Sinhala

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කෝවිඩ් – 19 හමුවේ සිය සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව සිදු කරයි

තිස්සමහාරාමය, සූරියවැව, රඹුක්කන, වැලිකන්ද, අරලගංවිල, කන්දකාඩු සහ කළුතර යන ප්‍රදේශවල​ අවශ්‍යතා ඇති පිරිස් හදුනා ගනිමින් 1200කට වැඩි පිරිසකට පහසුකම් සලසයි.

2020 වසරේ උදාවත් සමඟ  කෝවිඩ් – 19 වසංගතය ශ්‍රී ලාංකික ප්‍රජාවට දැඩි ලෙස බලපෑම් කිරීමට පටන් ගන්නා ලදි. මේ සමගම​ මෙරට ප්‍රජාවට කෝවිඩ් වසංගතයේ බලපෑම්වලට තනිවම මුහුණ දිය නොහැකි බවත්, මෙම අභියෝගය ජය ගැනීම සඳහා අනුග්‍රාහකයන්ගේ සහාය අවශ්‍ය බවත් පැහැදිලි විය. මෙම අවබෝධය සමඟින්, කෝවිඩ් – 19න් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහාය වීමට පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වූවන් බවට පත් වෙමින්  ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින්  බහුවිධ සහයෝගී වැඩසටහන් දියත් කරන ලදි.

කෝවිඩ් ආසාදනය වූ ප්‍රජාවන්ට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය සහය සමාගම විසින් ක්ෂණිකව සහ ස්ථාවරව සම්පාදනය කරන ලදි. සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානවලට  අවශ්‍ය  අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන සහ වඩාත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයන් තුළ අන්තර්ගත විය. වසංගත කාලය පුරාවට සමාජ-ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙන පවුල් සඳහා අඛණ්ඩ ප්‍රජා සහයෝගය හේමාස් සමාගම විසින් ලබා දී ඇති අතර පසුගිය කාලය තුළ තිස්සමහාරාම සහ සූරියවැව ප්‍රදේශවල පීඩාවට පත් වූ පවුල් 200කට අධික සංඛ්‍යාවකට ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් ප්‍රජා සත්කාරයන් සලසන ලදි.

කෝවිඩ් හැරුණු විට ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ව්‍යසනකාරී ස්වභාවික විපත්වලින් ද පීඩාවට පත් විය. රඹුක්කන ප්‍රදේශයේ නාය යෑමෙන් ආපදාවට ලක්වු නිවාස 240කට  හේමාස් ආයතනය සහය වූ අතර, ආපදාවට ලක්වූවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද සිදු කරන ලදී.

ව්‍යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆාලී “අන් කවරදාටත් වඩා වර්තමානයේ දී සමාජ – ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට ශ්‍රී ලාංකේය ජනතාව එකිනෙකා හට සහය දැක්විය යුතුයි. මෙම අභියෝගයන් පවුලේ යහපැවැත්ම වෙත ද සැළකිය යුතු පීඩනයක් එල්ල කර තිබෙනවා. හේමාස් හි අපට, අපේ ප්‍රජාවගේ යහපැවැත්ම ඉතා වැදගත් මෙන්ම අවදානමට ලක් විය හැකි පවුල්වල අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ දී අපි එයට වැඩි අවධානමක් ලබා දුන්නා. වසංගතය ආරම්භයේ පටන් සමස්ත හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කණ්ඩායමම, අවශ්‍යතාවන් ඇති ප්‍රජාවට සහය වීම වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය ලබා දුන්නා, අප මෙම කර්තව්‍ය ඉදිරි මාසවලදීත් අඛණ්ඩව සිදු කරනවා.” යනුවෙන් සිය අදහස් ප්‍රකාශ කර සිටියාය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් සමාන අදහස් ඇති ස්වේච්ඡා සංවිධානවල ඉල්ලීම මත, පරිත්‍යාග වැඩසටහන්වලට සහාය වූ අතර කළුතර, අරපලකන්ද ප්‍රදේශයේ කෝවිඩ් -19 වසංගතයෙන් විපතට පත් පවුල්වලට සහ නිවෙස්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, වියළි  ආහාර බෙදා දෙන ලදි. වැලිකන්ද, අරලගංවිල සහ කන්දකාඩු ප්‍රදේශවල ගැබිණි මව්වරුන් වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික සනීපාරක්ෂණ, ළදරැ සනීපාරක්ෂණ සහ වියළි ආහාර පරිත්‍යාගයන් ද සිදු කරන ලදි. සමාගමේ පරිත්‍යාගශීලී ප්‍රයත්නය අඛණ්ඩව පවත්වාගෙන යමින්, රජයේ  පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන් දෙකකටද මහනුවරදී, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයකින් සහය විය.

දුෂ්කර කාලයන් හි දී, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙත සිය සහය ලබා දීමට දැඩිව ඇප කැප වී සිටියි.

Hemas Consumer Brands පිළිබඳව

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු  සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Photo Caption

තිස්සමහාරාමයේ පවුල් සඳහා ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *