Sinhala

දීවා වෙතින් හඳුන්වා දෙන නව “දිරිය” රෙදි සෝදන කුඩු  පාරිභෝගිකයන්ට  සහන මිලට

මෙරට ප්‍රමුඛතම රෙදි සෝදන කුඩු සන්නාමය වන දීවා  ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ හදවත්වලට සමීපතම සන්නාමයක් බවට පත් වෙමින්, දැරිය හැකි මිල ගණන් යටතේ, උසස් ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. එමෙන් ම ආර්ථික  අභියෝගයන්ගෙන් පිරි වර්තමානයේ පාරිභෝගිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුත් දීවා, ඔවුන් වෙත සහය දැක්වීම අරමුණු කරමින් ‘දිරිය’ රෙදි සෝදන කුඩු හඳුන්වා දී ඇති අතර, එය  සන්නාමයේ අරමුණු මූලික කර ගත් මුල පිරීමක් වන ‘දීවා දෑතට දිරියක්’ යටතේ ක්‍රියාත්මක කෙරිණි.

නව දීවා දිරිය රෙදි සෝදන කුඩු ග්‍රෑම් 500 ක පැකට්ටුවක් හා ග්‍රෑම් 40 පැකට්ටුවක් පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන අයුරින්, සහන මිලට වෙළඳපොළ වෙත නිකුත් කෙරෙයි. එමෙන් ම  දීවා දිරිය රෙදි සෝදන කුඩු මගින් රෙදිවල කුණු හොඳින් ඉවත් කරන අතර, ඇඳුම්වලට  නැවුම්   සුවඳක් ගෙන දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේමාස්  මැනුෆැක්චරින් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා “අපි පසුකරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක්. එදිනෙදා කටයුතු සඳහා අත්‍යවශ්‍ය  නිෂ්පාදන තෝරා ගැනීමේ දී පාරිභෝගික ජනතාව මිල ගැන වඩාත් සැලකිලිමත් වන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න පාරිභෝගික ජනතාවට  සහයෝගය දැකවීම වෙනුවෙන්  දැරිය හැකි මිලට, ගුණාත්මක බවින් ඉහළ ‘දීවා දිරිය’ රෙදි සෝදන කුඩු නිෂ්පාදනය හඳුන්වා දීමට අපි කටයුතු කළා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

දීවා සිය පාරිභෝගික ජනතාවගේ එදිනෙදා රෙදි සේදීමේ ක්‍රියාවලිය  පහසු කිරීම පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරයි. පාරිභෝගික කේන්ද්‍රීය නිෂ්පාදන තුළින් විශ්වාසය දිනා ඇති දීවා සියලු ම ආර්ථික මට්ටම්වල පාරිභෝගිකයින්ට මිල දී ගත හැකි ගෘහස්ථ සන්නාමයකි. විවිධ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන්හි දී පාරිභෝගික ජනතාව වෙත සහයෝගය දැක්වීම සඳහා හොඳ ම තත්ත්වයේ රෙදි සෝදන කුඩු සහන මිලට ලබා දීමට කටයුතු  කරයි. රෙදි සෝදන කලාවේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් විශිෂ්ට සේවාවක් ලබා දෙන දීවා, පුළුල් පරාසයක රෙදි සෝදන කුඩු නිෂ්පාදන රැසක් හඳුන්වා දෙයි. දීවා දේශීය පාරිභෝගික ජනතාවගේ  හදවත්  හොඳින් ම අවබෝධ කරගෙන ඇති දේශීය සන්නාමයක් වන අතර, එය දීවා පවර් රෙදි සෝදන කුඩු හා දියර, දීවා සබන් සහ දීවා ෆ්‍රෙෂ් රෙදි සෝදන කුඩු යන නිෂ්පාදනවලින් සමන්විත වේ.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පිළිබඳව

Hemas Consumer Brands ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත. ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන් Hemas Consumer Brands ශ්‍රී ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *