Sinhala

වර්තමානයට ගැලපෙන Huawei ස්මාර්ට් උපාංග පෙළ

තාක්ෂණික ලොව නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් විවිධ වර්ගයේ SMART උපාංග හදුන්වාදී ඇත. මෙම ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ධ කරමින්  ඵලදායී  කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි අතර මෙම සුවිශේෂත්වය නිසාම  විශේෂ ඉල්ලුමක්  මේ ස්මාර්ට් උපාංග සදහා ලැබී ඇත. මෙම ස්මාර්ට් උපාංග අතර බොහෝ දෙනාගේ කතාබහට ලක්වන උපාංග ලෙස Huawei Nova 7i, FreeBuds 4i සහ Freelace Pro හදුන්වා දිය හැකිය. මේවයේ සිත් ඇදගන්නා විශේෂාංග බොහෝදෙනාගේ පැසසුමට ලක්වී ඇත.

Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ. 

ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.  තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙන Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ 256 GB ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.    තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් හැකියාව ලැබේ.

HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි පවතින්නා වූ විශේෂත්වය නිසාම මෙය වෙළද පොළේ ඉතා ඉහල ඉල්ලුමක් ලබාගනු ඇති බව නොරහසකි.

HUAWEI FreeBuds 4i මයික්‍රෝෆෝනය හරහා  ambient noise හඳුනාගෙන ප්‍රතිලෝම ශබ්ද තරංගයක් ජනනය කිරීම මගින් එම ශබ්දයන් අවම කරයි. ශබ්දය අවලංගු කිරීමේ ඇල්ගොරිතම මඟින් කාර්යබහුල වෙළඳ සංකීර්ණයක්,ඝෝෂාකාරී පොදු ප්‍රවාහන මාධ්‍යයක්, දුම්රිය ස්ථානයක්, කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ඝෝෂාකාරී ස්ථානයකදී ඉතා පැහැදිලි දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිකරදේ . මීට අමතරව ඔබ සංගීතය ශ්‍රවණය කිරීමට ප්‍රිය කෙනෙකු නම් ඕනෑම කලබල කාරී අවස්ථාවක කිසිදු බාහිර ශබ්දයක බලපෑමකින් තොරව නිදහසේ තව සංගීතයට සවන්දීමේ හැකියාව  Active Noise cancellation(ANC) විශේෂාංගය  හරහා හිමි වේ .

HUAWEI FreeBuds 4i හි  Awareness Mode මාදිලිය ද අන්තර්ගත වන අතර එමඟින් පරිශීලකයන්ට earbuds ඉවත් නොකර වටපිටාවේ ශබ්දය ඇසීමට ඉඩ සලසා දේ. Earbuds එක press කර එය එක දිගට hold කර සිටීමෙන් , HUAWEI FreeBuds 4iහි  Awareness Mode and Active Noise Cancellation Mode හරහා ස්වයංක්‍රීයව මාරුවීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .ඇමතුම් අතරතුර පරිසරයේ ශබ්දයන් නිසා ඇතිවන ඝෝෂාකාරිත්වය අවම කිරීම සඳහා, HUAWEI FreeBuds 4i හි three anti-interference තාක්ෂනය භාවිතාකර ඇති අතර මෙමගින් ඇමතුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කර දෙනු ලැබේ . සුවිශේෂී beamforming  තාක්ෂණය මයික්‍රොෆෝනයට පරිශීලකයාගේ කටහඩ  නිවැරදිව තෝරා ගැනීමට ඉඩ සලසන අතර ද්විත්ව මයික් පද්ධතිය හා slit-duct නිමාව හේතුවෙන් එළිමහන් සුළං ශබ්දය  අඩු කරනු ලැබේ. AI noise reduction තාක්ෂණයද භාවිතාකර ඇති නිසා තවදුරටත් අමතර ශබ්දයන් මගින් වන බාධාකිරීම් නවතා ගැනීමේ හැකියාව HUAWEI FreeBuds 4i සතුව ඇත.

ඕනෑම earbuds මාදිළියක වැදගත් විශේෂාංගයක් ලෙස බැටරි ආයු කාලය සැලකිය හැකිය . HUAWEI FreeBuds 4i විශාල, ඉහළ ශක්තියකින් යුතු  බැටරියකින් සමන්විත compact frame නිසා මෙම  HUAWEI FreeBuds 4i උපාංගය දිගු බැටරි ආයු කාලයක් සහිත  විශිෂ්ඨ උපාංගයක් බවට පත් කරයි.

Active Noise cancellation(ANC) විශේෂාංගය අක්‍රිය කර ඇති විට, HUAWEI FreeBuds 4i පැය 10 ක අඛණ්ඩ සංගීත සවන්දීමක්  හෝ පැය 6.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . charging case සමඟ එක්ව, එය පැය 22 ක සංගීත සවන්දීමක් හෝ පැය 14 ක හ voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ. Active Noise cancellation(ANC) සක්‍රිය කර ඇත්නම්, එයට පැය 7.5 ක අඛණ්ඩ සංගීත සවන්දීමක් සහ පැය 5.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . තවද,  මෙම උපාංගයන් අතර ප්‍රමුඛතම Charging තාක්‍ෂණය සහිත HUAWEI FreeBuds 4i මිනිත්තු 10 ක ආරෝපණයකින් පැය 4 ක ශ්‍රව්‍ය කාලයක් ලබා දෙයි. HUAWEI FreeBuds 4i සතු මෙම විශේෂ හැකියාව නිසා නිවසින් පිටතට පැමිණි  විට නොනවතින සංගීතමය රසාස්වාදයක් ලබාගැනීමට පරිශීලකයට අවස්ථාව හිමිවේ .

ඕවලාකාර හැඩැති,සිත්ගන්නා සුලු මනා නිමාවකින් යුතු HUAWEI FreeBuds 4i  සෙරමික් වයිට්(Ceramic White) සහ කාබන් ක්‍රිස්ටල් බ්ලැක්(Carbon Crystal Black) සමඟ රතු (Refreshing Red) යන වර්ණ තුනෙන් ලබාගත හැකිය .

 HUAWEI FreeBuds 4i හි Charging Case එක සැලසුම් කර ඇත්තේ පරිශීලකයාගේ අත්ලේ ප්‍රමාණයට සරිලන සේය, ඉතා විශාල හෝ කුඩා නොවන මෙම නිමැවුම, ඔබේ අතේ ගෙන යා හැකි පරිපූර්ණ ප්‍රමාණයේ උපාංගයක් වේ. HUAWEI FreeBuds 4i හි eadbuds වල හැඩය විශේෂ පරීක්ෂණ කිහිපයක ප්‍රථිපලයක් ලෙස දැක්විය හැකි අතර කණට ගැලපෙන සුවිශේෂී හැඩයකින් නිමවා ඇත .මෙහි භාවිතා කර ඇති උසස් තාක්ෂණය නිසා  ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දී පැහැදිලි ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දීමට HUAWEI FreeBuds 4i සමත් වේ.

HUAWEI FreeBuds 4i හි එක් earbuds එකක දිග මිලිමීටර් 10 වන අතර මෙහි හැඩය සහ ප්‍රමාණය නිසා  සුළං ශබ්දය අඩු කිරීමේ හැකියාව මෙයට හිමි වේ.බොහෝ පරිශීලකයින්ගේ දෛනික අවශ්‍යතාවන්ට ගැලපෙන සමබර ශ්‍රව්‍ය අත්දැකීමක් ලබාදීමට සුදුසු ලෙස ඉහළ තාක්ෂණයන්ගේ HUAWEI FreeBuds 4i නිමවා තිබීම ප්‍රසංසනිය කරුණකි.

Huawei FreeLace Pro යනු ඉතා දියුණු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සමඟ පැමිණෙන wireless earphone එකකි. පිටතින් එන බාහිර ශබ්ද ඇසීමට හැකිවන ලෙස පරිශීලකයන්ට ශබ්දය අවලංගු කිරීමේ ප්‍රකාරයෙන් මාරු විය හැකි awareness mode එකක්ද මෙහි අන්තර්ගත වේ. එහි මිලිමීටර් 14  dynamic driver එක නිසා තත්වයෙන් උසස් ශබ්දයක් ලබාදේ . Huawei FreeLace Pro හි magnetic design එක මඟින් පරිශීලකයින්ට දිගු බැටරි ආයු කාලයක් සඳහා earbuds සම්බන්ධ කිරීමේ තබාගැනීමේ හැකියාව ලබාදේ.

සිංගර් ප්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන්  මෙම සියලු උපාංග මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමිවේ Daraz .lk , Singer.lk මගින් online ඇණවුම් කරගැනීමේ හැකියාවද  පවතී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *