ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි. Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික සහ ආන්ත්රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි.
මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර ලබා දීම සඳහා අති නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතරම ආමාශික සහ ආන්ත්රික රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් යුත් ඉතා දක්ෂ කාර්ය මණ්ඩලයක් විසින් මෙය මෙහෙයවනු ලබයි. Endoscopy හි ක්‍රියා පිළිවෙල සිරුරට අවම බලපෑමක් කරන අතර ආමාශයේ ආම්ලික රෝග, ගැස්ට්‍රයිටිස් සහ මහා බඩවැලේ පිළිකා වැනි රෝග තත්වයන් හඳුනා ගනිමින් එම තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරයි.
මෙම නවීනතම සෞඛ්‍යය සේවාව හඳුන්වා දෙමින් Ninewells රෝහලේ කළමනාකාරිත්වය පැවසූවේ, “අප විසින් කාන්තා සහ ළමා සෞඛ්‍යය සේවාවන් වෙනුවෙන් සපයන සුවිශේෂී සත්කාර සඳහා පවුල්වල විශ්වාසය දිනා ගෙන සිටින අතර, පවුලේ සමස්ත සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම සඳහා තවදුරටත් එම සේවාවන් පුළුල් කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වෙනවා. රෝගියාගේ සුභසෙත වෙත මූලිකත්වය දෙමින් උසස් රෝග විනිශ්චය හා එක් එක් රෝගියාට ගැලපෙන සත්කාරයන්ගෙන් සමන්විත Endoscopy ඒකකය, සියලු සෞඛ්‍යය සේවා සත්කාරයන් එකම වහලක් යටින් ලබා දීම සඳහා Ninewells රෝහල සිදු කරන කැපවීම පෙන්නුම් කරනවා” යනුවෙනි.
Ninewells රෝහලේ 03 වන මහලේ පිහිටා ඇති මෙම නව ඒකකය රෝගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසමින් නිර්මාණය කර ඇත. නවතම උපකරණ, උසස් සනීපාරක්ෂාව සහ ආසාදන පාලනය කිරීමේ ක්‍රමවේද ඇතුළත්, මෙම ඒකකය upper & lower gastrointestinal endoscopy (gastroscopy) සහ therapeutic interventions සේවාවන්ගෙන් යුත් පුළුල් පරාසයක සේවා සපයයි.
Ninewells සිය සේවාවන් පුළුල් කරමින්, රෝහලේ හොඳම හා උසස්ම ප්රමිතීන් පවත්වා ගනිමින්, කාන්තා හා ළමා රැකවරණය වෙනුවෙන් සිය අඛණ්ඩ කැපවීම වෙනුවෙන් නොසැලී ඉදිරියට ගමන් කරයි. රෝහලේ විශිෂ්ට සේවාවන් තුළින් රෝගීන් අපේක්ෂා කරන කැපවීම හා සපයන සේවාවන්ගේ ගුණාත්මකබව Gastroenterology සහ Endoscopy පහසුකම් මගින් පිළිඹිබු කරයි.
සමස්ත පවුලටම විශ්වාසදායි සෞඛ්‍යය සේවා සපයන්නෙකු වීම සඳහා Ninewells සතු පුළුල් දැක්මෙහි එක් කොටසක් ලෙස මෙම නවීනතම හඳුන්වා දීම දැක්විය හැකිය. අති නවීන තාක්ෂණය හා පළපුරුදු විශේෂඥයින්ගේ විශේෂඥතාවයන් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලාංකිකයන් සඳහා විශිෂ්ට සෞඛ්‍යය සේවාවක් සැපයීම වෙනුවෙන් නව මං තැනීමට Ninewells රෝහල අඛණ්ඩව කටයුතු කරයි.
Recent Comments