Sinhala

ගොයම් කැපීමේ  විප්ලවීය වෙනස,  Kubota DC-93G අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රය  උතුරුකරයට හඳුන්වාදුන් වගයි

හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited)  විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන  Kubota හි නවතම  Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ සාඩම්බරණීය පාරිභෝගිකයෙකු වන යාපනයේ කිලායි හි පදිංචි, මහේස්වරන් කපිල්රාජ්  මහතා වෙත  මෙම යන්ත්‍රය  පිරිනමමින් හේලීස් ඇග්රිකල්ච ආයතනය සිය ගමනේ තවත්  සන්ධිස්ථානයක් උතුරුකරයේ සනිටුහන් කළේය.

කුඹුරේ ස්වභාවය අනුව මෙම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය මඟින් දිනකට අක්කර 15ක පමණ උපරිම අස්වැන්නක් නෙළා ගත හැකි අතර වැටුණු ගොයමේ සහ එරෙන කුඹුරුවල ද  පහසුවෙන් ගොයම් කැපීමේ හැකියාව සහිතය. වෙළෙඳපලේ ඇති අනෙකුත් සියලුම මාදිලි වලට සාපේක්ෂව Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය නවීන පහසුකම් වලින් සමන්විත වේ. මෙම නවතම නිමවුමෙහි ඇති  ශක්තිමත් නිමාව  තුළින් යන්ත්‍රයේ  දිගු කාලීන පැවැත්ම  සහතික කරන අතර පුළුල් කැපුම් තල මඟින්  වැඩි  කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. එමෙන්ම අලෙවියෙන් පෙර හා පසු විශිෂ්ට සේවාව සමඟින් මෙම යන්ත්‍රයට අවශ්‍ය කුබෝටා නියම අමතර කොටස් (Kubota Genuine Spareparts) ලබා ගැනීමේ පහසුකම් ද හේලීස් ඇග්රිකල්ච ආයතනය විසින් සලසා දී ඇත.  අශ්ව බල 93ක ධාරිතාවක් සහිත ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන මෙම යන්ත්‍රය මඟින් වැඩි ඉන්ධන පිරිමැස්ම සහ වේගවත් බවක් ලබාදෙන අතර මෙය  අවම කාලයක් වැය කොට ඉහළ ආදායමක් උපයා ගැනීමට ඉවහල් වන කදිම ආයෝජනයක් වනු ඇත.

මෙම නවතම යන්ත්‍රය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශයෙහි අධ්‍යක්ෂ / ව්‍යාපාර ඒකක ප්‍රධානී සුමිත් හේරත් මහතා මෙසේ පැවසුවේය. “Kubota DC-93G ගොයම් කැපීමේ යන්ත්‍රය ගොවි ප්‍රජාවට හඳුන්වා දීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාවේ ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම යන්ත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ ඕනෑම කුඹුරක පහසුවෙන් සහ වැඩි කාර්යක්ෂමතාවයකින් ගොයම් කපා ගැනීමේ අවස්ථාව හිමි කර දෙනවා. Kubota සමඟින්, තිරසාර සහ සමෘද්ධිමත් කෘෂිකර්මාන්තයක් කරා ගමන් කරන ගොවි ප්‍රජාවට සහාය වෙමින් ගොවිතැන් කටයුතු ඉහළ නැංවීම අපගේ අරමුණයි.”

කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස, හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සිය නවෝත්පාදනයන් තුළින් නිරතුරුවම ගොවි ප්‍රජාව සවිබල ගන්වන අතර විශිෂ්ට කෘෂිකාර්මික විසඳුම් සපයමින් මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටියි. අවම ශ්‍රමයක් යටතේ උපරිම ඵලදායිතාවක් ලබා දෙන මෙම අති නවීන Kubota DC-93G ගොයම් කැපීමේ යන්ත්‍රය ද මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් කෘෂි කෂේත්‍රයේ දියුණුව කෙරෙහි මහඟු දායකත්වයක් සපයනු ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *