Sinhala

DIMO CERTIFIED වෙතින් රථ වාහන හිමියන්ට නව අපේක්ෂාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් ලියාපදිංචි සුඛෝපභෝගී යුරෝපීය රථවාහන ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත.

2019 දී DIMO CERTIFIED නැවත දියත් කිරීමත් සමග DIMO සමාගම විසින් පසුගිය වසර 10 තුළ ලියා පදිංචි කර ඇති තෝරාගත් සහ හොඳින් නඩත්තු කරන ලද සුඛෝපභෝගී Mercedes-Benz සහ Jeep හි විවිධ මාදිලි මෙන්ම වෙනත් යුරෝපීය සුඛෝපභෝගී වාහන එකම වහලක් යටින් මිලදී ගැනීමට  අවස්ථාව සලසා දේ.

DIMO වසර 80 ක ඉතිහාසයක් සමඟින් මෝටර් රථ ක්ෂේත්‍රය තුළ අසමසම  විශ්වසනීයත්වයක් ගොඩ නගා ගෙන තිබේ. DIMO CERTIFIED විසින් තෝරා ගන්නා ලද සියලුම වාහන මෙරටට ආනයනය කළ දිනයේ සිට කරන ලද නඩත්තු සේවා  සමඟින් නිරවද්‍ය සැතපුම්  ගණනක් සහතික කෙරේ. DIMO CERTIFIED වෙතින් මිලදී ගන්නා වාහන නැවත විකිණීම සඳහා මිලදී ගන්නා අවස්ථාවේදී සිදු කරන ලද සවිස්තරාත්මක පරීක්‍ෂාවන් හේතුවෙන් ඉහළ නැවත විකුණුම් වටිනාකමක් සහතික කරයි. නව ගැණුම්කරුවන් අනාගතයේ යම් අවස්ථාවක DIMO CERTIFIED සහතික කළ වාහනය විකුණන්නේ නම් ආපසු මිලදී ගැනීමේ පහසුකම ද DIMO විසින් පිරිනමයි.

රථ වාහන ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන කිහිපයකින් අඩුම පොලී අනුපාතිකය සහිත ආකර්ශනීය ගෙවීම් පහසුකම්   ලබා ගත හැකි අතර එහිදී ඔවුන්ට 30% ක මූලික ගෙවීමක් මගින් ඔවුන්ගේ නව සුඛෝපභෝගී යුරෝපීය වාහනය තමන් සතු කර ගත හැකිය. ලීසිං කාලසීමාව අවසන් වීමට පෙර ගැනුම්කරුවන් වෙනත් වාහනයක් මිලදී   ගැනීමට තීරණය කරන්නේ නම්, DIMO විසින් ඉතිරි ගෙවීම වහා පියවා   ඔවුන් කැමති වෙනත් වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාවද සලසනු ලබයි.

DIMO CERTIFIED හි සාමාන්‍යාධිකාරී තරංග ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේය  “අපගේ pre-owned රථ වාහන අංශය වන ‘DIMO CERTIFIED’ නව තලයකට සාර්ථකව ඔසවා තැබීමට අපට හැකියාව ලැබිලා තියෙනවා.Mercedes-Benz, Jeep හෝ වෙනත් සුඛෝපභෝගී යුරෝපීය වාහනයක් හිමිකර ගැනීමේ  අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට නම් ගණුදෙනුකරුවන් යායුතුම තැන DIMO  CERTIFIED වන්නේ උසස් සේවාවක් ලබා දෙන බවට වූ ඉහල සහතිකය නිසාය.”

DIMO CERTIFIED වෙතින් ලබා ගත හැකි සියලුම වාහන විශේෂ දීමනා පිළිබද වැඩි විස්තර www.carsatdimo.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.වෙබ් අඩවියේ සදහන් කර ඇති ඕනෑම නිෂ්පාදනයක් හෝ දීමනාවක් ගැන 0771449797 යන මෙම WhatsApp අංකය මගින් පාරිභෝගිකයින්ට සෘජුවම විකුණුම් උපදේශකයෙකු සම්බන්ධ කර වැඩි දුර විස්තර ලබා ගත හැක.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *