Sinhala

Toyota Lanka නවතම සේවා මධ්‍යස්ථානය අනුරාධපුර නගරයේ ස්ථාපිත කරයි.

Toyota Lanka (Pvt) Ltd, යනු ජපානයේ Toyota Group මෝටර් රථ සමාගමේ ශ්‍රි ලංකාවේ බලයත් අලෙවි සමාගම වන අතර ජපානයේ Toyota Tsusho Corporation (TTC) හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් ද වේ. ටොයොටා රථවාහන වලට අදාළ  සියලුම සේවාවන් එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් Toyota Lanka නවතම  සේවා මධ්‍යස්ථානය පසුගියදා අනුරාධපුරයේ  ස්ථාපිත කරනු ලැබීය.  මෙම අවස්ථාවට Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සහ Toyota Lanka හි නිලධාරීන් ද එක්ව සිටි අතර Toyota Lanka හි  සභාපති  Sachio Yotsukura විසින්  මෙම  අනුරාධපුර  Toyota Lanka  ශාඛාව විවෘත කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා මෙසේ  පැවසුවේය. “Toyota Lanka දශක ගණනාවක් පටන් ශ්‍රී ලංකාවේ රථ වාහන ක්ෂේත්‍රය තුළ ඉහළ  විශ්වාසයක් ගොඩනගා ගෙන තියෙනවා. මේ විශ්වාසය තවත් වැඩි කරමින් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින් අපගේ සේවා පරාසය පුළුල් කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඒවගේම වත්තල Toyota Lanka ප්‍රධාන කාර්යාලයේදී ඔබ අත්විඳින ගුණාත්මක භාවය සහ අද්විතීය සේවාව සමඟින් අපගේ නව ස්ථානයේදී ද මෙවැනි ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි සුදානමින් සිටිනවා.”

2010 දී Toyota Lanka සමාගම සිය අමතර කොටස් ශාඛාව අනුරාධපුර නගරයේ විවෘත කළ අතර   මෙම වසරේදී  හදුන්වාදුන් නවීන සේවා මධ්‍යස්ථානය සමගින්  ගණුදෙනුකරුවන්ට  වගකීමක් සහිතව Toyota  රථ වාහන සේවාවන්, අලුත්වැඩියා ඇතුළු වාහන බඳ පින්තාරු   සේවාවන් එක වහලක් යටදී   ලබා දේ.

Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.“ශ්‍රී ලංකාවේ උතුරු-මැද පළාත විශේෂයෙන් සංචාරක හා කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා.අපගේ ගනුදෙනුකරුවන්ට කාලයත් ,ශ්‍රමයත්,මුදල් ඉතිරි කර කොළඹට නොපැමිණ ඔවුන්ගේ  නගරයේදීම Toyota Lanka වෙතින් මෙම සේවාවන් ලබා  ගන්න පුළුවන්”

තවද Toyota Lanka නව සේවා මධ්‍යස්ථානය මගින් අදාළ ප්‍රදේශයේ ජනතාවට නව රැකියා අවස්ථා, පුහුණු අවස්ථා සහ තරුණ තරුණියන්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට ද   අවස්ථාව ලබා දෙනු  ඇත.

අනුරාධපුරයේ Toyota Lanka   ශාඛාව  අති නවීන උපකරණවලින් සමන්විත වන අතර  Toyota පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ලබා දීම සඳහා Toyota ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ සංවර්ධනය කර තිබීමද විශේෂත්වයකි. මෙම පහසුකම Toyota විසින් තිරසාර ව්‍යාපාරික මෙහෙයුම්  දැක්ම සමඟින්  පරිසර හිතකාමී මාර්ගෝපදේශ  යටතේ ඉදිකර ඇත. එමෙන්ම Toyota පුහුණු සේවා ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් ගේ  සේවා සැපයීමේ ගුණාත්මක බව සමගින් වාහන බඳ පින්තාරු කිරීමේදී  ඉක්මනින් වියළීම සඳහා අධෝරක්ත හීටර්,උසස් වෙල්ඩින් යන්ත්‍ර සහ Toyota වාහනවල වැඩ කිරීමට විශේෂයෙන් ආනයනය කරන ලද තීන්ත පද්ධති වලින් සමන්විත වීම විශේෂත්වයකි.

දැන් Toyota Lanka කොළඹ පමණක් නොව දිවයින පුරා සියලුම ප්‍රධාන නගරවල සිය පැවැත්ම තහවුරු කර ඇති අතර, වත්තල, මහරගම, රත්මලාන, මීගමුව, හයිඩ්පාක් කෝනර්, රත්නපුර,මහනුවර, මාතර, අම්පාර සහ අනුරාධපුර යන ප්‍රදේශයන්හි  පිහිටි Toyota Lanka සේවා මධ්‍යස්ථාන හරහා  අලෙවියෙන් පසු සේවාවන් ලබා ගැනීමේ  පහසුවද  සලසා දෙයි.

වැඩි විස්තර දැනගැනීම සඳහා අනුරාධපුර නුවර පාර, මාතලේ හන්දියේ ඇති නවතම සේවා මධ්‍යස්ථානයට පිවිසිය හැකිය. නැතහොත් 025 2 226 750 අමතන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *