Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 10 වැනි වරටත් SPARKS වැඩසටහන හරහා මෙරට තරුණ ප්‍රජාව සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම “SPARKS” 10 වැනි අදියරේ ශිෂ්‍ය තනාපතිවරුන් කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන පසුගියදා සංවිධානය කරන ලදී. මෙම ශිෂ්‍ය තානාපති කණ්ඩායම සඳහා විශ්වවිද්‍යාල 10ක් නියෝජනය කරමින් උපාධි අපේක්ෂකයින් 26 දෙනෙකු ඇතුළත් විය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ,  මෙරට විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ නායකත්ව කුසලතා මෙන්ම ආත්මාභිමානය වර්ධනය කිරීම  සහ  සිය සම වයස් කාණ්ඩවල මිතුරු මිතුරියන් අතර  ධනාත්මක බලපෑමක් නිර්මාණය කරන පුද්ගලයන් බවට පත්වීමට ඔවුන් දිරිගැන්වීමයි.මෙය ස්වේච්ඡා ශිෂ්‍ය තනාපති වැඩසටහනක් වන අතර තෝරාගත් උපාධි අපේක්ෂකයන් වසරක කාලයක් සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස පත්කරනු ලබයි. මෙම වැඩසටහන 2014 දී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් ආරම්භ කරන ලද අතර පසුව එය ලොව පුරා පිහිටි යුනිලිවර් ආයතන විසින් ද අනුමත කරන ලදී.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය. “මෙවර SPARKS වැඩසටහන වෙනුවෙන් තෝරාගත් දක්ෂ තරුණ තරුණියන් සමඟ  වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන දේශීය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා අපගේ කැපවීම පිළිබඳව හොඳම උදාහරණයක්. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ  විශ්වවිද්‍යාල අතර මනා සබඳතාවයක් නිර්මාණයකරන්නන් ලෙස මෙම වැඩසටහනට සහභාගි වන සිසුන් වසරක් පුරාවට  ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස කටයුතු කරනවා. මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට තම ආයතනයේ නායකයින් ලෙස ඔවුන් සතු ශක්තිය හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටයි. SPARKS වැඩසටහන වෙනුවෙන් උපාධි අපේක්ෂකයන් අතර ඉහළ පිළිගැනීමක් ගොඩනැගී තිබෙන අතර පසුගිය වසරවලදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සීමාවාසික පුහුණුව හා ස්ථිර භූමිකාවන් සඳහා SPARKS ශිෂ්‍ය තානාපතිවරුන්ගෙන් 55% ක් පමණ තේරී පත් වී තිබෙනවා. අඛණ්ඩව 10 වැනි වරටත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂක තරුණ තරුණියන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින් ඔවුන්  අනාගතයට සුදුසුපිරිසක් බවට පත්කිරීම වෙනුවෙන් දක්වන යුනිලිවර් ශ්‍රී ලංකා හි තිරසාර ප්‍රවේශය මැනවින් පෙන්නුම් කරනු ලබනවා.”

SPARKS වැඩසටහන වෙනුවෙන් සහභාගී වන සිසුන්ගේ සේවා නියුක්තිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ලබන අතර, ඔවුන්ට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ වෘත්තීන් වෙත පිවිසිමට ඒ හරහා අවස්ථාව උදාකර දෙනු ලැබේ. යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ සහයෝගීතා ව්‍යාපෘති හරහා මෙන්ම ස්වේච්ඡා වැඩසටහන් මඟින් උපාධි අපේක්ෂකයින්ට රැකියා නිපුණත්වය මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයන්ගේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ. එසේම යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමඟ පවතින සහයෝගීතාවය හරහා අදාළ විශ්වවිද්‍යාලයන් වෙත ව්‍යාපෘති ලබාදීමක් ද මෙහිදී සිදුවේ. කැලණිය විශ්වවිද්‍යාලය , NIBM , APIIT , කොළඹ විශ්වවිද්‍යාලය, IIT , රුහුණු විශ්වවිද්‍යාලය , NSBM, මොරටුව විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙන්ම කොතලාවල ආරක්ෂක ඇකඩමිය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල 10ක  උපාධි අපේක්ෂකයින් 26ක් මෙම SPARKS 10වැනි කණ්ඩායම නියෝජනය කරති.

කොළඹ විශ්වවිද්‍යාලයේ කාවින්දි ගුණවර්ධන මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. SPARKS වැඩසටහන යනු අපිට මිල කළ නොහැකි අවස්ථාවක්. සැබෑ වෘත්තීමය ලෝකය සමඟ ගනුදෙනු කිරීමට මනා පුහුණුවක් ලබා දෙමින් මේ ඔස්සේ පළපුරුදු කර්මාන්ත වෘත්තිකයින් සමඟ මෙන්ම  සමාන අදහස්වලින් හෙබි සිසුන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට විශ්වාසය ලබා දෙනවා. ශ්‍රම බලකායට එකතුවීමට පෙර සිටම අපේ වෘත්තීය සුදුසුකම් පුළුල් කරගැනීමට මෙය කදිම අවස්ථාවක්. මෙම වැඩසටහන වෙනුවෙන් තේරීපත්වෙමින් මගේ වෘත්තිය ජිවිතය ආරම්භයේදීම පෞද්ගලික අංශයේ සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා.

වසරක් පුරාවට පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන් කාලසීමාව තුළදී උපාධි අපේක්ෂකයින් තරුණ සංසදය වෙනුවෙන් යොමුකිරීම , කර්මාන්තශාලා හා වෙළෙඳපල වෙත සංචාරය කිරීම , අරමුණු සොයාගැනීම සහ පුද්ගල සන්නාම සංවර්ධන කිරීම ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වෙමින් අත්දැකීම් රැස් කරගනු ලබයි.  යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සේවා යෝජක සන්නාම කණ්ඩායමේ සහයෝගය සහිතව සම්පුර්ණයෙන්ම ශිෂ්‍ය තනාපතිවරුන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සමුළුවලින් එකක් ලෙස ක්‍රියාත්මක වීම මෙම SPARKS වැඩසටහන නියෝජනය කරන තරුණ සමුළුවේ සුවිශේෂිත්වයකි.

1938 වසරේ ආරම්භ කරන ලද දිවයිනේ විශාලතම සීඝ්‍ර අලෙවියක් සහිත පාරිභෝගික නිෂ්පාදන (FMCG) සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පසුගිය වසර 85ක කාලසීමාව තුළ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ගැඹුරින් මුල්බැස ගෙන ඇති අතර, සැබෑ ශ්‍රී ලාංකීක ජිවන රටාව ආරක්ෂා කරමින් එය පෝෂණය කරනු ලබයි. මෙම SPARKS ශිෂ්‍ය තානාපති වැඩසටහන ද එහි ප්‍රබල මුලපිරීමක් වන අතර, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකීක තරුණ තරුණියන් ඔවුන්ගේ අනාගතයට සුදානම් කරමින් රැකියා නියුක්තිය ඉහළ නැංවීම වෙනුවෙන්  කුසලතාවයෙන් හා හැකියාවෙන් සවිබල ගැන්වීම සිදුකරනු ලබයි. 2025 වසර වන විට ශ්‍රී ලාංකීක තරුණ තරුණියන් 100,000ක් සවිබල ගැන්වීම අරමුණු කරගත් යුනිලිවර් ශ්‍රී ලංකා හි වර්තමාන කැපවීම එයට කදිම නිදසුනකි. මෙම කැපවීම  මඟින් තරුණ තරුණියන් තුළ සංවර්ධනයට අවශ්‍ය කුසලතා හා දැනුම ධනාත්මක ලෙස වර්ධනය කිරීම යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හි මූලික අරමුණ වේ. අනාගතය ගැන අවධානය යොමුකරමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විවිධ ප්‍රමිති සකසමින් සමාජ සංවර්ධනයට දායක වන අතර, තරුණ ප්‍රජාව සවිබල ගැන්වමින් නඟාසිටුවීමේ ප්‍රධාන වගකීමක් දරනු ලබයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *