Sinhala

vivo, Daraz සමග එක්ව මෙම උත්සව සමයේ ආකර්ෂණීය තෑගි පිරිනමයි

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන vivo සමාගම එළඹෙන Daraz 12.12 විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව vivo  සහ Daraz අඛණ්ඩ හවුල්කාරිත්වය යටතේ මෙම වසරේ තුන්වන වරටත් පාරිභෝගිකයින්ට නැවතත් ත්‍යාග පිරිනැමීමට සූදානම් වේ. මෙම උත්සව මාසයේදී vivo සිය ජනප්‍රියතම V සහ Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමක් සඳහාම පාරිභෝගිකයන් වෙත විශේෂ ත්‍යාග පිරිනැමීමට සුදානමින් සිටී. එය වසර අවසානයේ පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී වාසියක් සහ අපූර්ව අත්දැකීමක් වනු ඇත.

vivo සහ Daraz මෙම හවුල්කාරිත්වය යටතේ Daraz Grand Christmas Sale දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වේ. එහිදී vivo DarazMall හි vivo Flagship Store වෙතින් කෙරෙන vivo මිලදී ගැනීම් සඳහා Earbuds, Earphones සහ vivo T-shirts වලින් සමන්විත විශේෂ තෑගි පිරිනැමීම සිදුවේ.

Daraz 12.12 අලෙවි ප්‍රවර්ධනය මගින් පාරිභෝගිකයින්ට 44MP OIS Night Selfie පද්ධතියකින් සමන්විතව එන V21 5G වැනි Selfie Spotlight, AI Night Algorithm සමඟ නව්‍ය විශේෂාංග ඇතුළත් අද්විතීය night selfie අත්දැකීම් ලබා දෙන පුළුල් පරාසයකින් යුත් vivo ස්මාර්ට්ෆෝන් මිලදී ගත හැකිය. මෙහිදී  Y ශ්‍රේණිය යටතේ පාරිභෝගිකයින්ට Y1s, Y12s, Y20 සහ Y20s වැනි පුළුල් පරාසයක ස්මාර්ට් ජංගම දුරකථන තෝරාගත හැක. vivo Y1s විශිෂ්ට නැරඹුම් අත්දැකීමක් ලබා දීම සඳහා අඟල් 6.51ක Halo FullView Display එකකින් සමන්විතව හඳුන්වා දී ඇත. vivo Y12s දිගුකාලීන පරිශීලක අත්දැකීමක් සඳහා 3GB RAM සහිත දැවැන්ත 5000mAh බැටරි බලයක්ද ලබා දෙයි. එලෙසම අනෙක් අතට vivo Y20 අඟල් 6.51ක විශාල Halo FullView Display, 13MP Main camera, 2MP Bokeh Camera සහ  2MP Super Macro Camera සමඟින් පැමිණේ. මීට අමතරව, vivo Y20s ඉහළම මට්ටමේ gaming experience ලබා දෙන G80 Gaming Processorයකින් සමන්විතය. vivo හි අතිශයින්ම ජනප්‍රිය මෙම V සහ Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් ජාත්‍යන්තර මට්ටමේ තාක්‍ෂණයෙන් සමන්විතව ඔබ අතට පැමිණේ.

vivo විසින් මෙරට පාරිභෝගිකයන් සඳහා මිලදී ගැනීමේ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් මිලදී ගැනීමේදී, පරීක්ෂා කිරීමේදී ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම්, නොමිලේ බෙදාහැරීම සහ පහසු ගෙවීමේ සැලසුම් ද පිරිනමයි. දීමනා පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර https://click.daraz.lk/e/_7E4qH හි Daraz Mall හි vivo ප්‍රධාන වෙළඳසැල වෙත පිවිසෙන්න හෝ vivo Sri Lanka හි Facebook පිටුවට පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *