Sinhala

ස්වදේශී කර්මාන්තායතනය විසින් සතොස කොහොඹ සබන් බෙදා හැරීමට/අලෙවි කිරීමට හා නිෂ්පාදනයට එරෙහිව ලංකා සතොස සහ රීබෝන් ලංකා සමාගමට එරෙහිව බුද්ධිමය දේපළ හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දෙවන වරටත් වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක අධික කාලයක් ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින්   දෙවෙනි වරටත් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීම/අලෙවි කිරීමට‍ එරෙහිව වාරණ නියෝග කිහිපයක් ලබා ගෙන තිබේ. 2021 දෙසැම්බර් මස 15 වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් මහතා විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි.

ස්වදේශී කොහොඹ සන්නාමයේ ලියාපදිංචි වෙළඳ ලකුණු උල්ලංඝනය කරමින් සතොස කොහොඹ ඇසුරුම් කිරීම හා සන්නාම කිරීමත්, ලංකා සතොස හා රීබෝන් ලංකා විසින් නිෂ්පාදනය, අලෙවි කිරීම සහ විකිණීමත් මගින් ලංකා සතොස සහ රීබොන් ලංකා යන ආයතනවලට එරෙහිව අසාධාරණ තරගකාරී නීතිය පදනම් කර ගනිමින් ස්වදේශී සමාගම විසින් එම නීතිමය පියවර ගන්නා ලදී.

ස්වදේශී වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණු උපදෙස් පිළිබද සළකා බලා ස්වදේශී හි පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදනය වන “ස්වදේශී කොහොඹ” සන්නාමයට සමාන වන අයුරින් කිසිදු ආකාරයක නිෂ්පාදනයක්, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සිදු කිරීම වැළැක්වීමට රීබෝන් ලංකා සහ ලංකා සතොසට කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි.

ස්වදේශී කොහොඹ ලියාපදිංචි වෙළඳ ලකුණක් මෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි නිෂ්පාදනයකි. වසර 80ක් පුරා ශ්‍රී ලාංකේය ජනයාගේ හද දිනූ සන්නාමය වන ස්වදේශී කොහොඹ හි අඩංගු ස්වභාවික කොහොඹ තෙල් ස්වභාවික ආයුර්වේදීය සත්කාරයක් ලෙස පාරම්පරිකව විශ්වාසයේ පැවත එන්නකි. සමේ ස්වභාවික සුන්දරත්වය ඔප් නංවන්නට, විෂබීජවලින් ස්වභාවිකව ආරක්ෂා කර, සම පිරිසිදුව සහ මෘදුව පවත්වා ගැනීමට ස්වදේශී කොහොඹ උපකාර කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.  ස්වදේශී කොහොඹ එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට ද පාත්‍ර වී ඇත. ස්වදේශී කොහොඹ නිෂ්පාදන පෙළ අතර ශාකසාර සබන්, ශාකසාර ට්‍රාන්ස්පේරන්ට් සබන්, ශාකසාර ළදරු නිෂ්පාදන පෙළ, ශාකසාර ශැම්පූ, ශාකසාර බොඩි වොෂ්, ශාකසාර හෑන්ඩ්වොෂ්,ශාකසාර දෑත් සනීපාරක්ෂණ දියර, ශාකසාර පුයර යන නිෂ්පාදන අයත් වෙයි.

සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු ශ්‍රී ලාංකේය පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය ද ස්වදේශී වේ.1941 වසරේ ස්ථාපිත ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ ශාකසාර නිෂ්පාදන සහ පෞද්ගලික සනීපාරක්ෂක සත්කාර ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා මෙන් ම ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලද සමාගමකි. ස්වදේශී වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ආදරය හා විශ්වාසය දිනූ ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි යන ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධය. අසූ වසරක ඉතිහාසයක් ඇති ස්වදේශී විශිෂ්ටත්වයේ විශ්වසනීය පිටුබලය සමගින් ගෝලීය වෙළඳ පොළට පිවිසෙමින් සිටියි.

ස්වදෙශී කර්මාන්තායතනය වෙනුවෙන් නීතීඥයින් වන ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා මහතා, ශානක කුරේ මහතා සහ වසන්තකුමාර් නයිල්ස් මහතා පෙනී සිටි අතර  D. L & F De Saram නීතීඥ සහ නොතාරිස් උපදේශ ලබා දෙන ලදි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *