Sinhala

IIT ආයතනයේ 27 වන උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, ඔවුන්ගේ 27වන වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්විණි.  වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා එක්ව පැවැත්වුණු මෙම උපාධි ප්‍රධානෝත්සවය තුළදී, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය, පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධිය , ව්‍යාපාර තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය, විලාසිතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය,  උසස් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය,   සයිබර් ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෝහාරික නීති පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධි පාඨමාලාවන් සාර්ථකව නිමකළ සිසුන් සඳහා උපාධි සහතික පිරිනැමීම සිදුකරන ලදී. 

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි සභාපති චන්න ද සිල්වා මහතා සහභාගී වූ අතර, IIT හි  කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය, IIT සමාගම් සමූහයේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා සහ IIT හි ප්‍රධාන විධායක නිලධාරී මොහාන් ෆර්නැන්ඩෝ මහතා සහභාගී විය.  තවද මෙවර උපාධි සම්මාන ප්‍රධානෝත්සවය සඳහා  වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතා ඔන්ලයින් ආකාරයට සහභාගී විය.

මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් 407 දෙනෙකු උපාධි හිමිකරගත් අතර, සිය අධ්‍යාපන කාලය තුළ සුවිශේෂී දක්ෂතාවන් පෙන්වූ සිසුන් රැසක් සඳහා විශේෂ සම්මාන ද ප්‍රධානය කෙරෙණි.

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමෙන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා  තිබේ. මෙම උපාධිධාරීන් දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං- ව්‍යාපාරිකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින් සාර්ථකව සිටිති. ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)ආරම්භයේ පටන්, මේ දක්වා ලොව පුරා ආයතන සිය ගණනකට උපාධිධාරීන් දහස් ගණනක් සපයා තිබේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *