Sinhala

නවීන විශේෂාංග රැසකින් සමන්විත Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ශනයක්

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයයන් වන Huawei විසින් පසුගිය වසරේ වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ.  ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei Super-Charge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.   තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ. Mobile gaming සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර Nova 7i  ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 7i  භාවිත කරන්නන්ට ඉඩ සැලසේ.

Nova 7i හි වීදුරු වක්‍ර දාර අලංකාර නිමාවක් දුරකතනයට  එක් කර ඇති අතර පහසු පරිශීලක අත්දැකීමක් හිමි කර දීමට සමත් වී ඇත. පික්සල් 1080 x 2310 resolution සහ 83.5% screen to body ratio සමඟින් එන Huawei Nova 7i හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත. අඟල් 6.4 ක් තරම් වූ full HD  තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇත.

විශේෂාංග රැසකින් සමන්විත  Huawei Nova 7i දිවයින පුරා විසිරුණු  Huawei experience centers,  Singer ප්‍රදර්ශනාගාර සහ Daraz.lk and Singer.lk වෙතින් මිලදී ගත හැකිය. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *