Sinhala

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන සාමාජිකයින් 145 දෙනෙකු අගයයි

Ocean Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන අතර, පසුගිය දා එම සමාගම සංවිධානය කළ ‘OCL සේවා අභිමන් – 2022’ සම්මාන උලෙළේ දී සිය දිගුකාලීන සේවා සගයින් ඇගයීම සිදු කෙරිණි.
Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සිය අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිණි. “ආයතනය වෙනුවෙන් කැප වන සේවක සේවිකාවන් පිරිසක් ලැබීම පිළිබඳව ඇත්ත වශයෙන් ම අපි ආඩම්බර වෙනවා. ඒ වගේ ම වසර ගණනාවක් ඔවුන් අප සමාගම වෙනුවෙන් කැපවීම අපි ඉතා ගෞරවයෙන් අගයනවා. අද වන විට Ocean Lanka සමාගමේ සක්‍රීය සේවකයින් 788 දෙනෙකු වසර 10 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙනවා. එය සමස්ත සේවක සංඛ්‍යාවෙන් 41% කට ආසන්න ප්‍රතිශතයක්. ඒ වගේ ම තවත් සේවක සේවිකාවන් 190 දෙනෙකු වසර 20 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරනවා. ඔවුන් සංඛ්‍යාව මුළු සේවක සංඛ්‍යාවෙන් 10% ක්. විශේෂයෙන් වර්තමානයේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය මධ්‍යයේ පවා ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම ඇත්ත වශයෙන් ම ඇගයිය යුතුමයි.”
‘OCL සේවා අභිමන් 2022’ සම්මාන උළෙල යනු Ocean Lanka සමාගම විසින් පවත්වනු ලබන ඉතා සුවිශේෂී උත්සවයක් වන අතර, එය එම සමාගමේ කාර්ය මණ්ඩලය, සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය හා පක්ෂපාතීත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වැඩසටහනකි.
Ocean Lanka සමාගම සිය කාර්ය මණ්ඩලයේ හැකියාවන් අගයමින්, නිරන්තරයෙන් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කරන ආයතනයක් වන අතර, තම කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන සමාගමකි. එමනිසා ම Ocean Lanka සමාගමේ සියලු ම සාමාජිකයින් ආයතනය කෙරෙහි දැඩි විශ්වාසයකින් හා කැපවීමකින් ක්‍රියා කරන බව පැවසිය යුතුමය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *