Sinhala

ඉ -ස්වභිමානි 2020 ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැයුම් උළෙලේ ජයග්‍රාහකයින් නිවේදනය කරයි

පසුගියදා පැවති සම්මාන උළෙලේදී  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) 10 වන ඉ -ස්වභිමානි ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැයුම්  උළෙලේ සම්මානලාභීන්ට සම්මාන ප්‍රදානය කළේය.

ඉ -ස්වභිමානි යනු  ජාතික ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැයුම්  උළෙලක් වන අතර එය දේශීය දක්ෂතා ඉහළ නංවා, නිසි පිළිගැනීමක් සහිතව ගෝලීය මට්ටමට ළඟා වීමට ඔවුන්ව සවිබල ගන්වනු ලබයි. එමෙන්ම   නව්‍ය හා නිර්මාණාත්මක ඩිජිටල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහාද  කැපවී සිටී.

 National Transport Commission හි MyBus-SL , Ceylon Electricity Board විසින් ඉදිරිපත් කරන ලද  CEB Assist Solutions ,Aasa IT Solutions විසින් ඉදිරිපත් කල   mmPro – Mining and Mineral Production Monitoring Solution  යන නිමැයුම්  රාජ්‍ය සහ පුරවැසි සම්බන්ධතා කාණ්ඩයේ ජයග්‍රාහකයන් බවට පත්විය. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය, ආරක්ෂක අමාත්‍යංශය හා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය , ස්වදේශ කටයුතු, පළාත් කවුන්සිල් සහ දේශීයා රාජ්‍ය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හා සහයෝගීව ඉ – ග්‍රාම නිළධාරී වෙනුවෙන් කුසලතා සම්මානය දිනා ගන්නා ලදි.   ජපානයේ ටෝකියෝ හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ MIS – TOKYO සහ Arimac Lanka හි COVID-19 Tracing Application  ජූරියේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබන ලදි.

සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය සහ  යන කාණ්ඩය සඳහා  Suleco (Pvt) Ltd හි CORSnet  විසින් ඇගයීම් සහතිකය දිනාගත් අතර Stephen Innovations (Pvt) Ltd හි SI SocketX  සඳහා  ජූරියේ විශිෂ්ටතා සම්මානය දිනා ගන්නා ලදී.

යොවුන් කාණ්ඩයේ ජයග්‍රාහකයන් වූයේ   Niftron (Pvt) Ltd විසින් ඉදිරිපත් කල Niftron ,   දිලුක්ෂන් උදයකුමර්  විසින් නිපැයූ  E-Waste Lanka , VirtualPT නිමැයුම ඉදිරිපත් කල  තමිඳු හෙයියන්දුව ,නිකිණි අමරපාල , , සතිෂ් රවිඳු ,විනුර ගුණතිලක  ,   Sawanatha (SLIIT Group)  විසින් ඉදිරිපත් කල Sawanatha සඳහා N.M.D.N විජේරත්න , K.W.T ශ්‍යාමලී ,  S.M. සේනානායක  සහ සවනි කවිෂ්කා ද සිල්වා    ගේ  Speakopedia නිපැයුම ද සම්මානයට පත්‍ර විය.

රාජ්‍ය  හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය  හා සුභසාධනය, ඉගෙනුම්  හා අධ්‍යාපනය , පරිසරය හා හරිත බලශක්තිය, ව්‍යාපාර හා වානිජ්‍ය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය , සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,  අන්තර්ග්‍රහය  හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය   යන  මුලික තරග කාණ්ඩ යටතේ මෙම සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා Huawei ටෙක්නොලිජිස්(පුද්)සමාගම අනුග්‍රහය දැක්වීය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *