Sinhala

TK Elevator හි අන්තර්ජාතික හොඳම බෙදාහරින්නා ලෙස DIMO පත් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ජර්මානු සංචලන විසඳුම්  සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන TK Elevator හි (පෙර thyssenkrupp Elevator ලෙස හැඳින්වූ) 2021 වර්ෂය සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ලෙස සම්මානයට පාත්‍ර වේ.

විශිෂ්ට අලෙවිය සහ පැය 24ක සේවා පහසුකම,කෙටි කාලයක් තුළ වෙළඳපල කොටස  වර්ධනය කර ගැනීම සහ  කලාපයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල ව්‍යාපෘති ද්විත්වයක්  සුරක්ෂිත කිරීම සඳහා DIMO මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ අතරින් මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපල DIMO හි නවතම විදේශීය ව්‍යාපෘතියයි. මෙයට TKE Elevators,Escalators සහ Moving Walks  41ක් සැපයීම, ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (පර්යන්ත 1) මගී පර්යන්ත ගොඩනැගිල්ලේ විගමන ප්‍රදේශය නැවත ස්ථානගත කිරීමේ ව්‍යාපෘතියට TK elevators සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම අනෙකුත් ව්‍යාපෘතිය වේ.

DIMO හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පවසන ලදී.  “2021 දී DIMO හිමි කර ගත් මෙම “Global Distributor” සම්මානය අපගේ තවත් එක් සන්ධිස්ථානයක්. මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳව මම DIMO කණ්ඩායමට සුබපැතුම් පිරිනමනු ලබනවා. එමෙන්ම මේ සම්මානය   අපට ලබා දීම සම්බන්ධයෙන් TKE වෙත ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

DIMO සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “DIMO විසින් 2018 වසරේ සිට  ජර්මානු TKE නිෂ්පාදන ශ්‍රී ලංකා සහ මාලදිවයින් වෙළෙඳපොළ වෙත  බෙදා හැරීම ආරම්භ කර තියෙනවා.එතැන් සිට, 2020 වසර අවසන් වන විට TKE  වෙළඳපල කොටස සැලකිය යුතු ලෙස වැඩි කිරීමට DIMO හට හැකියාව ලැබී  තියෙනවා.DIMO හි  අසමසම අලෙවියෙන් පසු  සේවාව සහ එම සේවාව බලගන්වන පළපුරුදු සහ ඉහළ සුදුසුකම් ලත් ඉංජිනේරු කණ්ඩායමක සේවා සහය මෙම ජයග්‍රහණයට තවදුරටත් හේතුවක් වී ඇතැයි මා විශ්වාස කරනවා.”

Softlogic – කුරුණෑගල, Cargills Square – කොළඹ 09, Cargills – බණ්ඩාරවෙල Cargills Square – කටුබැද්ද, Cargills Ceylon (PLC) – මහනුවර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ පරිගණක විද්‍යා පීඨය,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය, සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ, ලංකා බැංකුව – කොටුව, Radisson Collection  – තල්පේ, Barberyn Beach – වැලිගම සහ Mount Clifford Residencies – හෝමාගම ඇතුළු ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධාන ව්‍යාපෘති රැසකට  DIMO ,TKE විසදුම් ලබා දී ඇත. මීට අමතරව, වැලිගම Marriott Resort & Spa,අමාරි ගාල්ල, ඕසෝ හෝටලය – මහනුවර, හැව්ලොක් සිටි මහල් නිවාස සහ තවත් බොහෝ ස්ථානවල නඩත්තු කොන්ත්‍රාත්තු DIMO ලබාගෙන ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *