Sinhala

FitsAir ඩුබායි වෙත සිය ගුවන් ගමන් වැඩි කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය  දෛනික ගමන් වාර වැඩි කරන ලදී. මෙම ගමනාන්ත දෙක අතර දෛනික සේවා 2023 මාර්තු 26 සිට ආරම්භ වීම සිදු විය.

දෙරටෙහි සංචාරකයින්ගෙන් ලැබුණු ඉල්ලුමට සහ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ   ඉල්ලුම  ඉහළ යාමක් අපේක්ෂා කිරීම හේතු කොටගනිමින් මෙම තීරණයට එළඹ ඇති අතර සතියකට 4 වතාවක් ලෙස දිනපතා ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට නියමිතය. මෙම මාර්ගය දිගු ගුවන් ගමන් සඳහා සංක්‍රමණ ගමනාන්තයක් ලෙස යොදාගන්නා බැවින් සංචාරකයින් අතර ජනප්‍රිය බවක් උසුලයි.

FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර්  කාසිම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” අපගේ කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සේවාවේ වාර ගණන වැඩි කරමින් එය දෛනික සේවාවක් බවට පත් කරන ලද බව මම දැනුම් දෙන්නේ ඉතා සතුටිනි. මෙම නව සේවාව අපගේ පාරිභෝගිකයින් සඳහා වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් ලබා දීම උදෙසා අප ගන්නා ලද තවත් පියවරක් ලෙස හඳුන්වා දිය හැක.”

මෙම නව දෛනික ගුවන් වාර මගින් පාරිභෝගිකයින්ට ලොව ජනප්‍රියම සංචාරක ගමනාන්තයක්  සහ ව්‍යාපාරික සංචාරකයින් සඳහා කේන්ද්‍රස්ථානයක් වන ඩුබායි ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැපයේ. ලෝක මට්ටමේ සාප්පු සවාරි, සුඛෝපභෝගී නවාතැන් සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලින් සපිරුණු  පුළුල් පරාසයක ආකර්ශනීය දෑ  රැසක් ඩුබායි  සතුව පවතී.

FitsAir පසුගියදා කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් හඳුන්වා දී පාරිභෝගිකයින්ට තවත් නව ගමනාන්තයක් ද සපයන ලදී. 2022 ඔක්තෝම්බර් මාසයේදී සිය ගුවන් මගී සේවා දියත් කිරීමත් සමඟම සිය පාරිභෝගිකයින්ට වැඩි සංචාරක විකල්පයන් සහ වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් ලබා දීම උදෙසා  FitsAir ලබා දෙන දායකත්වය ප්‍රශංසනීය මට්ටමක පවතී.

තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී  සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයින්ට ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්,  අඩු වියදමක් සහිත ප්‍රමුඛතම ගුවන් ගමන් සපයන්නා  වීමට FitsAir  හි අපේක්ෂාවයි. මීළඟ කාර්තුවේදී නව ජාත්‍යන්තර ගමනාන්ත 3ක් දියත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම හෝ වැඩි විස්තර ලබා ගැනීම  www.fitsair.com වෙබ් අඩවියට පිවිසීම  මගින් හෝ පාරිභෝගික සහයක (+94) 117 940 940, WhatsApp (+94) 777 811 118 හරහා සිදුකර ගත හැක.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *