Sinhala

Huawei විසින් කලාපීය මට්ටමේ කුසලතා සංවර්ධනය මූලික කර ගනිමින්  ආසියානු පැසිෆික් Seeds for the Future දියත් කරයි

Huawei විසින් ASEAN පදනම සහ තායිලන්ත සංචාරක අධිකාරිය හා එක්ව ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. අගෝස්තු 19 සිට 27 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, මෙමගින් තායිලන්තය, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය ඇතුළු රටවල් 16 ක දක්ෂ සිසුන් 120 කගේ කුසලතා සංවර්ධනය කිරීමට නියමිතය. මේ සඳහා සහභාගී වන සිසුන් හට Tech4Good ව්‍යාපෘති හරහා සමාජ ගැටලු විසඳීමට තාක්ෂණික විසඳුම් යෝජනා කිරීමටත් විවිධ සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමටත් අවස්ථාව හිමිවේ.  Huawei සහ ASEAN පදනම 2021 වසරේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් පසු, ඒ හරහා ක්‍රියාත්මක වන ප්‍රථම වැඩසටහන මේ බවට පත්වේ. මේ සඳහා සහභාගී වන සිසුන් හට  බැංකොක් වෙත සංචාරය කරමින් එහි සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.

මෙහි සමාරම්භක උත්සවයට පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ද සහභාගි විය. කලාපයේ ඩිජිටල් කුසලතා  පද්ධතිය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේදී බහු-පක්ෂ සහයෝගීතාවය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙම අවස්ථාවේ දී ක්ෂේත්‍ර ප්‍රවීණයින් විසින් ඉස්මතු කරන ලදී.

තායිලන්තයේ නියෝජ්‍ය අගමැති සහ වාණිජ අමාත්‍ය ගරු Jurin Laksanawisit මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය: “2022 දී තායිලන්තය සත්කාරකත්වය දරනු ලබන ආසියා පැසිෆික් කලාපයේ Huawei Seeds for the Future විවෘත කිරීමේ උත්සවයේ මුලසුන දැරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වන අතර Huawei වැනි සංවිධානයක් මෙය සංවිධානය කිරීම පිළිබඳව මම ස්තුතී වන්න වෙනවා.Huawei වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහල නංවනු ඇති අතර ඩිජිටල් සංවර්ධනය තුළින් ආර්ථිකයන් වඩාත් දියුණු තලයකට ගෙන ඒමට හේතු වෙනවා.” 

මේ පිළිබඳ අදහස් දක්වමින් ASEAN හි මහලේකම් ගරු Dato Lim Jock Hoi මෙලෙස පවසා සිටියි.  “මෙම ව්‍යාපෘතිය මඟින් වෙනස්වන වැඩ ලෝකය සහ කර්මාන්තයේ ප්‍රගමනයන් සඳහා ASEAN කලාපයේ තරුණ තරුණියන් හට සහයෝගීව කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා ලබා දෙනවා. මේ සඳහා  Huawei හි දිගුකාලීන කැපවීම මම අගය කර සිටිනවා. මැලේසියාව, තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් 23,465 දෙනෙකු පුහුණු කිරීම සඳහා දේශීය පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් Huawei ASEAN ඇකඩමියට ප්‍ස්තුතිවන්ත වීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

ආසියාන් පදනමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය Yang Mee Eng මහත්මිය පැවසුවාය. “ආසියාන් ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කලාපයේ තරුණ තරුණියන්ට එයට සහභාගී වීමට ඇති හැකියාව මතය. ඩිජිටල් දැනුමක් ඇති සහ නව්‍ය ගැටලු විසඳන්නන්ගේ පරම්පරාවක් පෝෂණය කිරීම සඳහා, අපගේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ ඩිජිටල් කුසලතා දියුණු කිරීමට ඉඩ සලසන ශක්තිමත් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ASEAN හි පාර්ශවකරුවන්ට අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතිය කලාපයේ ඩිජිටල් කුසලතා හිඟය පියවා ගැනීමට උපකාර වන කුසලතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට කැපවී සිටින ASEAN පදනම-Huawei හවුල්කාරිත්වයේ තවත් සාර්ථක ව්‍යාපෘතියක් වන බව ඇය විශ්වාස කරයි.”

තායිලන්තයේ සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් Krisada Kongkajan මහතා, ASEAN වෙත Lao PDR හි නියෝජ්‍ය Sengpraarthid Snookphone මහතා, ITU හි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ Atsuko Okuda මහත්මිය සහ UNESCO අධ්‍යාපනි හා නවෝත්පාදන අංශයේ ප්‍රධානී සංවර්ධන Libing Wang මහතා මෙය කලාපීය දැනුම හුවමාරුව සඳහා වන විශිෂ්ට වැඩසටහනක් බව පිළිගත් අතර, 2022 Asia Pacific Seeds for the Future සඳහා මෙන්ම සිසුන්ට ඔවුන්ගේ ගමන සඳහා සුබ පැතුම් ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන ASEAN පදනමේ විධායක අධ්‍යක්ෂ Dr. Yang Mee Eng, ඩිජිටල්කරණ පර්යේෂණ සහ සංවර්ධන සඳහා TAT හි නියෝජ්‍ය අධිපති Nithee Seeprae, Huawei Asia Pacific හි සභාපති Simon Lin සහ Huawei තායිලන්ත ප්‍රධාන විධායක නිලධාරී Abel Deng යන මහත්වරුන් එක්ව දියත් කරන ලදී. සහභාගිවන්නන්ට TAT වෙතින් තානාපති සහතික ද පිරිනමන ලදී. සිසුන් බැංකොක්හි එක්සත් ජාතීන්ගේ කලාපීය මධ්‍යස්ථානය, මෙටාවර්ස් එක්ස්පෝ සහ බැංකොක්හි ග්‍රෑන්ඩ් පැලස් ඇතුළු අඩවි චාරිකා වලින් පිරුණු සංස්කෘතික හා ඩිජිටල් ගමනක් ආරම්භ කරනු ඇත. ඒ අතරම, සහභාගිවන්නන්ට 5G, AI, සහ ක්ලවුඩ් කම්පියුටින් වැනි අති නවීන තාක්‍ෂණයන් පිළිබඳව කර්මාන්තයේ ප්‍රමුඛ විශේෂඥයින්ගෙන් පුහුණුව ලබා දෙනු ඇත.

මෙහි ඩිජිටල් පුහුණු වැඩසටහන අතරතුර, සහභාගිවන්නන් කණ්ඩායම් වශයෙන් එකතු වී “Tech4Good” ව්‍යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එහිදී ඔවුන් වඩා හොඳ ඩිජිටල් ලෝකයක් සඳහා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනු ඇත. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 4 දක්වා සිංගප්පූරුවේ පුහුණුවක් ලබාදීමට නියමිතය. මෙම පුහුණුව ඔවුන්ට ඉහළ පෙළේ ව්‍යවසායකයින් සහ ආයෝජකයින් හමුවීමට සහ ඔවුන්ගේ මුලපිරීම් තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාවක් ලබාදෙයි. ලොව පුරා ඉහළම විශ්ව විද්‍යාලවල තරුණ දක්ෂතා එක් කරන Huawei හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වේ. Seeds for the Future වැඩසටහන 2008 දී තායිලන්තයේ දියත් කරන ලද්දේ ICT කුසලතාවන් දිරිමත් කිරීමට සහ ඩිජිටල් විසඳුම් සමඟ සමාජ අභියෝගවලට මුහුණ දීමට ඔවුන් දිරිගැන්වීම සඳහා ය. 2021 අවසානය වන විට, මෙම වැඩසටහන රටවල් 137 ක සහ කලාපවල ක්‍රියාත්මක කර ඇති අතර, විශ්ව විද්‍යාල 500 කට අධික සංඛ්‍යාවක සිසුන් 12,000 ක් වෙත ළඟා විය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *