Sinhala

ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ අංක 1 ළදරු සත්කාර සන්නාමය බේබි ෂෙරමි සිය 60 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්‍රමුඛතම සන්නාමයක් මෙන් ම, මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වන සංවත්සරය පසුගිය දා සමරන ලදි. දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්‍රී ලාංකේය ළදරු සත්කාරක නිෂ්පාදන වෙළෙඳපොළ තුළ  අංක 1 ස්ථානය අඛණ්ඩව රැක ගැනීමට සමත් වී ඇති අතර, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කිරීම ද සිදු කරයි.

Hemas මැනුෆැක්චරින් සමාගම  1962 වසරේ දී මුලින් ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. එම සන්නාමය වෙතින් ගෙන ආ සුවඳ  මෘදු, ආදරණීය මෙන් ම විශ්වසනීය හැඟීම නිසා ම අද පවා බොහෝ ශ්‍රී ලාංකේය දෙමාපියන් තුළ එම සුවඳ කෙරෙහි දැඩි ආකර්ෂණීය බවක් දක්නට ලැබේ. බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ  බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්‍රීම් සහ ලෝෂන්,  ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇති අතර, එම නිෂ්පාදන සියල්ලක් ම ගුණාත්මක හා ආරක්ෂිත අමුද්‍රව්‍ය යොදා ගනිමින්, සංවේදී ළදරු සමට හිතකර අයුරින් ම නිපදවයි. එමෙන් ම දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව බේබි ෂෙරමි විසින් මෑතක දී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් ‘ස්වාභාවික අමුද්‍රව්‍ය’ යොදා නිෂ්පාදනය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.

Hemas Holdings සමූහයේ වත්මන් සභාපති හුසේන් එසුෆලි මහතා 1982 වසරේ දී මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර, බේබි ෂෙරමි සන්නාමයේ ස්වභාවය මනා ලෙස හඳුනාගත් එතුමා, සන්නාමයේ මෙන් ම නිෂ්පාදනවල ද ගුණාත්මක බව වර්ධනය කරමින්,  විශ්වසනීයත්වයෙන් ඉහළ ළදරු සත්කාරක සන්නාමයක් නිර්මාණය කිරීම සඳහා කැප විය. මෙම ව්‍යාපාරික පවුලේ හතරවන පරම්පරාවේ ප්‍රමුඛ සාමාජිකාවක වන Hemas මැනුෆැක්චරින් සමාගමෙ හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය වර්තමාන පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබා දීම සඳහා නිෂ්පාදනවල සංවර්ධන හා නවෝත්පාදන අංශය වෙත දැඩි අවධානයක් යොමු කරයි.

බේබි ෂෙරමි සන්නාමයේ ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් Hemas Holdings PLC සමාගමේ සභාපති හුසේන් එසුෆලි මහතා පැවසුවේ, “ආදරය සහ විශ්වාසය වටා ගොඩ නැගුණු උරුමයන් සමඟින් බේබි ෂෙරමි  60වන සංවත්සරය අපි සමරන්නේ මහත් ආඩම්බරයෙන්. ළදරු වියේදී මව්වරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ සුව පහසුව සැලසීම වෙනුවෙන්  උපකාර කිරීමේ දැක්මකින් යුතුව අපගේ ගමන ආරම්භ වුනා. අද අපි ආපසු හැරී බලන විට, ඔවුන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමෙන් පමණක් නොව, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකේය මව්වරුන් දැනුවත් කිරීම සඳහා අපගේ සන්නාමය ලබා දී තිබෙන දායකත්වය තුළින් අපගේ අරමුණ සැබෑවක් බවට පත්ව  තිබීම ගැන මම ආඩම්බර වෙනවා. වසර ගණනාවක් පුරා මව්වරුන්ගේ විශ්වාසය සහ හොඳ හිත දිනා ගනිමින් අපගේ නිෂ්පාදනවල ආරක්ෂාව සහ තත්ත්ව ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා සන්නාමය අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කර තිබෙනවා. යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas මැනුෆැක්චරින් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය, “බේබි ෂෙරමි සන්නාමය ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක  දෙමාපියන්ගේ ආදරයේ සංකේතයක්. දිනෙන් දින වර්ධනය වන අපගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය,  පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා අප තුළ පවතින ශක්තිය පෙන්නුම් කරනවා. අපි බේබි ෂෙරමි  සන්නාමයේ මීළඟ පියවර දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේ ම බේබි ෂෙරමි  මේ රටේ දෙමාපියන් සමඟ ශක්තිමත්ව බැඳෙමින් ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් ගොඩ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළාය.

සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීම හා උපාය මාර්ග සැකසීම සම්බන්ධව කීර්තිමත් සමීක්ෂණ ආයතනයක් වන Brand Finance Lanka විසින් නිකුත් කරන ලද LMD හි 2020 හා 2021 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීම මගින් බේබි ෂෙරමි සන්නාමය අඛණ්ඩව වසර 2ක් මෙරට ළදරු සත්කාර නිෂ්පාදන අංශයේ වඩාත් ම ආදරය දිනූ සන්නාමය ලෙස නම් කෙරුණු අතර, එමගින් බේබි ෂෙරමි  සන්නාමයේ විශිෂ්ටත්වය මනාව තහවුරු වෙයි.

රටේ වග කිව යුතු ආයතනයක් ලෙස හේමාස් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මග සැලසීම සඳහා රටේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින්නේ, සෑම පවුලකටම වඩා හොඳ හෙටක් ලැබිය යුතු බව අප විශ්වාස කරන බැවිනි. බේබි ෂෙරමි  විසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන නිලධාරීන්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, වෛද්‍යවරුන් සහ ළමා රෝග විශේෂඥයින් වැනි  පාර්ශ්වකරුවන් සමඟ එක්ව වසර 10 කට වැඩි කාලයක් පුරා මාතෘ සායන 300 කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති අතර, එම සෑම වැඩසටහනකට ම ගැබිණි මව්වරුන් 450කට අධික පිරිසක් සහභාගි ව ඇත.

සාම්ප්‍රදායික සමාජ වපසරිය වෙනස් කිරීම අරමුණු කරමින් දෙමාපියන් දෙදෙනාම තම දරුපැටියා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව බේබි ෂෙරමි රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි.

විශ්වාසය, පිවිතුරු ආදරය සහ මෘදු බව යන සංකල්පයන් පෙරදැරි කර ගනිමින්, ආරක්ෂිත මෙන් ම  ගුණාත්මක බවින් ඉහළ  නිෂ්පාදන පෙළක් ගෙන එන බේබි ෂෙරමි සිය දශක 6ක විශිෂ්ටත්වය සමරන්නේ සාර්ථකත්වයේ මිළඟ ක්‍රියාන්විතය වෙනුවෙන් අති සාර්ථක  සැලසුම් කිහිපයක් ද සමඟිනි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *