Tata Motors සහ DIMO එක්ව Tata නවතම වෙළඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mic
By Mic
4 Min Read

ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා මනාව යෝග්‍ය වේ. මෙම නවතම වෙළඳ රථ පෙළ Tata සමාගමේ උසස් ක්‍රියාකාරීත්වයෙන් යුතු ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා දක්වන නිපුණතාවය පිළිබිඹු කරන අතර ඕනෑම තත්වයකට සුදුසු මෙම Tata වෙළඳ වාහන ඉහළ කාර්යක්ෂමතාවයක් සහ උපරිම සුවපහසුවක් ද පාරිභෝගිකයාට ලබා දෙයි.

Tata Motors හි විධායක අධ්‍යක්ෂ ගිරිෂ් වාග් මහතා ප්‍රකාශ කළේ මෙරට වෙළඳපල සම්බන්ධයෙන් අපි සතු අවබෝධයත්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍ර තුළ වර්ධනය සලකා බලමින් මෙම වෙළඳ වාහන පෙළ හඳුන්වා දී ඇති බවත්ය. මෙම වැඩි දියුණු කළ වෙළඳ වාහන  රථ පෙළ මඟින් උසස් ක්‍රියාකාරීත්වයක් සහ ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත. DIMO සමඟ දශක 6කට අධික සහයෝගිතාවය සමඟින් මෙම රථ පෙළ ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රවාහන ක්ෂේත්‍රය නව තලයකට යොමු කරමින් රටේ සංවර්ධනයට දායක වන බව තමා විශ්වාස කරන බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ, DIMO සහ Tata Motors සහයෝගීතාවය දීර්ඝ කාලයක් පුරාවට මෙරට වෙළඳ වාහන ක්ෂේත්‍රය නව මානයකට යොමු කර ඇති බවයි. මෙම රථ පෙළ සුපිරි ඉංජිනේරු තාක්‍ෂණයෙන් යුතුව  අනාගත ප්‍රවාහන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙරටට හඳුන්වා දී ඇති අතර DIMO හි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සමඟින් පාරිභෝගිකයාට මෙම රථ පෙළ හරහා උපරිම සේවාවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. DIMO සමාගම Tata Motors සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන විසඳුම්

  • Ultra ට්‍රක් රථ පෙළ  T.7, T.9, T.12, T.14, සහ 1918.T යන මාදිලි වලින් සමන්විත වේ. ඉහළ ඉන්ධන කාර්යක්‍ෂමතාවයක්, ඉහළ ක්‍රියාකාරිත්වයක් සහ පහසුවෙන් හැසිරවීමේ හැකියාව සමඟ ඉහළ කාර්ය සාධනයකින් යුක්ත වේ.
  • Prima 5530.S සහ Signa 5530.S prime movers ඉහළ තාක්‍ෂණයෙන් සමන්විත වන අතර ඉහළ ඉන්ධන කාර්යක්‍ෂමතාවයකින්, ආරක්‍ෂිත විශේෂාංග වලින් සහ ඉහළ කාර්ය සාධනයකින් යුක්ත වේ. මෙම prime movers රථ පෙළ භාණ්ඩ ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රවාහන සේවා සඳහා යෝග්‍ය වේ.

මගී ප්‍රවාහනය සඳහා වන විසඳුම්

  • LPO 1622 Magna බස් රථ – ඉහළ ක්‍රියාකාරීත්වය සහ ආයෝජනයට සරිලන ඉහළ ප්‍රතිලාභ ලබා දෙයි.Electronic Stability Control වැනි ආරක්‍ෂිත විශේෂාංග, air suspension මගින් ආරක්‍ෂාව සහ සුවපහසුව තහවුරු කරයි. මෙම බස් රථ දීර්ඝ ධාවනයන් සඳහා මනාව යෝග්‍ය වේ.
  • කාර්යක්‍ෂම කාර්යාල ප්‍රවාහන සේවයක් සඳහා Ultra Prime LPO 8.6 සහ LPO 11.6 බස් රථ හඳුන්වා දී තිබේ. ඉහළ ඉන්ධන කාර්යක්‍ෂමතාවය සහ ආසන 34 සහ 40කින් යුත් මෙම බස් රථ උපරිම සුවපහසුව, ආරක්‍ෂාව සහ අඩු පිරිවැයකින් යුක්ත වේ.

පාරිභෝගික සේවාව

  • මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවා ඇති DIMO සේවා මධ්‍යස්ථාන හරහා නියම අමතර කොටස් සඳහා පහසු ප්‍රවේශයක් සහ වාහන සේවා සඳහා උපරිම පාරිභෝගික සේවාවක් ලබා දෙයි.
  • පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ලබා දීමේ අරමුණින් සමහර මාදිලි සඳහා අවුරුදු 3ක් හෝ කිලෝ මීටර 300,000ක දීර්ඝ කරන ලද වගකීමේ සහතිකයක් ද ලබා දෙයි.
  • වෙළඳ වාහන නඩත්තුව සඳහා වාහන හිමියන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වාර්ෂික සේවා කොන්ත්‍රාත්තු ද වාහන හිමියන්ට මෙහිදී ලබා ගත හැක.

ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් තුළ සාර්ථක අලෙවියක් වාර්තාවන Tata Motors හි වෙළඳ වාහන sub-1-tonne mini ට්‍රක් රථවල සිට 60-tonne heavy-duty ට්‍රක් රථ මෙන්ම ආසන 9 සිට 71 දක්වා මගී ප්‍රවාහන විසඳුම් දක්වා  වූ පුළුල් පරාසයක විහිදේ. වෙළඳ වාහන පිළිබඳ දශක 07කට අධික පළපුරුද්දක් ඇති Tata සමාගම, ඉංජිනේරු ශිල්පය  සහ ගෝලීය නවෝත්පාදන මත පදනුම් වූ නිෂ්පාදන තුලින්  කාර්ය සාධනය, කල්පැවැත්ම සහ සම්පූර්ණ පිරිවැය කාර්යක්ෂමතාව අඛණ්ඩව සහතික කරයි.

Share This Article