Sinhala

MAK Lubricants , Toyota Lanka සමඟ එක්වමෝටර් රථ සහ කාර්මික ලිහිසිකරණ විසඳුම් පිළිබඳව නව යුගයක් ආරම්භ කරයි

Toyota Lanka (Pvt) Ltd විසින් එහි අනුබද්ධිත ආයතනය වන Toyotsu Lanka (Pvt) Ltd   සහ Bharat Petroleum සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MAK Lubricants නව යුගයක සමාරම්භය පසුගියදා සනිටුහන් කරන ලදි.  “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා එම ආයතනවල ගෞරවනීය හවුල්කරුවන් සහ Bharat Petroleum Corporation Limited හි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙම අවස්ථාවට පැමිණ සිටි ආරාධිතයින් උණුසුම් ලෙස පිළිගනිමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා  Toyota Lanka අනුබද්ධ Toyotsu Lanka සහ Bharat Petroleum Corporation  අතර ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ සඳහන් කළේය. “අපගේ සමාගම් අතර පවතින මෙම හවුල්කාරිත්වය තුළින් පාරිභෝගිකයින්ට සහ අපගේ බෙදාහැරීම් ජාලයේ හවුල්කරුවන් වෙත  ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. දූරදර්ශී සමාගම් කිහිපයක් මෙවැනි හවුල්කාරිත්වයක් ඔස්සේ එකතු වූ විට කර්මාන්ත ක්ෂේත්‍රය නිසියාකාරව හැඩගස්වමින් ලෝකය යහපත් දිශාවක් වෙත හැරවිය හැකි බව අප විශ්වාස කරනවා.”

Bharat Petroleum යනු මෝටර් රථ සහ කාර්මික යෙදුම්වල ආන්තික පරිසර (extreme ambient) සහ මෙහෙයුම් තත්වයන් යටතේ (operating conditions) පවා ඉහළම කාර්ය සාධනයක් ලබා දෙන තාක්‍ෂණිකව දියුණු ලිහිසි තෙල්වල ප්‍රබල නවෝත්පාදකයකි. එහි MAK Lubricants සන්නාමය ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ද ලිහිසි තෙල් සහ ග්‍රීස් සඳහා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගෙන සිටියි. මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් Bharat Petroleum සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ පී.සුදාහාර් මහතා,එහි ලිහිසි තෙල් කර්මාන්ත අංශයේ (දකුණු ) ප්‍රධානී එස්.කන්නන් මහතා, ප්‍රධාන අපනයන කළමණාකාර මනීන්දර් සිං මහතා සහ ශ්‍රී ලංකාවේ කළමනාකරු උමේෂ් ලුහානා මහතා  ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. එහිදී  Bharat Petroleum හි විධායක අධ්‍යක්ෂ පී. සුදාහාර් මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.  “MAK ලිහිසි තෙල් කර්මාන්තය මෙහෙයවන දර්ශනය වන්නේ,  ගනුදෙනුකරුවන් අපගේ පාරිභෝගිකයින් පමණක් නොව  අපගේ සැබෑ හවුල්කරුවන් ලෙස සලකමින් කටයුතු කිරීමයි.  අපගේ  පර්යේෂණ ඔස්සේ නිෂ්පාදනයේ ගුණාත්මක බව මෙන්ම  උපකරණවල සේවා කාලය සහ පරිසර හිතකාමි බව  තවදුරටත් වැඩි දියුණු කිරීමට ඉදිරියේදී අපට හැකියාව ලැබේ යැයි අප බලාපොරොත්තු වෙනවා.”

Bharat Petroleum සහ Toyotsu Lanka අතර හවුල්කාරිත්වය සහ විශ්වාසය මෙන්ම Toyotsu Lanka විසින් සිය නිෂ්පාදන පිරිනැමීම් පුළුල් කිරීමට සහ උසස් තත්ත්වයේ ලිහිසි තෙල් තම පාරිභෝගිකයන් වෙත ලබා දීමට ඇති කැපවීම මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මැනවින් සංකේතවත් වූ අතර තවදුරටත් ඉහළ තලයක් වෙත Toyotsu Lanka සමාගම රැගෙන යාම කෙරෙහි බෙදාහරින්නන්ගේ කාර්‍යභාරය ප්‍රබල අනුබලයක් වූ බව අවධාරණය කරමින් ඔවුන් වෙත ගෞරව ප්‍රණාම පුද කිරීමද මෙහිදී සිදුවිය.

Toyota Lanka හි පූර්ණ අනුබද්ධිත Toyotsu Lanka සමාගම, ආරක්ෂිත සහ ගුණාත්මක සේවයක් සහ දැරිය හැකි මිලක් හඳුන්වාදෙමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් රාශියක් පිරිනමා ඇත. දිවයින පුරා ස්ථාන 1,000කට අධික ප්‍රමාණයක් දක්වා විහිදුණු අලෙවි නියෝජිත ජාලය සමඟින් Toyotsu Lanka මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ගුණාත්මකභාවයේ  සහ විශ්වසනීයත්වයේ සංකේතයක් ලෙස පාරිභෝගික ජනාදරය හිමි කර ගෙන තිබේ.ඉන්දියාවේ Bharat Petroleum  සමඟ ඇතිකර ගත් හවුල්කාරීත්වයට අමතරව ජපානයේ Toyota Tsusho Corporation හි CWORKS සහතික ලත් , අලෙවියෙන් පසු අමතර කොටස් ආනයන සහ බෙදාහරින්නා ලෙස ද Toyotsu Lanka  සමාගම සිය හවුල්කාරිත්වය ගොඩනඟාගෙන ඇත.

MAK Lubricants හඳුන්වාදීම ඔස්සේ   Bharat Petroleum Corporation සහ Toyotsu Lanka අතර ඇති හවුල්කාරිත්වය තුළින් ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට සහ වෙළෙඳපල පුළුල් කරගැනීමට ඇති අවස්ථාව වඩාත් සවිමත් කරයි. එමෙන්ම මෙය ආයතනික දැවැන්තයින් දෙදෙනෙකුගේ තවත් එක් හවුල්කාරීත්වයක් පමණක් නොව,  “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ ගනුදෙනුකරුවන් අපේක්ෂා කරනවාටත්  වඩා හොඳ නිෂ්පාදන සහ සේවාවන් සැපයීමේ පොරොන්දුවකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *