Sinhala

CMA Excellence in Integrated Reporting Awards 2021 සම්මාන උළෙලේ ප්‍රමුඛත්වය ගැනීමට DIMO සමත් වේ

CMA Excellence in Integrated Reporting Awards 2021 සම්මාන උළෙලේ  විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ප්ලැටිනම් සම්මාන ලාභියා බවට පත් වීමට DIMO සමත් විය.CMA Excellence in Integrated Reporting Awards 2021 සම්මාන උළෙලේ දී අඛණ්ඩව වසර හතක් පුරා  විශිෂ්ටත්වය පෙන්නුම් කළ ආයතන ඇගයීම සඳහා මෙම වසරේ ප්ලැටිනම් සම්මානය හඳුන්වා දෙන ලදී. ප්‍රථම වරට ප්‍රධානය කරන ලද මෙම ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය.

Best Integrated Report – Diversified Holdings Sector සඳහා වන රන් සම්මානය ද DIMO හට හිමි විය.සිය ජයග්‍රාහී ගමන අඛණ්ඩව සනිටුහන් කරමින්   Best Concise Integrated Report’ යන අංශය සඳහා වන සම්මානය ද DIMO දිනාගත් අතර ‘Five Excellent Integrated Reports’ අතරට පැමිණීමට ද DIMO  හට හැකියාව ලැබුණි.මීට අමතරව, DIMO හි අධ්‍යක්ෂ, ප්‍රධාන මූල්‍ය නිලධාරි සහ සමාගම් ලේකම් සුරේෂ් ගුණරත්න මහතා CMA CFO විශිෂ්ටතා සම්මානයෙන් ද පිදුම්  ලැබීය.

DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය.“මෙම සම්මාන DIMO  හි සේවය කරන  සියලු දෙනාගේ වෙහෙස මහන්සිය  සහ කැපවීම පිළිබඳ හොදම සාක්ෂියක් වෙනවා.DIMO  සේවක ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බල ගැන්වීම අපගේ ප්‍රධාන දැක්මයි.මේ තුලින්  අනාගතයේදී තවත් සාර්ථකත්වයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *