Sinhala

LMD හි වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී 2024 වර්ෂයේ ‘වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය’ ලෙස හොන්ඩාකිරුළු පළඳයි.

ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා  ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින් දිනාගත් පාරිභෝගික විශ්වාසය අවධාරණය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ වුවද, හොන්ඩා  සමාගම ඔවුන් සතු ඔරොත්තු දීමේ හැකියාව, ශක්තිය සහ දියුණු වීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කරයි. මෙම ජයග්‍රහණය හොන්ඩා සමාගමෙහි  විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම සහ සිය පාරිභෝගිකයන් සඳහා සපයන අසමසම සේවාව පිළිබඳ සැබෑ සාක්ෂියක් සපයයි. ස්ටැෆර්ඩ් මෝටර්ස්, දේශීය වෙළෙඳපොළ තුළ හොන්ඩා සමාගමෙහි මෙම තත්ත්වය පවත්වා ගැනීමට විශාල මෙහෙවරක් සිදු කරයි. පසුගිය වසර 4 අතිශය අභියෝගාත්මක කාලසීමාවක් වුවද, සමාගම විසින් උසස් තත්ත්වයේ අලෙවියෙන් පසු සේවාවක් අඛණ්ඩව තම පාරිභෝගිකයන්ට සැපයීමෙන්, ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි හොඳම රැකවරණය සහ සහාය ලැබෙන බව සහතික කර ඇත.

ස්ටැෆර්ඩ් මෝටර්ස්, මෑත කාලීනව පැවති අභියෝගාත්මක කාලසීමාවන් මධ්‍යයේ වුවද දිවයින පුරා ව්‍යාජ නොවන, උසස් තත්වයේ හොන්ඩා අමතර කොටස් තම පාරිභෝගිකයන් හට ලබා ගැනීම සහතික කිරීමට අද්විතීය උත්සහයක් දරා ඇත. හොන්ඩා සමාගමේ යතුරුපැදිවල ක්‍රියාකාරීත්වය සහ කල්පැවැත්ම පවත්වා ගැනීම උදෙසා, ව්‍යාජ නොවන අමතර උපාංග සැපයීම සඳහා, සමාගමේ කැපවීම කැපීපෙනෙන අතර පාරිභෝගිකයින්ගේ විශ්වාසය සහ පක්ෂපාතිත්වය මෙමඟින් තවදුරටත් වර්ධනය කරයි.

මීට අමතරව, ආනයන සීමා කිරීම නිසාවෙන් එල්ල වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හොන්ඩා සමාගම විසින් පුරෝගාමී ප්‍රවේශයක් හඳුන්වා දෙන ලදී. ඉතාම හොඳ තත්වයේ පවතින, රීකන්ඩිශන් කරන ලද හොන්ඩා ස්කූටර වෙළඳපළට හඳුන්වා දීමෙන් හොන්ඩා සමාගමේ පාරිභෝගිකයන් හට පැකිලීමකින් තොරව උපරිම විශ්වාසයකින් යුතුව ස්කූටර්  මිලදී ගැනීමට හැකියාව ලැබුණි. මෙම මුලපිරීම පාරිභෝගික ගැටළු සඳහා විසඳුමක්   පමණක් නොව, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා  හොන්ඩා  සමාගමෙහි කැපවීම ද මනාව පෙන්නුම් කරයි.

ස්ටැෆර්ඩ් මෝටර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කාලිංග කළුපෙරුම මහතා ජයග්‍රහණය පිළිබඳව මෙලෙස අදහස් පළ කළේය. “පසුගිය සිව් වසර තුළ පැවති අභියෝගාත්මක ව්‍යාපාරික තත්ත්වයන් නොතකා, සියලුම හොන්ඩා පාරිභෝගිකයින්ට අලෙවියෙන් පසු සුවිශේෂී සේවාවක් ලබාදීමට අපි දැඩි කැපවීමකින් කටයුතු කරා  මීට අමතරව, අපි පාරිභෝගිකයින්ට හොන්ඩා රීකන්ඩිශන් යතුරුපැදි හඳුන්වා දුන්නා. අපගේ කාර්ය මණ්ඩලය සහ අලෙවිකරුවන්ගේ පුහුණු සැසි සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමෙන්, ඉහළ අලෙවියෙන් පසු සේවාවක්  ලබා දීමට අප ප්‍රමුඛත්වය දී කටයුතු කරා. අපගේ පාරිභෝගිකයන් මෙම ගෞරවනීය කිරුළ අපට පිරිනැමීම තුලින් අපගේ මෙම උත්සාහයන් ඔවුන්  හඳුනාගෙන ඇතැයි අපි විශ්වාස කරනවා.”

LMD සඟරාව විසින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය යතුරුපැදි සන්නාමය ලෙස හොන්ඩා හඳුනා ගැනීම අපගේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වන අතර එය සමාගමේ වෙළඳපල නායකත්වය සහ පාරිභෝගිකයින් සඳහා වූ නොසැලෙන කැපවීම ඉස්මතු කරයි. ස්ටැෆර්ඩ් මෝටර්ස් හි සුවිශේෂී සේවාව සහ නව විසඳුම් මෙම සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඉවහල් වූ අතර, හොන්ඩා සමාගමේ අඛණ්ඩ දියුණුව සහ රට පුරා යතුරුපැදි ලෝලීන්ගේ ප්‍රියතම තේරීම බවට පත්ව තිබීම මෙමඟින් තවදුරටත් සහතික කරයි. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *