Sinhala

ලොව සුපතල realme Number Series ස්මාර්ට්ෆෝන් දුරකථන අලෙවිය මිලියන 40 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ වේගයෙන් ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, පසුගියදා ශ්‍රී ලංකාව තුළ  සිය පළමු වන මෙහෙයුම් වසර සමරුවේ, ගෝලීය වශයෙන් ජනප්‍රිය realme “Number smartphone” ජංගම දුරකථන පෙළෙහි අලෙවිය මිලියන 40 ක්ද වාර්තා කරමිනි.

ජනප්‍රිය realme “Number smartphone” ශ්‍රේණියේ පළමුවන ස්මාර්ට්ෆෝන් දුරකථනය වන ‘realme 1’, 2018 මැයි මාසයේ දී හඳුන්වා දෙනු ලැබුවේ අඟල් හයක පුළුල් තිරයක් සහ ඇන්ඩ්‍රොයිඩ් 8.1 මෙහෙයුම් පද්ධතිය සමඟිනි. ඉන් පසුව  ‘realme 2’  2018 සැප්තැම්බර් මාසයේ ද, ‘realme 3’ 2019 මාර්තු මාසයේ ද, ‘realme 4’ 2019 මැයි මාසයේ ද, ‘realme 5’ 2019 අගෝස්තු මාසයේ ද, ‘realme 6’ 2020 මාර්තු මාසයේ ද, ‘realme 7’ 2020 ඔක්තෝබර් මාසයේ ද, ඇන්ඩ්‍රොයිඩ් 11 මෙහෙයුම් පද්ධතිය සමඟින් එන නවීනතම ‘realme 8’ ස්මාර්ට්ෆෝන් දුරකථනය 2021 මාර්තු මාසයේදී ද හඳුන්වා දෙන ලදී.

realme “Number smartphone” ශ්‍රේණියේ (realme 1 සිට realme 8 දක්වා) සමස්ත අලෙවිය 2022 ජනවාරි මස මැද භාගය වන විට මිලියන 40 සීමාව ඉක්මවා ගියේ එහි සාර්ථකත්වය සනිටුහන් කරමිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Realme ශ්‍රී ලංකා හි අලෙවිකරණ ප්‍රධානී Shawn Yan මහතා මෙලෙස පැවසුවේය. “මෙය Realme හි “Dare to Leap” සංකල්පය සමඟින් පෙරට යන ගමනේ ගෝලීය සන්ධිස්ථානයක්. realme “Number smartphone” ශ්‍රේණියේ විශේෂත්වය වනුයේ realme ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයට පිවිසි 2018 වසරේදී ම මෙම දුරකථන ශ්‍රේණිය ද හඳුන්වා දීමයි. 2018 වසරේ ආරම්භ වූ ස්මාර්ට්ෆෝන් නව යුගයට පිවිසෙන්න “Number smartphone” ශ්‍රේණිය අපට ඉමහත් ශක්තියක් වුණා. 2018 න් පසු හඳුන්වා දෙන ලද ස්මාර්ට්ෆෝන් බොහෝමයක් ‘නව යුගයේ ස්මාර්ට්ෆෝන්’ වන අතර realme හි මෙම හඳුන්වා දීමත් සමඟ තවත්  බොහෝ සන්නාමයන් ඔවුන්ගේ නව යුගයේ ස්මාර්ට්ෆෝන් හඳුන්වා දුන්නේ අප දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා බව තහවුරු කරමිනි. 2021 වසරේ ලොව වැඩිම නැව්ගත කිරීම් ලැයිස්තුවේ 4 වෙනි ස්ථානය දින ගැනීමට “Number smartphone” ශ්‍රේණිය  සමත් වූ අතර  සමස්ත ස්මාර්ට්ෆෝන් ඉතිහාසයේ ඒකක මිලියන 100ක් නැව්ගත කළ වේගවත්ම සන්නාමය බවට පත්වීමේ භාගයද හිමිකර ගැනීමට realme සමත් වුණා.”

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *