Sinhala

Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ.

සෞඛ්‍ය,ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳව ඉහළම ප්‍රමිතීන් සඳහා Alumex PLC නොසැලෙන කැපවීම මෙම ප්‍රමිතී හිමිකරගැනීම මගින් මැනවින් සනාථ වේ. මෙම ප්‍රමිතී සහතිකයන් මගින්  Alumex PLC හී බහුකාර්යය මෙහෙයුම් පහසුකම් ආවරණය කරනු ලබයි.

ISO 45001:2018 ප්‍රමිතී සහතිකය මගින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා දැඩි ප්‍රමිතීන් පිළිපැදීම, සියලු සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත සේවා පරිශ්‍රයක් සහතික කිරීම පිළිබිඹු කරනු ලබයි. එසේම ISO 14001:2015 සහතිකය හරහා Alumex PLC විසින් පාරිසරික බලපෑම්කාරී තත්ත්වයන් අවම කිරීම සහ තිරසාර භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා වූ සාර්ථකත්වය ඇගැයීමට ලක් වී ඇත.

මෙම ජයග්‍රහණයන්ට අමතරව පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා දේශගුණික අරමුදල මගින් ISO 14064-3:2019 ප්‍රමිති සහතිකය මත පදනම්ව හරිතාගාර වායු විමෝචනය සහ ඉවත්කිරීම් පිළිබඳව ආයතනික මට්ටමේ ප්‍රමාණකරණය හා වාර්තා කිරීමේ සුදුසුකම් Alumex PLC විසින් සහතික කර ඇත.

මෙම සහතිකය මගින් සමාගමේ ව්‍යාපාරික පාලන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම තහවුරු කරනු ලබයි. එසේම මෙම තත්ත්ව සහතිකය තුළින් නිවැරදි පාරිසරික කාර්ය සාධන වාර්තාකරණය හා විනිවිදභාවය මැනවින් නිරූපණය වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව Alumex PLC හි  කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” සේවකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව මෙන්ම අපගේ පරිසරය ආරක්ෂා කිරීම අප ආයතනික දර්ශනය තුළ වැදගත් කරුණක්. අපගේ වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කළමනාකරණය පද්ධතිය වෙනුවෙන් ISO 45001:2018 තත්ත්ව සහතිකය හා පාරිසරික කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 14001:2015 තත්ත්ව සහතිකය යන තත්ත්ව සහතික ද්විත්වය ලබාගැනීම තුළින් අපගේ පාර්ශවකරුවන්,ගනුදෙනුකරුවන් මෙන්ම සේවකයින් සඳහා අපගේ නොසැලෙන කැපවීම මැනවින් පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස සළකන්න පුළුවන්.’’

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ” මෙම දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මෙන්ම හොඳම භාවිතයන් වෙනුවෙන් කැපවීම හා උනන්දුව වැදගත් කරුණක්. ඒ අනුව මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන් මගින් නියමකර ඇති එම අවශ්‍යතා සපුරාලීම   මගින් අප කණ්ඩායමේ අප්‍රතිහත උත්සාහයේ සාධනීය සලකුණක් ලෙස සැළකිය හැකියි. එපමණක් නොව ISO 14604-3:2019 සහ ISO 14064 – 1: 2018 යන ප්‍රමිතීන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය සහ ඉවත්කිරීම් ප්‍රමාණ කිරීම හා වාර්තා කිරීම සඳහා වන අපගේ තත්ත්ව සහතිකයන් Hayleys Lifecode සමඟ අනූකූලව පාරිසරික කළමනාකරණ පද්ධතිය තුළින් 2030 වසර සඳහා අප සමූහයේ ESG අභිප්‍රායන් පිළිබඳව විනිවිදභාවය හා වගවීම මතු කරනු ලබයි.”

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *