Sinhala

MSI වෙතින් අද්විතීය විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් වෙළඳ පොළට නිකුත් කරයි

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16 Laptop ය.  Bravo 15 සහ Delta 15 ගෙමින්ග් සඳහා කැමැත්තක් දක්වන පරිශීලකයින් සඳහා වඩාත් සුදුසු ලැප්ටොප් මාදිලි ද්විත්වයක් වන අතර, Creator Z16 ගෙමින්ග් සහ ග්‍රැෆික් නිර්මාණකරණයේ නිරතවන්නන්ගේ අවශ්‍යතා සඳහා සුදුසු වේ.

AMD Radeon™ RX ග්‍රැෆික්ස් සහ AMD Ryzen™ 5000 H-Series මොබයිල් ප්‍රොසෙසරයකින් සමන්විත Bravo 15  ගෙමින්ග් ලැප්ටොප් මාදිලිය, එන්ට්‍රි ලෙවල් ගෙමින් පරිශීලකයන් සඳහාම නිපදවා ඇති බව කිව හැකිය. මෙහි  විශේෂාංග අතර Radeon Image Sharpening සහ Radeon Anti-Lag සුවිශේෂී වන අතර, මෙමගින් වඩාත් උසස් ඡායාරූප සහ විස්තර ලබාදෙමින් පරිශීලකයාට බාධාවකින් තොර කාර්යක්ෂම ගෙමින්ග් අත්දැකීමක් ළඟා කර දෙයි. AMD Ryzen™ 5900 HX series මොබයිල් ප්‍රොසෙසර් සහ AMD Radeon™ RX 6700M  මොබයිල් ග්‍රැෆික්ස් සහිත Delta 15  නිපදවා ඇත්තේ, දැඩි ලෙස ගෙමින්ග් කටයුතු වල නිරත වන පරිශීලකයන් වෙනුවෙන්මය. මෙම සුවිශේෂී විශේෂාංග බාධාවකින් තොර වූ ක්‍රීඩා අත්දැකීමක් සහ වැඩි දියුණු කළ දෘශ්‍ය අංග වෙත පරිශීලකයා යොමු කරයි.

1.9 KG ක බරකින්,19 mm ක ඝනකමකින් යුක්තව නිපදව ඇති මෙම ලැප්ටොප් මාදිලි ඉතා සැහැල්ලු සහ ආකර්ෂණීය නිමාවකින් සමන්විතය. පැය 12ක කාලයක්  පුරාවට පවතින බැට්රි කාලය මෙහිදී ඉතා සුවිශේෂී වන අතර, මෙය පරිශීලක කාර්යයන් රැසක් පහසු කරවයි. ඕනෑම තැනක පහසුවෙන් රැගෙන ය හැකි Delta 15 and Bravo 15, ගෙමින්ග් සඳහා පමණක් නොව වෙනත් ඕනෑම තාක්ෂණික ක්‍රියාවක් සඳහාද සුදුසු වේ.  

NVIDIA ® GeForce RTX™ 3060 GPU සහිත, Creator Z16 ලැප්ටොප්  නවතම Intel ® 11th Generation H series ප්‍රොසෙසර් සහිතව නිපදවා ඇත. 16:10 ක අගයක ගෝල්ඩන් රෙශියෝ සහිත මෙහි ඩිස්ප්ලේ එක වඩාත් සුවිශේසී වන අතර, QHD+ resolution සහිත 100% DCI-P3 color gamut මඟින් නිර්මාණකරුවන්ට වඩාත් සුවිශේෂී අත්දැකීමක් ළඟා කරවයි. මෙය කාර්යක්ෂම ලැප්ටොප් පරිගණකයක් පමණක් නොව, වෙනත් විශේෂාංග සමඟ ද එක්ව පරිශීලකයින්ට සැබවින්ම අමතක නොවන අත්දැකීමක් ලබා දෙයි. මෙම ලැප්ටොප් පරිගණකය අන්තර්ගත නිර්මාණයේ exportation, rendering සහ multitasking elements වේගවත් කරන විශේෂාංග වලින්ද සමන්විත වන අතර, මෙහි අද්විතීය MSI True Pixel තාක්ෂණය හේතුවෙන් වඩාත් නිරවද්‍ය වර්ණ සහ වීඩියෝ පෙන්නුම් කරයි.

මෙම නවතම ලැප්ටොප් මාදිලි හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින්, MSI  කලාපීය අලෙවි කළමනාකරු ග්‍රීන් ලින් මහතා මෙලෙස පවසා සිටියි. “MSI සිය පරිශීලකයින්ට වඩා හොඳ අත්දැකීමක් ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරයි, ඒ නිසා අපි මෙම නව සහ වැඩිදියුණු කළ උපාංග දේශීය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමට තීරණය කළා. ශ්‍රී ලංකාවේ අපගේ විශ්වාසවන්ත පරිශීලකයින්ට ඔවුන්ගේ ක්‍රීඩා සහ අන්තර්ගත නිර්මාණ අවශ්‍යතා සඳහා නව සහ වැඩිදියුණු කළ මෙම උපාංගවලින් විශාල ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපට විශ්වාසයි.”

Creator Z16 මිලදී ගැනීම සඳහා: https://msi.gm/3mhAZBe
Delta 15 මිලදී ගැනීම සඳහා: https://msi.gm/30klp02
Bravo 15 මිලදී ගැනීම සඳහා: https://msi.gm/30klp02
Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *