
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki වාහන හි බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම (CF) සමඟ එක්ව ලයන් බෲවරි (සිලෝන්) පී.එල්.සී වෙත අලුත්ම Suzuki FRONX SUV රථ 44ක් සාර්ථකව භාර දෙන ලදී.
AMW, ලයන් බෲවරි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව හරහා විශ්වාසය, නවෝත්පාදනය සහ අන්‍යෝන්‍ය ප්‍රගතිය මත ගොඩනැඟුණු ආයතනික සහයෝගීත්වය ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
AMWහි කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික සමාගම් අතර සහයෝගීව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් “ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතන දෙකක් වන ලයන් බෲවරි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමඟ මෙම සහයෝගීත්වය සැමරීමට ලැබීම මහත් සතුටක්. අද දින Suzuki FRONX SUV රථ 44ක් භාරදීම ව්‍යාපාරික ගනුදෙනුවකට වඩා වැඩි යමක් නියෝජනය කරනවා. එය අපගේ සමාගම් අතර පවතින විශ්වාසය, ස්ථීරභාවය සහ සහයෝගී දැක්ම පෙන්වන සාක්ෂියක්. පාර්ශවකරුවන්ට සාර්ථකත්වය කරා යාම සඳහා අවශ්‍ය වන විශ්වාසනීය හා කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් ලබා දීම මගින් AMWහි අපගේ කැපවීම පෙන්නුම් කරනවා” යනුවෙන් අදහස් දැක්වීය.
තවද Suzuki සන්නාමය කෙරෙහි ඔවුන් තැබූ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් ලයන් බෲවරි සමාගමට සිය කෘතඥතාව පිරිනැමූ ඔහු, මෙම සාර්ථක සහයෝගීතාවයට පහසුකම් සැපයීම වෙනුවෙන් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමට ද ස්තූතිය පුද කළේය.
මැදපෙරදිග, අප්‍රිකාව සහ ආසියාව පුරා රටවල් 20 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaim සමූහය යටතේ AMW සතු උරුමය සහ ජාත්‍යන්තර ශක්තිය ගනේෂ් මහතා මෙහිදී ඉස්මතු කළේය. “ශ්‍රී ලංකාවේ වසර 76කට අධික සේවා විශිෂ්ටත්වයක් සමඟින්, AMWහි ප්‍රබල දේශීය විශේෂඥ දැනුම, Al-Futtaim සමූහයේ ගෝලීය ප්‍රමිතීන් සහ නවෝත්පාදනය සමඟ ඒකාබද්ධ කරයි. මෙය අපට වාහන පමණක් නොව, විශ්වාසය, ස්ථාවරත්වය සහ ලෝක මට්ටමේ සේවාව මත ගොඩනැඟුණු දිගුකාලීන වටිනාකමක් ලබා දීමට ඉඩ සලසනවා” යැයි ඔහු සඳහන් කළේය.
Suzuki FRONX SUV රථය, නවීන තාක්ෂණය, උසස් කාර්ය සාධනය සහ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සමන්විත වන බැවින් එය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාශීලීව සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වේ. එහි ආරක්ෂිත අංග, සුවපහසුව සහ උසස් තාක්‍ෂණය දෛනික භාවිතය සඳහා විශ්වසනීයත්වය සහතික කරන අතර, එය ලයන් බෲවරිහි මෙහෙයුම් විශිෂ්ටත්වය සමඟ මැනවින් ගැලපෙයි.
පාරිභෝගික තෘප්තිය කෙරෙහි AMW හි අවධානය නැවත තහවුරු කරමින් ගනේෂ් මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා පවතින AMW අලෙවියෙන් පසු සේවා ජාලය මගින් ලයන් බෲවරි රථ සමූහයට විශිෂ්ට සේවා සහායක් අඛණ්ඩව ලබා දෙන බවයි.
“පුහුණු කාර්මික ශිල්පීන්ගේ සහ ප්‍රමිතිගත Suzuki අමතර කොටස්වල සහාය ඇති අපගේ අලෙවියෙන් පසු සේවා ජාලය, සෑම වාහනයකම ඉහළ ක්‍රියාකාරීත්වය තහවුරු කරයි.අපගේ සේවාව හුදෙක් වාහන ලබා දීමක් නොව,මනසේ සැහැල්ලුව සහ දීර්ඝකාලීන ප්‍රතිලාභ ලබා දෙන්නකි ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
අවසාන වශයෙන්, ගනේෂ් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සුභවාදීව අදහස් පළ කළේය. “AMW සහ Al-Futtaim සමූහය වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. රජයේ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය, දේශීය කර්මාන්තවල ශක්තිමත්භාවය සහ දක්ෂ වෘත්තිකයන්ගේ වර්ධනය වන ශ්‍රම බලකාය යන සියල්ලම මෙම රටෙහි වර්ධනය සඳහා අපගේ අඛණ්ඩ ආයෝජනයට පෙළඹවීමක් ලබා දෙනවා,” යැයි ඔහු පැවසීය.
මෙම උත්සවය අවසන් වූයේ, ලයන් බෲවරි හි ප්‍රධාන අලෙවිකරණ හා විකුණුම් නිලධාරී මධුශංක රණතුංග මහතා වෙත සංකේතාත්මක යතුර භාරදීමෙන් වන අතර, එය Suzuki සහ AMW මගින් බලගැන්වෙන තවත් සාර්ථක ආයතනික ගමනක ආරම්භය සංකේතවත් කළේය.
END
Photo Caption
වම සිට දකුණ,
ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම නියෝජනය කරමින්,
උදාර ගුණසිංහ මහතා – අලෙවිකරණ ප්‍රධානී, ධනූෂ්ක ඒකනායක මහතා – බහු සන්නාම ප්‍රධානී, ප්‍රසන්න ද සිල්වා මහතා -අලෙවි අධ්‍යක්ෂ, ජවහර් ගනේෂ් මහතා – කළමනාකාර අධ්‍යක්ෂ
ලයන් බෲවරි (සිලෝන්) පී.එල්. සි නියෝජනය කරමින්,
මධුශංක රණතුංග මහතා – ප්‍රධාන විකුණුම් හා අලෙවිකරණ නිලධාරී, ගයාන් දොඩන්වල මහතා – ජ්‍යෙෂ්ඨ උප සභාපති – විකුණුම් හා වෙළඳ අලෙවිකරණ
සෙන්ට්‍රල් ෆිනෑන්ස් නියෝජනය කරමින්,
වයි. එස්. නිරෝෂණ මහතා – සහකාර සාමාන්‍යාධිකාරී – කුලී රථ ප්‍රවාහන සේවා, දිල්හාන් හෙට්ටිආරච්චි මහතා – කළමනාකරු – කුලී රථ ප්‍රවාහන සේවා
Recent Comments