Sinhala

EVOKE විසින් මෙරට ප්‍රථම වරට SLT-MOBITEL ගෘහස්ථ දුරකථන සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දෙයි

මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

මෙම සහයෝගීතාවය හරහා පුළුල් පරාසයක විහිදුනු ගීත සහ සංගීත නාද රටා අතරින් SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) සම්බන්ධතා සඳහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සිතැඟි ගීත CALLER TUNE ලෙස යොදාගැනීමට අවස්ථාව දැන් හිමිවේ. මේ සඳහා එක් වරක් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 40+බදු හා මාසික සේවා ගාස්තු ලෙස රුපියල් 30+බදු අය වේ. 

මෙම සේවාව සියලුම SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) සම්බන්ධතා සඳහා හිමිවන අතර, 1259 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන ස්වයංක්‍රීය උපදෙස් පිළිපදිමින් පහසුවෙන් සක්‍රීය කරගත හැකිය. මෙම සේවාවේ තවත් විශේෂාංගයක් වනුයේ JUKEBOX අංගයයි . මේ හරහා මසකට රුපියල් 90+බදු අගයකට, ලැබෙන ඇමතුම් සඳහා ගීත හතරක් දක්වා ‘SHUFFLE’ ආකාරයෙන් වාදනය වේ.  

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් EVOKE INTERNATIONAL සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ලහිරු වික්‍රමසිංහ මහතා මෙලෙස පවසයි. “දේශීය පාරිභෝගිකයන් වෙතට වඩාත් උසස් රසවින්දන අත්දැකීමක් හිමිකර දීමේ අරමුණින් SLT-MOBITEL හා මෙම සුවිශේෂී හවුල්කාරීත්වය සඳහා එළඹීමට හැකිවීම අපට සතුටක්. මේ හරහා දැන් සියලුම SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ප්‍රියතම ගීත දැන් CALLER TUNE ලෙස යොදාගැනීමට හැකි වෙනවා මෙන්ම, මේ හරහා මිලියනයකට අධික දේශීය පාරිභෝගික ප්‍රජාවක් වෙත වඩාත් සුවිශේෂී රසාස්වාදන අත්දැකීමක් හිමිවනු ඇති බව අප විශ්වාස කරනවා.”

මේ පිළිබඳ අදහස් දැක්වූ SLT හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පවසා සිටියේ,  ප්‍රථම වතාවට සිය SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා CALLER TUNE සේවාවන් දියත් කිරීමට හැකිවීම අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස ඔහු දකින බවයි. මෙම සේවාව මගින් පාරිභෝගිකයන් හට මේ හරහා නව්‍ය රසාස්වාදන අත්දැකීමක් හිමිවන බවත්, හෙතෙම පවසා සිටියි.  

SLT-Mobitel CALLER TUNE සේවාව පිළිබඳ වැඩිදුර විස්තර 1259 අමතා හෝ https://slt.lk/en/telephone/vas/callertune  වෙත පිවිස ලබාගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *