Sinhala

චින්ට් එනර්ජි විසින් දේශීය වෙළඳ පොළ වෙත නවතම ස්විච් සහ සොකට් මාදිලි හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් බලශක්ති විසඳුම් සපයන්නා වන චින්ට් එනර්ජි සමාගම සිය දේශීය නිෂ්පාදන පරාසය වෙත නවතම 2L මාදිලියේ ස්විච් සහ සොකට් හඳුන්වා දී ඇත. ලොව තුන්වන විශාලතම විදුලි කාර්මික උපකරණ සන්නාමය වන චින්ට් හි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදා හරින්නා ලෙස චින්ට් එනර්ජි ක්‍රියා කරන අතර, ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන පිළිබඳ පුළුල් දැනුමක් ඇති කර්මාන්ත විශේෂඥයින්ගෙන් සමාගම සමන්විත වේ. 

මෙම නව නිෂ්පාදන දියත් කිරීමට සහභාගී වූ  චින්ට් එනර්ජි හි කළමණාකාර අධ්‍යක්ෂ කාමිල් හුසේන් මහතා මෙසේ පවසා සිටී.”ශ්‍රී ලංකාවට මෙම නවතම නිෂ්පාදනයන් හඳුන්වා දීමට ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.  පසුගිය වසර කිහිපය තුළ අපි කර්මාන්තය තුළ ඉතා සාර්ථක වර්ධනයක් අත්කර ගත් අතරම, මෙම නවතම 2L ‘Feliz’ නිෂ්පාදන මාලාව දියත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ කර්මාන්තය තුළ අපගේ නිෂ්පාදන පරාසය  පුළුල් කරමින් අප ව්‍යාපාරිකමය වශයෙන් තවත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව. ඉහළම තත්ත්ව ප්‍රමිතීන් සහ ගුණත්ව ප්‍රමිතීන් අනුගමනය කරන ලොව ප්‍රමුඛතම චින්ට් සන්නාමයේ නිෂ්පාදන දේශීය පාරිභෝගිකයා වෙතට තිලිණ කිරීමට හැකිවීම විශාල සතුටක්.”

නවතම 2L මාදිලියේ ස්විච් සඳහා Feliz යන නාමය ලබාදී ඇත. ස්පාඤ්ඤ භාෂාවෙන් “Feliz” යන නමේ තේරුම “සතුට” යන්නයි. සම්ප්‍රදායික ස්විච් සහ සොකට් වර්ගයන්හි ඒකාකාරී බව බිඳ දමමින් නිර්මාණය කෙරුණු 2L මාදිලියේ ස්විච් සඳහා දැඩි දේශීය පාරිභෝගික ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බව නිසැකයි.  නවීනතම තාක්ෂනය හා ගුණත්වයෙන් ඉහළම අමුද්‍රව්‍ය එකිනෙක මුසු කරමින්, නිෂ්පාදන කෙරුණු 2L මාදිලියේ ස්විච් අති නවීන රාමු රහිත මෝස්තරය සමඟින් පැමිණේ. තවද, 2L මාදිලියේ නිෂ්පාදන සඳහා ලයිෆ්ටයිම් වගකීම් කාලයක් සමඟ පැමිණේ. 

මෙම නව 2L ශ්‍රේණියේ නිෂ්පාදන, ගෘහස්ථ ඉල්ලුමට සරිලන මොඩියුලර් ස්විච් සහ සොකට් සම්පූර්ණ පරාසයක් පිරිනමන අතර එය දිවයින පුරා සියලුම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් මිලදී ගත හැකිය. තවද, හැව්ලොක් පාර, කොළඹ 05 ලිපිනයේ පිහිටි චින්ට් හි ෆ්ලැග්ෂිප් ස්ටෝර් වෙතින්ද, සියලුම චින්ට් නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

මේ පිළිබඳ අදහස් දක්වමින් චින්ට් එනර්ජි හි ජාතික විකුණුම් කළමනාකරු චන්දන ගුණසේන මහතා මෙලෙස පවසා සිටියි. “අප සන්නාමය සහ අපගේ නිෂ්පාදන කෙරෙහි අපගේ වටිනා බෙදාහරින්නන් ඇතුලු අලෙවි නියෝජිතයන් තබන විශ්වාසය අප බෙහෙවින් අගය කර සිටිනවා. දේශීය පාරිභෝගිකයා වෙතට හොඳම නිෂ්පාදන ළඟා කරලීම සඳහා ඔවුන් ගන්න අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.  චීනයේ චින්ට් ග්ලෝබල් හා එක්ව, ශ්‍රී ලංකාවට ඉහළම තත්ත්වයේ නිෂ්පාදන ලබාදීමට හැකිවීම අපට ගෞරවයක්.” 

“මෙම නවතම හඳුන්වා දීම තුලින්, ශ්‍රී ලංකාවේ ස්විච් සහ සොකට් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වෙනසක් සිදුකළ බව අපට කියන්න පුළුවන්. ඒ වගේම මෙම නවතම නිෂ්පාදන මෙම කර්මාන්තයේ අනාගතය වගේම වෙළඳ පොළ තුළ මීළඟ ප්‍රවණතාවය වනු ඇති බව අපට විශ්වාසයි.  චින්ට් එනර්ජි හි ක්ෂේත්‍ර විකුණුම් කළමනාකරු මහින්ද ඒකනායක මහතා පවසා සිටියි. 

දේශීය පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වයන් උසස් කළ හැකි උසස් ප්‍රමිතිගත විදුලි නිෂ්පාදන බෙදාහරින ප්‍රමුඛ පෙලේ සමාගමක් වන චින්ට් එනර්ජි, ඔවුන්ගේ නිෂ්පාදන තුළ වූ ඉහළ ගුණත්වය හේතුවෙන් ගෝලීය පැසසුමට ලක්ව ඇත. මෙම වසරේ පැවැත්වුණු චින්ට් සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය සම්මානය චින්ට් එනර්ජි වෙත හිමි වීම මෙහිදී සුවිශේෂී වේ. වසර 12ක සාර්ථක ව්‍යාපාර ගමනක් චින්ට් විසින් දේශීය වෙළඳ පොළ තුළ ගමන් කර ඇති මෙන්ම, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වර්තමානයේ දැඩි ඉල්ලුමක්ද පවතී. 

චින්ට් එනර්ජි කාර්යක්ෂම බලශක්ති කළමනාකරණ පද්ධති, විදුලි උපකරණ සහ විසඳුම් සඳහා සුරක්ෂිත සහ විශ්වසනීය බෙදාහරින්නෙකු ලෙස නම් දරා ඇත. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *