුළු සමාගම් රාශියක් සහභාගී වේ. ලෝකයේ ප්‍රබල ව්‍යාපාර නායකයින් සහ පුරෝගාමී චින්තකයින් ක්ෂේත්‍රයේ කාලීන ගැටළු  සාකච්ඡා කරන සම්මන්ත්‍රණ වැඩසටහනක් ද මෙහි ඇතුළත් ය.

Singer විසින් TCL 20 ජංගම දුරකථන මාදිලිය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට මෑතකදි හඳුන්වා දුන් අතර 2022 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනයෙහි දී (CES) TCL 20 Pro 5G හිමි කරගත් නවෝත්පාදන සම්මානය පාරිභෝගිකයින් තුල සිංගර් සහ TCL පිලිබඳ වූ විශ්වාසය වැඩි කිරීමට සමත් විය. TCL ජංගම දුරකථන මාදිලි 10ක් සහ ටැබ් 4ක් ඇතුළු නිෂ්පාදන පෙළක් දැන් www.singer.lk වෙබ් අඩවියෙන්, සිංගර් ප්‍රදර්ශනාගාරවලින් සහ දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් දැන් ලබාගත හැක.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *