Sinhala

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Cambridge University Press & Assessment විසින් සංවිධානය කරන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේදී මෙරට අධ්‍යාපන පරිසර පද්ධතියේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වු අතර සම්භාවනීය අමුත්තන්ගේ දේශන මාලාවන් හා සාකච්ඡා වට මෙන්ම ඉදිරිපත්කිරීම් ද අන්තර්ගත විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා නව දැනුම බෙදාගැනීමේ අවස්ථාව සැලසීම ද සුවිශේෂී කරුණකි.

Envisioning the Growth Map in Education,” යන තේමාව මුල් කරගනිමින් සංවිධානය කරන ලද මෙම කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව මඟින් මෙරට අධ්‍යාපනික ක්‍රමවේදයන් වර්ධනය කිරීමේ ‘Growth Map in Education’ සංකල්පය වෙත අවධානය යොමුවිය. මෙම සමුළුව හරහා දිනෙන් දින වර්ධනය වන දැනුම් පද්ධතිය ගැඹුරින් ගවේෂණය කිරීමේ අරමුණු, නිපුණත්වයෙන් පරිපුර්ණ ඉගෙනුම් ක්‍රමවේද හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම මෙන්ම දේශගුණය පිළිබඳ අධ්‍යාපනය මත පදනම් වු ප්‍රගතිශිලී සාකච්ඡා ආදීය කෙරෙහි අවධානය යොමු කරන ලදී. K12 ක්‍රමවේදය හරහා මෙරට සිසුන් වෙනුවෙන් විදේශීය අධ්‍යාපනික අවස්ථා සඳහා යොමුවීමේ මූලික පියවර වනුයේ කේම්බ්‍රිජ් සුදුසුකම බව මෙම වැඩසටහන හරහා මැනවින් සනාථ කරන ලදී.

මෙම සමුළුව අධ්‍යාපනික නවෝත්පාදන සහ සහයෝගීතාවය නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ අතර මෙරට තුළ ඵලදායී අධ්‍යාපනික අවස්ථා ඇතිකිරීම වෙනුවෙන් Cambridge University Press & Assessment හි කැපවීම මැනවින් තහවුරු කරන ලදී. මෙම වැඩසටහන හරහා සිසු සිසුවියන් වෙනුවෙන් සිය හැකියාවන්ගේ කුසලතාවන් ඉස්මතු කිරීම වෙනුවෙන් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් , පරිකල්පනයෙහි ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කරන ලදී.

දකුණු ආසියවේ Cambridge University Press & Assessment හි කළමනාකාර අධ්‍යක්ෂ අරුන් රාජමනී විසින් “Education 360 degrees – Skill-intensive education,”යන තේමාව ඔස්සේ සිය අදහස් දැක් වූ අතර මෙරට ගතික අධ්‍යාපන රටාව හා චින්තනය හා අදහස් , තික්ෂණ බුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

Cambridge University Press & Assessment හි ඉංග්‍රීසි පිළිබඳ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වාණිජ අධ්‍යක්ෂ පෝල් කොල්බට්, “English and its applicability – Setting the stage for global learners.” යන තේමා පාඨය ඔස්සේ සිය අදහස් දක්වන ලද අතර , පසුව පවත්වන ලද ප්‍රශ්නෝත්තර වැඩසටහන හරහා ගෝලීය වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ ඇති වැදගත්කම , විෂයක් ලෙස ඇති හරය පිළිබඳව අවබෝධයක් ලබාදීම සිදුවිය.

එසේම පෝල් කොල්බර්ට් හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් විසින් පවත්වන ලද “Fire-side chat” වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂාව ඵලදායී ලෙස භාවිතයට ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, නවීන අධ්‍යාපනික වපසරිය තුළ ඉංග්‍රීසි භාෂාවේ තිරණාත්මක කාර්යභාරය ගැන අවධානයට ලක්විය.

Cambridge University Press & Assessment හි විධායක උපදේශක කැටි ෂෙරට් විසින් “Climate Education in the Classroom,” යන තේමාව ඔස්සේ සිය අදහස් බෙදාගන්නා ලද අතර වර්තමානය වනවිට ලොවට බලපෑම් කරනු ලබන දේශගුණික අභියෝග සඳහා මුහුණදීමට ඉදිරි පරම්පරාව දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණින් අධ්‍යාපනික විෂය මාලාවට පාරිසරික අධ්‍යාපන විෂය ඇතුළත් කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීම සිදුවිය.

මෙහිදි සිය අදහස් බෙදාගත් Cambridge University Press & Assessment හි ඇගැයීම් අධ්‍යයන අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ මැන්ඩි හිල් “The Role and Importance of Foundational Learning.” යන මාතෘකාව ඔස්සේ අධ්‍යාපනය ලබන්නන් තුළ අධ්‍යාපනික පදනම්වල ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කරන ලදී.

එසේම මෙම වැඩසටහනේදී “Building a Holistic Education Framework.” යන තේමාව ඔස්සේ අධ්‍යාපනික සාකච්ඡාවක් ද සංවිධානය වූ අතර මුල් ළමාවිය අධ්‍යාපනය හා එහි වැදගත්කම , නිපුණතා පදනම් කරගත් විෂය මාලාවන් වෙත ගුරුවරුන් යොමුකිරීමේ වැදගත්කම වැනි විවිධ පර්යේෂණාත්මක මාතෘකා පිළිබඳව සාකච්ඡාවට බඳුන්විය. මෙම සමස්ත සැසිය පුරාවට ඵලදායී හා අර්ථවත් අදහස් හුවමාරුවීම් දක්නට ලැබිණි.

මෙම සමස්ත වැඩසටහන පුරාවට අනාගත අධ්‍යාපනික ගමනාන්තයේ දී කේම්බ්‍රිජ් සුදුසුකමේ ඇති වැදගත්කම පැහැදිලි කරන ලද අතර ඒ වෙනුවෙන් මෙරට සිසු සිසුවියන් දිරිමත්කිරීමේ වැදගත්කම පහදන ලදී. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විද්වතුන් හා පාර්ශ්වකරුවන් එකිනෙකට සම්බන්ධ කරමින් පැවැති මෙම වැඩසටහන හරහා වේගයෙන් වෙනස්වන ගෝලීය ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් කේම්බ්‍රිජ් හි කැපවීම හා ක්‍රියාකාරීත්වය මැනවින් සනාථ කරන ලදී.

Cambridge University Press & Assessment පිළිබඳව

Cambridge University Press & Assessment හරහා ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ පුද්ගලයන්ගේ හැකියා වර්ධනය කිරීමට කැපවී සිටියි. එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් හා පර්යේෂණ කෙරෙහි ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබයි. ගෝලීය වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණ හා ඉගෙනුම් ක්‍රියාවලියේ ඇති වැදගත්කම මේ හරහා සමාජගත වේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු cambridge.org හරහා මෙන්ම Facebook, Instagram, LinkedIn, Twitter, හෝ YouTube සමාජ මාධ්‍ය හරහා ද ලබාගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *